පිත්ත සමුට්ඨානා ආබාධා - සෙම්හ සමුට්ඨානා ආබාධා

ඔක්තෝබර් 27, 2023

පිත, සෙම, වාතය යන තුන්දොසින් වන රෝගද විෂම පරිහරණයෙන් වන රෝගද පෙර කළ කර්ම විපාකයෙන් වන රෝගද ආදී වශයෙන් හටගන්නා වූ රෝගයන් බොහෝ බව බුදුන් වහන්සේ දේශනා කළහ. ආහාර අනුභවයේදී පමණ නොදැන අනුභව කිරීමෙන් ද තමන්ගේ ශරීරය රෝගාබාධවලට පත්වෙන බව පෙන්වා දී ඇත.

ජිශච්ජා පරමා රෝගා - රෝගෝපි අති භොජනං

ඉති දිස්වා නරො පඤ්ඤා - යාපනත්ථාය භුඤ්ඤති

බඩගින්න ඉතා බලවත්ම රෝගයයි. ආහාර පමණ ඉක්මවා ගැනීමත් රෝගයකි. එබැවින් නිරෝගීකම රැක ගැනීමට නම් පමණ දැන ආහාර ගත යුතුය. නිරෝගීකම යන්නෙන් හඳුන්වා දී ඇත්තේ කායික මානසික හා සමාජීය අංගයන්ගෙන් යහපත් වන බවයි. මානසික සැපය මෙන්ම කායික සැපය ද තිබිය යුතු ය.

එබැවින් බුදුරජාණන් වහන්සේ පරම ලාභය ලෙස නිරෝගී බව පෙන්වාදී ඇත. හටගත් ආබාධවලට පමණක් නොව හටගත හැකි රෝගවලට ද බුදුන් වහන්සේ වෛද්‍ය උපදෙස් ලබාදුන්හ. සැපයක් වුවද නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවටද පෙන්වා දුන්හ. එමෙන්ම බුදුහිමියන්ගේ දේශනාවන්හි රෝගාබාධ ගැනත් ශරීරය තුළ පවත්නා ඉන්ද්‍රීය හා අංගෝපාංගයන් ගැනත් මනාසේ විස්තර කොට ඇත. එම දේශනා ගැන බලන විට රෝග නිවාරණය ගැන කරන ලද දේශන විස්මය ජනකය.

දෙපතුල් පටන් හිස් මුදුන දක්වා අභ්‍යන්තරව හා බාහිරව හටගන්නා බොහෝ රෝගාබාධ ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ විශේෂයෙන් එම රෝග අතර ප්‍රධාන රෝග දෙකක් ද සඳහන් කර ඇත.

දස්සන්ති භික්කවේ සත්තානායිතේන රෝගෙන ඒකම්පි වස්සං ආරෝග්‍යා සම්ජපනාමානා පෙවස්සස තංජි ආරෝග්‍යං පමිණ නමානා ද්වේපි වස්සානි. ආරෝග්‍යං පටිජානාති භික්ඛවේ. සත්තා දුල්ලභා ලෝකස්මිං යෙවෙන සිතොන රෝගේන මුහුත්තංපි අං රෝග්‍යං පටිජනාති අඤ්ඤත බීණාසවේෂී

කායික හා මානසික රෝග යනුවෙන් දෙවර්ගයක් ඇති බවත් ඉන් කායික රෝගවලින් නොපෙළී වසරක් දෙකක් හෝ වසර සිය ගණනක් වුවත් නිරෝගීව සිටිය හැකි වුවත් මානසික රෝගවලින් නොපෙළී එක මොහොතක්වත් සිටිය නොහැකි බවත් එසේ සිටිය හැක්කේ රහතන් වහන්සේලාට පමණක් බවත් දේශනා කර ඇත්තාහ. බුදුන් වහන්සේ දේශනා කර ඇති පල්ලේඛ සූත්‍රයේදී මානසික රෝග හතළිස් හතරක් පවතින බවත් එම රෝග සඳහා ප්‍රතිකර්ම ද හතළිස් හතරක් පවතින බවත් එම රෝග සඳහා ප්‍රතිකර්මද හතළිස් හතරක් ඇති බවත් පෙන්වා දී ඇත. සිතට වහල් වීම සිත මනාව පිහිටුවා නොගැනීම නිසා සිතේ දුර්වලකම් ද පෙන්වාදී ඇත.

බුදුරජාණන් වහන්සේ විසින් යම් යම් රෝග පිළිබඳවත් ඒ ඒ රෝගයන්ට ලබාදිය යුතු ඖෂධයන්ද පෙන්වාදී ඇති අතර ඒ ආයුර්වේදයේ ඖෂධ වර්ග ද සඳහන්ව තිබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යන්නෙන් අදහස් කරන්නේ බුදු දහමේ සඳහන්වන වෛද්‍ය ක්‍රමයන්මය. බුද්ධ දේශනා අනුව බැලීමේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත්, බුදු දහමත් එකට බැඳී පවතින බව කිය යුතුමය.

