ජුනි 29 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 28, 2023
 
ඉර උදාව - 05.58 
ඉර බැසීම - 06.29 
 
රාහු කාලය - දහවල් 01.47 - 03.21 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
වගකීම් බහුල දිනයකි. නිතර පවුලේ කෙනකු පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවක් පෙන්නුම් කරයි. එමෙන්ම පවුලේ අය අතර ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත්වන දින බවක් පෙන්නුම් කරයි. 
 
වෘෂභ 
ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුවන දිනයකි. නිතර අලංකාර දේ මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
මිථුන 
පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. නිතර තමාට අන් අයගේ ප්‍රශංසා හිමි වීමට ඉඩ ඇත. ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට හැකිවන දිනයකි. දරුවකු පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතු බවක් පෙනේ. 
 
කටක 
ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. 
 
සිංහ 
අමතර ආදායම් මාර්ග කීපයක් හිමි කරන දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමිකරයි. අලුත් අයගේ ඇසුරට කටයුතු උදාකරයි. 
 
කන්‍යා 
ගතට සිතට වෙහෙස ඇති කරන දිනයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු කරයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි. 
 
තුලා 
පදිංචියෙන් පිට වාසයට කරුණු සැලසේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. දේපළ සම්බන්ධ ආරවුලකට මුල පිරේ. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. 
 
වෘශ්චික 
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදාකරන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි විමසිලිමත් විය යුතු දිනයකි. 
 
ධනු 
වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. සහෝදරයකු සමඟ ඇතිවන මතභේදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. හදිසි ලාබ හිමිකරන මාර්ග කීපයක් යෙදේ. 
 
මකර 
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකටද හිමිකම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියුතු වූවන්ට සුබදායකයි. රැකියාවේ සුබදායක පුවතක් අසන්න ලැබේ. 
 
කුම්භ 
සැනසිලිදායක ලෙස දවස උදාකරයි. පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳී යන බවක් පෙන්නුම් කරයි. හදිසි වැටීම්, තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට ඉඩ ඇති දිනයකි. 
 
මීන 
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. වරින් වර සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. 
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.