දෙසැම්බර් මාස‍යේ රවි සංක්‍රාන්ති‍ෙයන් ධනු රාශියට ශ්‍රී නාථ සහ ධර්ම කර්මාධිපති යෝග බලය

ලග්න දොළසටම රාජකීය යෝග පොකුරක්
නොවැම්බර් 24, 2023

එළැඹෙන වසරේ ජනවාරි 15 අලුයම දක්වා දෙසැම්බර් මාසයම ද ආවරණය කෙරෙන පරිදි ධනු රාශියේ මේෂ නවාංශකයේ මූල නැකතේ 01 පාදය ආශි‍්‍රතව සූර්ය දිව්‍යරාජයා ධර්ම කර්මාධිපති ශ්‍රීනාථ යෝගබල ධනු රාශියට උදාකරවන්නේය. ඒ අතර දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 15 වැනිදා අතර කෝණ මාසයද ග්‍රහණය කෙරෙමින් ලග්න දොළසටම ප්‍රශස්ත ග්‍රහ කිරණ රැස් ධාරා විහිදුවමින් ග්‍රහ සංක්‍රාන්තිය බලවත් වෙන්නේය.

මෙය 2023 වර්ෂයෙහි අවසාන ග්‍රහ සංක්‍රාන්තිය පදනම් කොටගත් සෞර ග්‍රහ මණ්ඩලීය ප්‍රශස්ත ග්‍රහචාරයකි. ශ්‍රී ලංකාවාසී මෙන්ම ලොව පුරා විහිදී සිටින සමස්ත මානව වර්ගයාගේ යහපත සුරක්ෂිත බව නිදහස, තෘප්තිමත් ආර්ථිකය, සෞඛ්‍යය සංරක්ෂණය ආදිය පිළිබඳ ශුභවාදීබවක් ඇති කරන්නේය.

සාමය, සමගි සමාදානය, සහයෝගිතාවය, අවංක ඍජුබව පිණිස ලෝකායතන මේෂ රාශි සටහනට මෙන්ම සිංහ ලග්නගත ශ්‍රී ලාංකේය ජනරජ රාශි සටහනටද අතිවිශිෂ්ට හිතවාදී බවක් ඇති වන්නේය. කාර්මික, කෘෂිකාර්මික සංවර්ධනයෙහි රැකියා ආදායම් මාර්ග, සෞභාග්‍යය එක්තැන් කෙරෙන මහත් වර්ධනයක් ඉටුවීමේ බලාපොරොත්තු ඇති කරගත හැකි සමයකි. ව්‍යාජ ප්‍රෝඩාකාර වංක ක්‍රියාකාරකම් අත්හැර මානුෂීය හැඟීම් පදනම් කරගෙන මිනිස් සත්ත්වයා ජීවත් විය යුතුව ඇත.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ඛනිජ සම්පත්, බදු පැහැර හැරීම්, ව්‍යාජ ක්‍රියාකාරකම් ක්‍රමවත් කරළීම සඳහා රාජ්‍ය අවධානය යොමු වනු ඇත. ගොඩනැඟිලි ඉදිකිරීම්, අනවශ්‍ය ආනයන අත්හිටුවා ජාතික ධනය හා සම්පත් සුරක්ෂිත කොට රාජ්‍යය කළමනාකරණය අප්‍රමාදව සැලසුම් කරළීමට ශුභවාදී පසුබිමක් සැකසෙනු ඇත.

සාමය, සමඟි සමාදානය සහයෝගිතාවය අවංක ඍජුබව පිණිස මනුෂ්‍යත්වය සිත් සතන් තුළ පැතිරීමට බලපාන ප්‍රශස්ත ග්‍රහචාරයකි. කාර්මික, කෘෂිකාර්මික සංවර්ධනය කෙරෙහි ජනතා අවධානය යොමු වීම බොහෝදුරට දේශීය මූල්‍යය ක්ෂේත්‍රය යහපත් වීමෙහිලා බලපානු ඇත. අවිහිංසාව අවංකබව පිරිසුදු චරිතය, සත්‍යවාදී බව යහපත් සංකල්පනා ආදි මානුෂික චින්තනය විශ්වය පැතිරවිය යුතු කාලයකි. පාපතර ක්‍රියාකාරකම් බොහෝදුරට මර්දනය වී යෑමෙහි ප්‍රවණතාවයක් ඇතිවේ. දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 15 වැනිදා අතර කෝණ මාසය තුළ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම්, ආයතනික කාර්යයන් ඇරඹීම අශුභවාදි බව ඡ්‍යොතිෂයේ පිළිගැනීමයි.

 

මේෂ රාශිය

අඟහරු හිමි මේෂ රාශියෙන් ජන්මලාභය ලද ඔබ හට උසස්ම යෝග රැසකගේ කිරණ ධාරාවන් ශුභවාදීව ක්‍රියාත්මක වෙන කාල පරාසයකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියා ආදායම් මාර්ග, උසස්වීම්, විජයග්‍රහණ, නිවාස හිමි ආශි‍්‍රත සමාරම්භක කටයුතු මංගල කටයුතු පවුලේ උත්සව, ආගම දහමෙහි කටයුතු ආදි ශුභවාදී සුවිශේෂි අරමුණු සාර්ථකත්වයට නැඹුරුවෙන ප්‍රබලතාව වූ ග්‍රහචාරයක් වර්තමානයෙහිදී ශුභාවාදිව යෙදී ඇත. උත්සාහය, උනන්දුව මත අරමුණුූ සතුටුදායක වෙයි.

