අති දුර්ලභ දාමිනී ෙයා්ගය උදාවෙයි

ලග්න දහයක පැතුම් ඉටුකරමින් බුධ තුලාවට සංක්‍රමණය වෙයි
සැප්තැම්බර් 27, 2024

මේෂ,කටක, තුලා, මකර රාශි සතරට මාලවී යෝග බලයද, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට සස යෝගබලය ද පංචමහා පුරුෂ යෝග අතරින් උදාව තිබියදී වෘෂභයට සහ කුම්භයට රාජලක්ෂ්මී යෝග බලයද උදාව පවතින අවස්ථාවක ඔක්තෝබර් 10 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 11.22ට බුධ සිකුරුගේ ස්වක්ෂේත්‍ර භවන වන තුලා රාශියට සංක්‍රමණය වෙයි.

මෙහි බලය ඔක්තෝබර් 20 වැනිදා කුජදා රාත්‍රී 10.39 දක්වා පවතිනු ඇත. බුධ තුලාවට සංක්‍රමණය වීමත් සමඟ අති දුර්ලභ දාමිණි යෝගය ලග්න දොළසටම උදා වෙයි. ඒ අනුව මිථුන, කටක ලග්න හිමියන්ට මිශ්‍ර පල ද අනෙක් ලග්න දහයෙන් උත්පත්තිය ලැබූවන්ට අතිශය සුබපල ද උදා වනු ඇත.

කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය, හිතෛෂී බව සර්වජන ප්‍රසාදය, රාජ රාජ මහාමාත්‍යවරුන්ගෙන් ලැබීම්, රාජ පූජිත ප්‍රසාද, ගරුනම්බුනාම, ගවමහීෂාදී සම්පත්, ගොඩමඩ ඉඩකඩම් ආදියට උරුම හිමිකම් දාමිණී යෝග බලයෙන් ගලා එයි.

කලාකාමී සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයෙහි ප්‍රබුද්ධ කලපරාසයකද රුවන්දොරටුව විවරවන භාග්‍යමත් කාලපරාසයක් උදාවනු පෙනී යයි. චිත්‍රපට, වේදිකා නාට්‍ය, නව නිර්මාණ සහ නිර්මාණශීලි තාක්ෂණික සංදර්ශන, දැනුම, අවබෝධය මුවහත් වන විෂයය ධාරාවන් මෙන්ම පොත්පත් ලිපිලේඛන, වානිජ ජාලය වේගවත්ව වර්ධනය වීම, විවිධ ජාතීන්ගේ විවිධ භාෂා ඔස්සේ සාහිත්‍යමය නව පෙරළියක් ලොව පුරාම දක්නට ලැබෙනු ඇත.

මෙකී උදාරතර අවස්ථා තුළ විශ්ව මේෂ රාශි භාව සටහනෙයි 07 වැන්නෙහි සමස්ත ලෝකවාසී ප්‍රජාව විවරණය වන්නාවූ 07 වැන්න, 03 වැන්න, 11 වැන්න කාම කෝණය ජවබලසම්පන්න ආලෝක ග්‍රහයන්ගෙන්ද බැබළෙමින් පවතින්නේය. රාශි දොළසටම සප්ත ග්‍රහමණ්ඩලය භාවස්ථාන සයක පිහිටීම අනුව දාමිනි නම් වූ අතිශය දුර්ලභ යෝග බලයක් පිහිටීම ශ්‍රී ලංකාවාසි සමස්ත ජනතාවට සෞභාග්‍යයමත් බවක් ගෙන දෙන්නේය.

රවි හිමි සිංහ රාශි ජනරජ භාව සටහනට අනුව 08 වැන්නෙන් 08 වැන්න වූ 03වැන්න හෙවත් වික්‍රමස්ථානගතව බුධ, සිකුරු සුසංයෝග බලය අසීමිත වෙයි. බුද්ධිමය සංකලනයක් අපූර්වාත්මක මානුෂික සංකල්පනා, යානවාහන, සුවිසල් මන්දිර, ආගිය ස්ථානයන්හි උසස් ලෙස පිළිගැනීම්, මිල මුදල් ලාභ, ආකර්ෂණීය භාණ්ඩ පරිහරණය ගෙන දෙන සෞභාග්‍යමත් බවක් මාලවි සස යෝග බලයෙන් සියලු ලග්න හිමියන්ට ලැබෙනු ඇත.

මේෂ ලග්නය

බුධ සිකුරු සංයෝගය සමඟ මාලවි යෝග බලය දාමිණි යෝග බලය, 07 වැන්නේ යෙදී ඇති ඇත. සබඳතා විවාහය, යුගදිවිය, රැකියා ලැබීම් ආදායම් මාර්ග සතුටුදායක වෙයි. සාමරම්භක කටයුතු අවසානය දක්වාම සාර්ථක වනු ඇත. පවුලේ ඥාතිවර්ගයාගෙන් ස්තුති ප්‍රශංසා ලබයි.

