දෙසැම්බර් 13 වැනිදා ඥානකාරක බුධ ධනු රාශියේ වක්‍ර වෙයි

දෙසැම්බර් 1, 2023

ලග්න දොළසටම එකවර වාසනාව

වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ-ලග්න හිමියන්ට සස සහ රුචක යෝග බලයෙන් නිරෝගී දරු සම්පත්

ලග්න දොළසටම ඵාශ, ගජකේශරී, වෙශී, වොශී, උභයචාරී යෝගවලින් වාසනාව පෑදේ

මේෂ-කටක- තුලා-මකර ලග්න හිමියන්ට මාලවී යෝග බලයෙන් සැප සම්පත් ධන සම්පත් ගලා එයි

 

දෙසැම්බර් මස 13 වැනි බුධ දින දහවල් 12.40 ට බුද ග්‍රහයා ධනු රාශියේ සිංහ නවාංශකයේ පුවසල 01 පාදය ආශ්‍රිතව වක්‍ර වෙයි. මෙය 2024 ජනවාරි 02 දා පෙරවරු 8.39 ට නිවෘත වන තුරු පවතිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඥානකාරක බුධගේ වක්‍ර කාලසීමාවේදී සන්නිවේදන කාර්යයන්වල අවහිර බාධක දුෂ්කරතා ඇති වීමට බොහෝ ඉඩකඩ ඇත. ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ට අපලදායී බවක් ද පෙන්නුම් කෙරේ. නව තාක්ෂණයේ ඉදිරි ගමන් මඟ වඩාත් සුබදායී වන ලකුණු පෙනේ. දෙස් විදෙස් සංචාරක සේවා ආඩාළ වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එහෙත් භූමි ලාභ, ඛණිජ සම්පත් මතු වීමේ ඉඩකඩක් පවතිනු ඇත. කෘෂිකාර්මික, කාර්මික, කම්කරු පන්තියට වැදගත් වන සංවර්ධන වැඩපිළිවෙළ කීපයක් දියත් වනු ඇත.

 

මේෂ රාශිය

ඔබගේ හත්වැන්නෙහි මාලවී පංච පුරුෂ මහා යෝගබලය ද ඵාශ, ගජකේශරී වෙශී වොශී උභයචාරී යෝග බලයද බුධ වක්‍රයෙන් උදාව ඇත. නිවාස, ඉඩකඩම් රැකියා ආදායම් මාර්ග විවාහ කටයුතු සාර්ථක වෙයි.

වෘෂභ රාශිය

රචක, සස යන පංච මහා පුරුෂ යෝග දෙකක් උදාව පවතින අතර වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදෙයි. යාන වාහන දේපළ වස්තුව නිදුක් නිරෝගීබව උසස්වීම් ජයග්‍රහණ සහිත සතුට උදා වෙයි.

මිථුන රාශිය

වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදෙන බැවින් සබඳතා, විවාහ කටයුතු භූමි යාන වාහන අධ්‍යාපන කටයුතු සම්බන්ධ වාසනාවන්ත කාලයකි.

කටක රාශිය

මාලවී නම් පංච මහා පුරුෂ යෝගය මෙන්ම වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව බලය යෙදී ඇති ඔබට නිවාස භූමි යාන වාහන ව්‍යාපාර රැකියා ආදායම් මාර්ග සාර්ථක වනු ඇත.

සිංහ රාශිය

සස යෝග බලය හත්වැන්නේද රුචක යෝගය සිවුවැන්නේද වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදී ඇති ඔබට දිගු කලක් තිබූ බලාපොරොත්තු සාර්ථක වන අතර සියලු කටයුතු ජයගැනීමට හැකි වනු ඇත.

කන්‍යා රාශිය

සෙනසුරු සිකුරු අඟහරු මෙන්ම රවි කුජ චන්ද්‍ර ආලෝක ග්‍රහ බලපෑම ද වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදී ඇත. විවාහ මංගල කටයුතු, රැකියා ව්‍යාපාර ආදායම් මාර්ග මෙන්ම දිගුකාලීනව ඉටු නොවූ බලාපොරොත්තු ඉටුවන කාලයකි.

තුලා රාශිය

ලග්නගත මාලවී යෝගය මෙන්ම දෙවැන්න හා තුන්වැන්න ආශ්‍රිත ආලෝක ග්‍රහ බලයද ඇති ඔබ වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදේ. දිගුකාලීන අභිමතාර්ථ සාර්ථක වේ. දෙස් විදෙස් සංචාර ආදායම් මාර්ග සතුටුදායක වෙයි.

වෘශ්චික රාශිය

සස, රුචක වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදීමෙන් උදාරතර ගමන්මඟකට දොරටු විවර වෙයි. අරමුණු ඉටු වෙයි.

ධනු රාශිය

ආලෝක ග්‍රහ බලය මේන්ම වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදේ. ඉදිරි අරමුණු ජය ගැනීමේදී හදිසි තීරණ නොගෙන කටයුතු කිරීමෙන් සතුටුදායක තත්ත්වයක් ඇති කරගත හැකිය.

මකර රාශිය

මාලවී යෝගය දසවැන්නේද වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදීමෙන් මෙතෙක් නොසිතූ විරූ සාර්ථකත්වයක් හිමි වන අතිශය සතුටු දායක නිර්මාණශීලී අවධියකි. කුම්භ රාශිය

රුචක, සස වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව යෙදෙන භාග්‍යවත් කාලයකි. බලාපොරොත්තු රැසක් අතිශයින් සාර්ථක වෙයි.

මීන රාශිය

ගුරු ශනි බුධ චන්දු සිකුරු මෙන්ම ආලෝක ග්‍රහබල 9,10 ස්ථානවල ද වෙශී වොෂී උභයචාරී ගජකේශරී ඵාශ යෝග ප්‍රබලව උදාවෙයි. රැකියා ආදායම් මාර්ග මෙන්ම බලාපොරොත්තු ඉටු වෙමින් විජයග්‍රහණ රැසක් හිමිවන කාලයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.