වෘෂභ රාශිය

අසාමාන්‍ය ලෙසටත් දිගු කාලීන වූ අරමුණූ ලෙසටත් ජීවිතයෙහි මෙතෙක් ප්‍රමාද වූ සේවා ගණනාවක් කඩිනමින් සාර්ථකත්වයට පාත්‍ර කෙරෙයි. සමාජ සුබසාධන සේවා රැසක් ඔබගේ ප්‍රධානත්වයෙන් සතුටුදායක ලෙස ඉටු වෙයි. අනාගත මෙන්ම වර්තමාන සිතැඟියාවන් ගණනාවක්ම කඩිනමින්ම ඉෂ්ට සිද්ධ කර ගැනීමෙහි භාග්‍යය යෙදී ඇත. අරමුණු රැසක්ම විවිධත්වයකින් සාර්ථකත්වයට පාත්‍රවෙනු ඇත.

මිථුන රාශිය

ලැබීම් අංශය මෙන්ම ශුභවාදී ක්‍රියාකාරකම් රැසක්ම සාර්ථක කෙරෙනු ඇත. සමාජශීලි ඔබ හට අවහිර බාධක දුෂ්කරතා බොහෝම යටපත් කොට උසස් ප්‍රභූ ජනයාද ඇසුරු කරගෙන ජීවිතයේ ප්‍රධානතම අරමුණු ගණනාවක් සතුටු සිතින් ඉටු කර ගැනීමට හැකිවනු ඇත. කොයි කා අතරත් ප්‍රසාදයට පාත්‍රවෙමින් කුසලතාද ගණනාවක්ම සාර්ථක කරගනු ලබයි.

කටක රාශිය

හදිසි තීරණ තීන්දු නොගෙන ක්‍රමවත්ව ක්‍රියාකාරිවීමෙන් බහුතරයක් පිරිස ආශි‍්‍රතව ක්‍රියාකාරකම් රැසක්ම කරගත හැකි වනු ඇත. විෂමචාරි පුද්ගලයන් ප්‍රවේශමෙන් ඇසුරු කරලීම ගනුදෙනු කරලීම යහපත් වෙයි. වර්තමාන රැකියා ආදායම් මාර්ග සතුටුදායක ලෙස නිමා කර ගැනීමට හැකිවෙනු ඇත. උත්සාහය, උනන්දුව අනුව ක්‍රමානුකූලව කටයුතු කර ගැනීම ද උසස්ම ශුභවාදී ජීවිතයකට ප්‍රධාන ගමන් මාර්ගයයි.

සිංහ රාශිය

රාජ්‍යය අංශයෙහි මෙන්ම පෞද්ගලික අංශයෙහි කාර්යයභාරයන් ගණනාවක්ම සතුටුදායකව නිමාකොට ගත හැකිය. උසස්වීම්, විජයග්‍රහණ, රැකියා ආදායම් මාර්ග සාර්ථක වීම අරමුණූ රැසක් ඉෂ්ඨ සිද්ධවීම්, සතුටුදායක වෙයි. රෝගාබාධ ද නිර්නාමික නාමික සොරසතුරු බලවේග දුරස්ථ කරගැනීම සහ මනා වූ සැලැසුම්කරණය තුළින් උසස් ජීවන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම සාර්ථක වෙයි. පදිංචි නිවාස, භූමි ගොඩමඩ ඉඩකඩම් ආශි‍්‍රත සතුටු බවක් උදා කෙරෙයි.

කන්‍යා රාශිය

පොත්පත් ලිපිලේඛන ආශි‍්‍රත සේවාවන්ද පොදු ජනතා ආශි‍්‍රත වූ කටයුතු ද බොහෝදුරට සාර්ථක වෙයි. උද්‍යෝගය මත දිගුකාලීන වූ අභිමතාර්ථයන් රැසක් සතුටුදායක බවට පාත්‍ර කරගත හැකිය. අධ්‍යාපනය, දූදරු ගැටලු, විවාහ මංගල කටයුතු , පදිංචි නිවාස භූමි ආශි‍්‍රතව උසස්ම දියුණුවකට තුඩුදෙන පරිදි සැලසුම්කරණ සතුටුදායක වෙනු ඇත. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක නිමාවකට පාත්‍රවෙනු පෙනී යන්නේය.