එය එතරම්ම වටිනා අයුරින් බැඳී පවතින වෛද්‍ය ක්‍රමයක් බැවිනි. ශල්‍ය වෛද්‍ය ක්‍රමය බුදුන් දවස පවා තිබූ බව බොහෝ ඓතිහාසික තොරතුරුවලින් හෙළිවේ. ඒ සඳහා නිදසුන් ද බොහෝ ය. ඖෂධ ගැල්වූ උපුල් මල් මිටි තුනක් පළමු, දෙවැනි, තෙවැනි ආදී වශයෙන් තිස්වාරයක් බුදුන් වහන්සේට තිබීමට සැළැස්වීමෙන් විරේකවීම සිදු වූ බව ජීවක වෛද්‍ය පුවතේ සඳහන් වේ. භික්ෂූන්ට වැලඳුණු යම් යම් රෝගාබාධයන්ට ප්‍රතිකාර සඳහා බුදුන්වහන්සේ නියම කළ ඖෂධ පිළිබඳව මහා වග්ග පාලියේ භෙසජ්ජක්කබධකයේ දක්වා ඇත. එමෙන්ම සරත් කාලයේදී රෝගී වන භික්ෂූන් උදෙසා ප්‍රතිකාර විධි පංච භෙසජ්ජය අනුදැන වදාළහ.

එනම් ගිතෙල්, වෙඬරු, තලතෙල්, මී පැණි, උක්සකුරු යන පස් වර්ගයයි. තවද උණු තෙල් බෙහෙත් මුල් බෙහෙත් කොළ ද අමතරව කපා, ඉඟුරු අතිවිඩයන් සුවඳ කොට්ටං, වම්මුතු, කොහොඹ, දුම්මැල්ල, තල, කපු කරඳ, වළඟසාල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි ආදී ය දක්වා ඇත. ගිරිමානන්ද හාමුදුරුවන් රෝගීව සිටි අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන් ඒ බැව් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියහ. එහිදී බුදුන් වහන්සේ දස සංඥා දේශනා කොට එය ඇසීමට සැලැස්වීමෙන් ගිරිමානන්ද හිමියන් සුවපත්වන බව වදාළහ. අයස්මාභන්තේ ගිරිමානන්දෝ ආබාධිතෝ දුක්ඛිතෝ බාලග්ගිලානෝ සාධු භගවතෝ භගවා යේනා යස්මා ගිරිමානන්දෝ නේනුපසඣකමතු අනුකම්පා සම උපදයාදී සිවේඛත්වා ආනන්ද ගිරිමා භික්ඛුනෝ උපසංකමත්වා දස සඤ්ඤා භාසෙය්‍යාසී ධානං බෝ පනේතං විජ්ජතියන් ගිරිමානන්දස්ස සඤ්ඤා සුත්වාසෝ ආබාධෝඨානසෝ පටිප්පස්සම් භෙය්‍යා තත මාදයන්

උප්පත්ති ජරා වෙනස්වීම් ඇති නිසා, පංචස්කන්දය අනිත්‍යය. ඇස, කන ආදිය නිතර පීඩාවට පත්වන බැවින් දුක්ඛය රූපාදී බාහිරාදිය ද වසඟයෙහි පවත්වාගෙන යෑමට නොහැකි ස්වරූපයක් ඇති නිසා අනාත්මය.

යමෙකු රෝගාතුරවීමට ජලය වාතය, ශීතල, උෂ්ණය ආහාර ආදී කරුණු බොහෝ ය. ඇස් ලෙඩ , කන් ලෙඩ ආදී රෝගාබාධ හතළිහකි. බොහෝ දෙනා සිරුරෙන් නිරෝගී වුවත් සිතින් නිරෝගී නොවන බව පැවසූහ. පිත සෙම, වාතය යන තුන් දොසින් වන රෝගාබාධ ගැන පෙන්වා දුන් බුදුන්වහන්සේ රෝගාබාධ හට ගැනීමට කරුණු ද අවබෝධ කළහ. අපේ වෙදකම බුදුදහම නිසා අමුතු ප්‍රබෝධයක් ලබා ගත්තේ ය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ අප විසින් සලකනු ලබන්නේ සියලු භව දුකට වෙදාණන් හැටියටය. බුදුන් වහන්සේගේ දේශනා තුළින් සියලු ක්‍රියාවන්ට මනස මුල්වන බවත් කය නිසා රෝගී වන බවත් පෙන්වා දුන්නේ ය. උන්වහන්සේ වරක් දේශනා කළේ ගිලනුන්ට සත්කාර කරන්නා තමන්ටම සත්කාර කර ගන්නා ලෙසය.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.