සිත ගත රිදවන හන්දිපත් රුදාව

ඔක්තෝබර් 27, 2023

හන්දිපත් වේදනාව, හන්දිපත් කැක්කුම හෙවත් හන්දිපත් රුදාව බොහෝ විට වයසට යෑමත් සමඟ ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස බොහෝ දෙනකු සැලකුවත් එය බාල, තරුණ, මහලු කොයි කාටත් එකසේ පීඩා ගෙන දෙන රෝගයක් බවට පත්ව ඇත. මෙම රෝගී තත්ත්වයේදී ඉවසා සිටිය නො හැකි තරමේ වේදනාවක්, කැක්කුමක් ගෙන දෙන්නේ දණහිස්, උකුල්ඇට, වළලුකර, වැළමිට සන්ධි, ඇඟිලි පුරුක් හා සන්ධි ඉදිමීමෙනි.

 

තමන්ගේ එදිනෙදා කටයුතුවල බාධා ඇතිවන සමහර අවස්ථාවලදී එක්තැන්ව නොසිට වේදනාව උසුලාගන්න බැරිවී එහාට මෙහාට යමින් හා දිගා වෙමින් ගත කරන හන්දිපත් කැක්කුම යම් තෙලක් ආලේපයක් ගා යම්කිසි සහනයක් ලබා ගත්තත් එය නැවත නැවත ඇති වීම වළක්වා ගැනීමට නම් ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාරවලටම යොමු විය යුතුය.

හන්දි ඉදිමීම නිසා බොහෝදෙනා පීඩාවට පත්වන්නේ උදෑසන කාලයේදීය. එහෙත් ටික වේලාවකින් එම තත්වය අඩුවී සාමාන්‍ය තත්ත්වයට පත්වේ. වරින්වර හටගන්නා දනිස් ඉදිමුමක් යම් යම් ප්‍රතිකාර මඟින් සුවයක් පෙන්නුවත් එය ද වරින්වර හට ගනී. වයස අවුරුදු හතළිහට වැඩි අය මේ නිසා බෙහෙවින් වේදනාවට පත්ව කනස්සල්ලෙන් පසුවෙති. හන්දි කැක්කුම, බෙහෙවින්ම වේදනාකාරී වන්නේ ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා සිටීමෙනුයි. හන්දි කැක්කුමේදි අනෙකුත් සන්ධිවලට වඩා වැදගත් කාර්යයක් ඉටුකරනු ලබන්නේ දණහිස් සන්ධියයි. එනම් ශරීරයේ ක්‍රියාකාරීත්වයත් ඇවිදීමේදීත් බර ඉසිලීමේදිත් වාඩිවී සිට නැගිටීමේදීත් ශරීරය නැමීමේදීත් වගේම සම්පූර්ණ කාර්යයක් දණහිස ඉටුකරනු ලබයි.

මෙවැනි ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරණු ලබන දණහිසේ දණ පොල්කට්ට නොහොත් නීකැප් යනුවෙන් හඳුන්වනු ලබන දණහිස් සන්ධිය හා සම්බන්ධ වෙනසක් රිදීමක් නැවීමට හෝ දිග හැරීමට යම් අපහසුතාවයක් දැනුණු විගසම ආයුර්වේද ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. බොහෝවිට වේදනා ගෙන දෙන්නේ දණහිස්, උකුල් ඇට, වළලුකර, වැලමිට සන්ධි, උරපතු සන්ධි, ඇඟිලි පුරුක් , සන්ධි ඉදිමී දැඩි වේදනාවට පත්වීමෙනි. හන්දි බන්ධන ඉරීයාම, කාටිලේජ් හානිවීම, ශරීරය අධික බර තත්ත්වයට පත්වීම ආදිය හන්දි ඉදිමීමට හේතු වේ. අස්ථියක් බිඳී ගිය විට එම බිඳී ගිය අස්ථියට ආසන්න අස්ථියට ද හානි පැමිණේ. එසේ හානියට පත් හන්දියට පමණක් නොව ආසන්න අස්ථියටද ප්‍රතිකාර කළ යුතුය. එසේ ප්‍රතිකාර නොකළහොත් කලක් ගිය පසු එම හන්දියද ඉදිමීමෙන් වේදනාවට ලක්වේ.

