නොවැම්බර් 27 වැනිදා බුධ-ධනු රාශි ගතවීමෙන් ලග්න දොළහටම සුබ යෝග රැල්ලක්

නොවැම්බර් 10, 2023

වෘශ්චික, කුම්භ, වෘෂභ, සිංහ රාශිවලට කුජගෙන් රුචක යෝගරාය හා ශනිගේ සස යෝග බලයෙන් වාසනාව පෑදේ

මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලට බුධගෙන් භද්‍රායෝග බලය සමඟ පෙර පින් මතුවේ

කටක, වෘශ්චික, මීන රාශිවලට මහීපාල අධිබලයෝගයෙන් වේගවත් දියුණුවක්

රවි, වෘශ්චික රාශිගතවීමෙන් කුම්භ, වෘශ්චික, කටක, මිථුන රාශි සතරට මයුරපාල යෝග බලයෙන් නොසිතූවිරූ බලයක්

30 වැනිදා තුලා, මකර, මේෂ, කටක රාශිවලට සිකුරුගෙන් ලැබෙන මාලවි යෝග බලයෙන් කලා හැකියා ඔප් නැංවේ

ධනු රාශිය මේෂ නවාංශකය මුල නැකත 01 පාදය මුල්කරගෙන නොවැම්බර් 27 ඉල්මහේ පුර පසළොස්වක සඳු දින පෙරවරු 06.01 ට ගුරු හිමි ධනු රාශියට ඥානකාරක බුධ සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

මේ කාලය තුළදී බොහෝ දුරට පොදු මානවයා මානුෂිකත්වය, දැන උගත්කමට නැඹුරු වී යයි. ජාතික මෙන්ම ආගමික වශයෙන් නැඹුරුව රඳා පවතින සංස්කෘතිකමය වස්තූන් නොසලකා නොහැරිය යුතු කාලයකි. එහෙත් මහජනතාව ජනතා විරෝධී කාර්යයන්හි ද කැරලි කෝළාහලයන් හි ද නිරත විය හැකි කාල සීමාවකි. අවහිර බාධක දුෂ්කරතා මැද කටයුතු කිරීමට සිදු විය හැකි කාලයකි. ආරක්ෂක ඒකකයන්ට කටයුතු බහුල විය හැකිය. අධ්‍යාපන, සෞඛ්‍යය, විදුලිය, සුබ සාධන සේවා ආශි‍්‍රත ගමනා ගමනය, නාවික ගුවන් හදිසි ආපදා විපත්ති බහුල වීම සිදුවිය හැකිය. ග්‍රන්ථ කර්තෘවරුන්, ලේඛකයන්, චිත්‍ර මූර්ති ශිල්පීන් අරභයා රෝගාබාධක බලපෑ හැකිය. වාණිජ කටයුතු ආශි‍්‍රතව දෙස් විදෙස් ව්‍යවසායකයන් ඒක රාශිවෙයි. රාජ්‍ය ත්‍රාන්තිකයන් ඇතුළුව සමස්ත ජනතා සමඟි සාමගී‍්‍ර බවින් යුතුව කටයුතු කළ යුතු කාලයකි. පක්ෂ විපක්ෂ සමගාමි අරමුණු වර්ධනය මෙන්ම මානුෂික මානසික දියුණුව වැදගත් කොට සැළකිය යුතු කාල පරාසයෙකි.

2023 නොවැම්බර්, දෙසැම්බර් අතර 2024 මැයි 2030 ජනවාරි, සැප්තැම්බර් 2031 ජුනි - 2042 ජනවාරි 2043 අගෝස්තු දෙස් විදෙස් තරමක් බිහිසුණු විපරීත කාල පරාසයන් බැවින් සාමකාමී සහජීවන රටාවකට තීන්දු තීරණ ගැනීම අතිශයින් අවශ්‍ය වෙන්නෙකි.