තුලා රාශිය

දෙස් විදෙස් සතුටුදායක ගමන් බිමන් රැසක් සතුටුදායක බවට පාත්‍ර කෙරෙනු ඇත. රැකියා ආදායම් මාර්ග මංගල කටයුතු පදිංචි නිවාස, භූමි ආශි‍්‍රත අරමුණු රැසක්ම සාර්ථකත්වයට පාත්‍රවෙයි. උසස් ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙනු ඇත. රෝගාබාධක සතුරු, එදිරිවාදිකම් බොහෝදුරට දුරස්ථ වෙයි. උසස් ජීවන ගමන්මඟකට තුඩුදෙන පසුබිමක්ද නිර්මාණය වෙයි. දිගුකාලීනව පැවැති සැලසුම් සාර්ථකත්වය කරා තුඩුදෙන කාල පරාසයකි.

වෘශ්චික රාශිය

නොවැම්බර් මැද සිට දෙසැම්බර් කාල සීමාව තුළ ස්වකීය අභිමතාර්ථයන් රැසක්ම සාර්ථක කරගනු ලබයි. මන්දගාමී බවක් නොවන අතර කඩිනමින් ඉදිරිකාලය ආශි‍්‍රතව ජීවිතය සතුටුදායක බවට පාත්‍රකර ගැනීම ඉහළින්ම සලකා ගනු ලබයි. බොහෝදුරට උත්සාහය, උනන්දුව මත දේපළ වස්තු ඉඩකඩම් ලාභ ගෙන දෙයි. සිතැඟියාවන් රැසක්ම සාර්ථකත්වයට පත් වීමට කරුණු යෙදෙයි.ජීවිතයෙහි වැදගත්ම කාර්ය භාරයකට යොමු වන කාල පරාසයකි. සතුටුදායක ලෙසින් අරමුණූ සඵල කෙරෙනු ඇත.

ධනු රාශිය

අතිවිශිෂ්ටතම දුර්ලභ ගණයෙහි ග්‍රහචාර පෙළක්ම ඔබහට ක්‍රියාකාරිවෙයි. රැකියා ආදායම් මාර්ග දියුණුව, පදිංචිය, භූමිය ආශි‍්‍රතව සතුටුදායක බවක් ගෙනෙන කරුණු නිර්මාණය වී යාම, ශාස්ත්‍රීය ප්‍රබුද්ධ ආලෝකවත් බවක් නිර්මාණය වීමෙන් සතුටුදායක වූ සුභවාදි කාලයක් වෙයි. නිර්නාමික නාමික සොර සතුරු බලවේග මර්දනය වෙයි. උසස් ජීවිතයකට භාග්‍යය, වාසනාව දැනට උදාකොට ඇත. අප්‍රමාදව කඩිනමින් ස්වකීය දියුණුව ආශි‍්‍රත කටයුතු කර ගැනීම යහපත් වෙයි.

මකර රාශිය

නිර්මාණශීලි ක්‍රියාකාරි ජීවන ගමන් මඟ අතිශය ප්‍රබලව සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. අභිමානයෙන් යුතුව අනාගත අරමුණු රැසක්ම සාර්ථක කරගැනීමට උත්සාහය ගනු ලබන ගමන් මඟෙහි පදිංචි නිවාසය, පදිංචි භූමිය ආශි‍්‍රතව අතිශය සතුටුදායක කරුණු යෙදීමක් පෙන්නුම් කෙරෙනු ඇත. බාධක මාරක අවහිර දුෂ්කරතා මර්දනය කොටගෙන විජයග්‍රාහී ගමන්මඟට අභිමානයෙන් යුතුව මුහුණ දෙනු පෙනීයයි. මන්දගාමී බවක් නොමැත. තීරණ, තීන්දු, සාර්ථකත්වයට පමුණුවා ගනු ලබයි.

කුම්භ රාශිය

තිරසර හැගීම් නිතර සාර්ථක කර ගනිමින් ඉදිරියටම ස්වකීය ජීවිතයට සාර්ථකබව පමුණුවා ගනු ලබයි. උසස් ප්‍රභූ ජනයාව ඇසුරු කර ගනු ලබයි. සප්ත ග්‍රහ මණ්ඩලයෙහි ප්‍රබලත්වය ස්වකීය ග්‍රහ මණ්ඩලයට ශුභවාදී කිරණ දෙනු ලබයි. නිතර නිතර තම ගමන්මඟෙහි ස්ථිරසර බවෙහි සතුටුදායක බවක් නිර්මාණය කර ගනු ලබයි. දිගුකාලීනව ඉටු කර ගැනීමට පෙරුම් පිරූ සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක කරගනු ලබයි.

මීන රාශිය

ධර්මාන්විත මානසිකත්වය සතුටුදායක ක්‍රියාකාරකම්හි යොදවයි. නිර්මාණශීලි බැව් පෙනී යයි. ප්‍රබල යෝග රැසකින් පිටුවහල ලබා ප්‍රමාද දෝෂ දුරුකොට ගෙන ඉදිරියටම ගමන් කරයි. බාහිර බාධක අවහිර මැඬගෙන අභිමානයෙන් අනූනව අරමුණු සඵල කරගනු ලබයි. උත්සාහය, උනන්දුව ඇත. ක්‍රියාකාරකම්හි මන්දගාමී බවක් නොමැත. සමාරම්භක කටයුතු අවසානයම දක්වා කරගෙන යනු ලබයි. ජීවිතය ශුභයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.