අධික කාර්යබහුලත්වය හේතුවෙන් හා අධික වැඩෙහි නිරතවීමෙන් දිනපතා ගෙවී යන හන්දි සහ හන්දි බන්ධනවලට නැවත යථා තත්වයට පත්වීම සඳහා නිදහසක්, විවේකයක් ලබා දිය යුතු වන අතර පෝෂ්‍යදායි සමබර ආහාර වේලක්ද ලබා ගැනීමට පියවර ගත යුතුය. ශරීරයට හිත සුව වන ව්‍යායාම ටික ටික හෝ කළ යුතුව ඇත. සාමාන්‍ය තත්ත්වයෙන් හටගනු ලබන සන්ධි ඉදිමුමට වුවත් නිසි අවධානයක් යොමු කොට ප්‍රතිකාර ලබා දිය යුතුය. එසේ ප්‍රතිකාර නොකර සිටිය හොත් එය රක්තවාත තත්ත්වයට පත්විය හැකිය. එමෙන්ම තරුණ වයසේ දි හෝ වැඩිහිටි වයසේදී ඇතිවන වැටීම්, තැලීම්, පෙරළීම්, උළුක්වීම්වලටද නිසි ප්‍රතිකාර ලබා දිය යුතුය. එසේ නොකොට ක්ෂණික ප්‍රතිකර ලබාදෙමින් නොසලකා සිටියහොත් පසුවුවද සන්ධි ඉදිමීමට හේතුවක් වේ.

 

ප්‍රබල වශයෙන් පවතින රෝග ලක්ෂණ

 

හන්දි අමාරුවේ දී ප්‍රධාන වශයෙන් ඇවිදීමට අලස බවක් දක්වයි. එමෙන්ම මොහොතින් මොහොත නිදිමත ගතියක් ඇති කරයි.

සන්ධි ඉදිමුම හා සන්ධිවල පවතින වේදනාව සහිත සන්ධි ආබාධ වැඩි වශයෙන් පවතින්නේ වැඩිහිටි කාන්තාවන්ටය. ඔවුන්ට සමහරවිට යම් කාර්යයක නිරතවී සිටින විට ඇතිවන සන්දි වේදනාව නිසා යම් යම් කටයුතු ද බෙහෙවින් අතපසු වේ. සන්ධි ආශි‍්‍රත උපද්‍රවයන් බොහෝ විට ඇතිවන්නේ ඉක්මන් කාර්යයන්හි නිරතවීම හේතුවෙනි. මේ අතර ආමවාත, වාතරක්ත, සන්ධිවාත ආදි නම්වලින් හඳුන්වන සන්ධි ආබාධ සහ එම ආබාධ ඇතිවීමට හේතු සහ එම රෝගයන්ට අවශ්‍ය ප්‍රතිකාර විධි ද ආයුර්වේදයේ බෙහෙවින් පෙන්වා දී ඇත.

මෙහි සඳහන් කරන ලද අස්ථි සන්ධි ප්‍රදාහය අවුරුදු හැට පහ ඉක්මවූ අයගේ සියයට අසූවක් පමණ දැකිය හැකිය. වර්තමාන සමාජයේ අස්ති සන්ධි රෝගී තත්ත්වය යෞවන වියේ පසුවන කාන්තා පිරිමි දෙපක්ෂයටම පවතින බව සනාථ වී ඇත. මෙය පිරිමි පක්ෂයට වඩා කාන්තාවන්ට තුන් ගුණයකින් ඉහළට පවතින බවත් සඳහන් වේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇත්තේ අස්ථි ආශි‍්‍රතව පැවතිය යුතු කැල්සියම් ප්‍රමාණයෙන් අවශ්‍ය පරිදි නොතිබීමය. බෙහෙවින්ම කාන්තාවන් අතර හන්දිපත් වේදනාව ඇතිවීමට තවත් බොහෝ කුරුණු පවතී. එනම් නිසි පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරපාන නොලැබීමයි. සන්ධිගත වාත රෝගයේදී දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණය වන්නේ සන්ධි වේදනාව සමඟ ඉදිමීමයි. සන්ධියෙහි පවතින දිගහැරීම, හැකිලීම පිළිබඳ වු ශක්තිය හීන වී අධික වශයෙන් වේදනාව ඇතිවීමයි. දනහිස, උකුල, කොන්ද, ආදිය බර ඔසවන විට පීඩනය වැඩි වන්නාවූ අස්ථි සන්ධි ආශි‍්‍රතව ඇතැම් විට උරහිස වැලමිට ආදි සන්ධි ආශි‍්‍රතවද ඇතිවන වේදනාව අධික වීමෙන් යම් හෙයකින් හන්දිපත් කැක්කුමක් ඇති වුවහොත් ඒ වේදනාව කැක්කුම රාජපුර හන්දි තෙල ගෑමෙන් නිමා කර ගත හැකිය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.