 

මේෂ රාශිය

01, 05, 09 ධර්ම කෝණය ශක්තිමත් වන අතර පංච මහා පුරුෂ යෝග අතරින් යෝග කීපයකම බලය ලබයි. මේෂ රාශිය රාශි සටහනෙන් ප්‍රමුඛතාවය ලබයි. සිතැඟියා නව ගමන් මඟකින් අධිවේගීබවක් උසුලනු ඇත. ධනය, බලය ගෙනදෙන ඉදිරි දැක්ම ක්‍රමවත් වෙයි. උසස්වීම්, රැකියා ආදායම් මාර්ගයන්හි දියුණුව ගෙනදෙයි. දෛනික ජීවන රටාව අර්ථවත් කෙරෙනු ඇත.

වෘෂභ රාශිය

සබඳතා, යුගදිවිය, පවුල් ජීවිතය බොහෝ දුරට නවතාවයකින් මුවහත් කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ගයන්හි නවතාවයකට සැලසුම් කෙරෙනු ඇත. වරින්වර සැනසුම සතුට කෙරෙහි බාධක අවහිර මතු කෙරෙයි. රුචක, සස යෝග බල ක්‍රියාත්මක වෙමින් පෙර පින්මතු කරවමින් ජීවිතයෙහි ඉතා සතුටුදායක බවක් ගෙනදෙනු ඇත.

මිථුන රාශිය

භද්‍රයෝග බලය ලැබීම් නිසා ද සිතැඟියාවන් මල්ඵල ගැන්වීමක් සිදුකරයි. ධනාත්මකව මෙන්ම ගුණාත්මකව චින්තනය වර්ධනය කෙරෙයි. 03, 07, 11 කාම ත්‍රිකෝණය දැඩි මුවහත්වීමෙන් ස්වකීය ජීවන රටාවෙහි රසකාමී බව දෙගුණ තෙගුණ කෙරෙයි. පදිංචියෙහි මෙන්ම රැකියා ආදායම් මාර්ගයන්හිද සැලකිලිමත්වීම වැදගත් වෙයි.

කටක රාශිය

ගතවන මාසයෙහි අවසානයට ආශි‍්‍රතව ශුභ දායක බවක් ගෙනදෙයි. උත්සාහය, උනන්දුව කෙරෙයි ගෙවීයන දිනයන්හි අවහිර බාධක බොහෝ දුරට ළඟාවීමෙන් ශෝකාකූල බවක් ඇතිකරයි. දේපළ වස්තු ඉඩකඩම් ආශි‍්‍රතව නැදිමයිලන්ගේ සහයෝගයද අත්විය හැකිය. මුදල් පරිහරණයේදී දූරදර්ශීවීම යහපත් වේ.

සිංහ රාශිය

රුචක, සස යෝග බලය මෙන්ම 04 වැන්නෙහි මයුරපාල යෝග බලය ඔබට ප්‍රශස්ත වෙයි. පදිංචි ස්ථානය ආශි‍්‍රතව නවතාවයකට මුල පිරෙයි. රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම තැන්පත් දේපළ වස්තු ආශි‍්‍රත සතුටුදායක වර්ධනයකට මාර්ගය සැලසෙයි. තිරසර සිතැඟියාවන් ඉටුවන අතර උසස් ප්‍රභූ ජනයාගේ ආශිර්වාදයෙන් ඉතාම සතුටුදායකබවක් ගනු ලබයි.

කන්‍යා රාශිය

04 වැන්නෙන් භද්‍ර යෝග බලයද 03 වැන්නෙහි ග්‍රහබලයද හේතු සාධකව පෞද්ගලිකව මෙන්ම පොදුවේද අරමුණු රැසක්ම සාර්ථකත්වයට පාත්‍ර වෙයි. මෙතෙක් බාධක අවහිර දුෂ්කරතා බලපෑම් දුරු කෙරෙයි. ඥාති හිතෛෂීන් සමඟ නව ගමන් මඟක පොදුජන සමාජය තුළින් ප්‍රසාදයට තුඩුදෙන කාල පරාසයක් බැව් පෙනී යයි.