වෘෂභ ලග්නය

සෙනසුරු සසයෝග බලැතිව යෙදී ඇති අතර බුධ, සිකුරු සංයෝගයද සියලු ග්‍රහයන් ස්ථාන සයක තැන්පත්ව දාමිනී නම් ප්‍රබල යෝගය උදාව ඇත. රැකියා ආදායම් මාර්ග සමාරම්භක ව්‍යාපාර ගෘහ කටයුතු බොහෝදුරට සාර්ථක වෙනු ඇත.

මිථුන ලග්නය

කලක් තිබු අරමුණුූ රැසක් සාර්ථක කෙරෙනු පෙනී යයි. ජන්මලාභී කර්ම ශක්තියෙහි දුර්වලතාවයන්ද අනුව ආකූල ව්‍යාකූල බවක් ක්‍රියාත්මක වෙයි. ශාරීරික මානසික දැඩි පීඩකාරි බවක් නිර්මාණය වෙන සුළුවෙයි.

කටක ලග්නය

සිකුරුගෙන් මාලවි නම් යෝග බලයද ශනිගෙන් ජන්ම මාරක ඒරාෂ්ටකයද උදාවි පවති. ලැබීම් අංශය යහපත් වේ. උත්සාහය, උනන්දුව මෙන්ම සොර සතුරු බලවේගයන් ඉස්මතුවිය හැකි බවක් පෙනී යයි. හදිසි තීරණ තීන්දුවලින් දුරස්ථව කටයුතු කළ යුතුව ඇත.

සිංහ ලග්නය

සසයෝග බලය ශුභවාදීව යෙදී ඇත. මේ අනුව සමාරම්භක කටයුතු සමඟ දූදරු කටයුතු සතුටුදායක පසුබිමකට සාර්ථක වෙයි. රැකියා ආදායම් මාර්ග කටයුතු සමඟ ආරම්භක කටයුතු ශුභවාදී වෙයි.

කන්‍යා ලග්නය

සියලු ආකාර ලැබීම් සතුටුදායක වෙයි. උසස්වීම් රැකියා ආදායම් මාර්ග සමඟ දේපළ වස්තු ආදායම් මාර්ග තරවෙයි. ආගමික පසුබිමෙන් උත්සාහය, උනන්දුව සමඟ පුණ්‍යකර්ම කාර්යභාරයන් සතුටුදායක වෙයි.

තුලා ලග්නය

දෙස් විදෙස් රැකියා ව්‍යාපාර ක්ෂේත්‍රයන් නවතාවයක් ගනු ලබයි. උසස්වීම් සහ රැකියා ආදායම් මාර්ග සමාරම්භක කටයුතු සතුටුදායක බවක් ගනු ලබයි. උසස් ප්‍රභූ ජනයාව ඇසුරට ලැබෙනු ඇත. යානවාහන ගොඩමඩ, ඉඩකඩම්, ද ඇතුළුව සුඛෝපභෝගී ජීවන රටාවකට හිතකර ග්‍රහචාරයක්ද යෙදී ඇත.

වෘශ්චික ලග්නය

රැකයා ව්‍යාපාර ආදායම් මාර්ග, සතුටුදායක වේ. සමාරම්භක කාරණාවලින් සහනය මෙන්ම සිතැඟියාවන් මුදුන්පත්වන පසුබිමක් ද යෙදී අවහිර බාධක දුෂ්කරතා මඟහැරී යනු පෙනී යයි. අරමුණූ රැසක් සපලකර ගනු ලබයි.

ධනු ලග්නය

සතුටුදායක ග්‍රහචාරයකින් ආලෝකමත් වෙන කාලයකි. හදිසි තීරණ තීන්දුවලින් දුරස්ථව ක්‍රියාකාරි විය යුතු කාලපරාසයකි. වර්තමාන ජීවන ගමන් මඟ ශක්තිමත් වෙයි.

මකර ලග්නය

ග්‍රහචාරයන් ප්‍රබලව යෙදී ඇත. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක බවක් ගනු ලබයි. උසස්වීම් විජයග්‍රහණ ඇතුළුව ගෘහජීවිතයෙහි අවශ්‍යතා රැසක් සාර්ථක වෙන බවක් පිළිබිඹු කෙරෙයි.

කුම්භ ලග්නය

සසයෝග බලය ලැබෙනු ඇත. සිතැඟියාවන් රැසකට ආශිර්වාද ලැබෙනු ඇත. තිරසාර අරමුණු රැසක්ම සාර්ථක වෙනු ලබයි. උසස් ප්‍රභූජනයා ඇසුරට ලැබෙනු ඇත. ආශි‍්‍රත ජනයා අතර ප්‍රකට වෙයි.

මීන ලග්නය

ජවබල සම්පන්නව අරමුණුූ රැසකින් සාර්ථක බවක් පෙන්නුම් කෙරෙනු ඇත. ජීවන රටාවෙහි නවගමන් මඟකට ද ප්‍රවේශ විය හැකි උදාරතර කාලපරාසයක සමාරම්භයක් ළඟාවෙනු පෙනීයයි.

නොසිතන විජයග්‍රහණයක රුවන් දොරටුව විවර වෙන ජයග්‍රාහී කාලපරාසයක් බැව් පෙනී යන්නේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.