තුලා රාශිය

02, 05, 07, 09 ස්ථාන ආශි‍්‍රතව ග්‍රහචාරය නව ජීවන ගමනකට තුඩුදෙයි. මෙතෙක් පැවැති බාධක අවහිර දුෂ්කරතා මැදින් මේ මාසයෙහි අග සිට නොසිතූ විරූ රැකියා ආදායම් මාර්ගයනට ආශිර්වාදය ගලා එයි. සංචාරක ගමන් බිමන් උත්සව ආදී අවස්ථා උද්ගත වෙන බවක් ද පෙන්නුම් කෙරෙනු ඇත. දැනට පැවතුණ ස්වභාවය බොහෝ දුරට වෙනස් කෙරෙයි.

වෘශ්චික රාශිය

මයුරපාල, සස, රුචක ආදී ප්‍රබල යෝග බලය ලබා නොසිතූවිරූ ශක්තියක් ධෛර්යයක් ලබනු ඇත. ජීවිතයෙහි අවහිර බාධක දුෂ්කරතා බොහෝ දුරට මඟහැරී සැනසිලිබවක් උදාවෙනු ඇත. ගෘහ ජීවිතයෙහි තෘප්තිමත් බවෙන් අසීමිත සතුටකට ජීවිතය පරිවර්තනය වෙයි. රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි.

ධනු රාශිය

ලග්නගත බුධගෙන් පංචමහා පුරුෂයෝග අතරෙන් මහාභද්‍රා යෝගය ද 12 වැන්නෙන් රවි, කුජ ආශි‍්‍රත බලය ද ප්‍රබලව ගෙනදෙනු පෙනී යයි. රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම යුගදිවියෙහි පවුල් ඒකකයෙහි උසස් වර්ධනයකට ආශිර්වාදය ලැබෙයි.

මකර රාශිය

ධනස්ථානගත මෙන්ම 12 වැන්න 11 වැන්න 04 වැන්න ආශි‍්‍රත ග්‍රහබලය මත ගෘහ ජීවිතයෙහි මෙන්ම සමාජගතව උසස් බවකට පරිවර්තනය වෙන්නෙකි. දෛනික ජීවන රටාවෙහි උසස්ම බවකට පාත්‍රවිය හැකිය. හදිසි තීරණ තීන්දු නොගෙන බුද්ධිමත්ව දූර දර්ශීව ක්‍රියාත්මකවීම උසස් දියුණුවකට විජයග්‍රහණයෙකි.

කුම්භ රාශිය

ලග්නගත සස යෝග බලයද 10 වැන්න වූ කර්මස්ථානගතව රුචක, මයුරපාල ආදී ප්‍රබල යෝග ආශි‍්‍රත භාග්‍යමත් කාල පරාසයෙකි. රැකියා ආදායම් මාර්ග පදිංචි ස්ථාන, යුගදිවිය, විවාහ ගිවිසුම් ආදී කරුණු රැසකට විජයග්‍රහණය ලැබීමෙහිලා භාග්‍යය යෙදී ඇත.

මීන රාශිය

10 වැන්න වූ කර්මස්ථානගතව භද්‍රා යෝගය ද 9 වැන්නෙහි මයුරපාල යෝගයද 12 වැන්නෙන් යෙදෙන ග්‍රහබලයද මෙතෙක් පැවැති බාධක අවහිර දුෂ්කරතා සියල්ල මර්දනය වන්නෙකි. ඉදිරි සියලු සැලසුම් කටයුතු අතිශයෙන්ම විශිෂ්ටතම සාර්ථකත්වයට පාත්‍රවෙයි. 2024 වර්ෂය විජයග්‍රාහී වසරක් බවට පාත්‍ර වෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.