2023.07.28 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 27, 2023

ඉර උදාව - පෙ.ව. 06.04 
 

ඉර බැසීම - ප.ව. 06.30 
රාහු කාලය - උදේ 10.43 - 12.17 
 
සුබ දිශාව  - නැඟෙනහිර 
 
මේෂ 
තරමක් දුරට අවිවේකී බවක් අති කරන දිනයකි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු සැලසේ. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
වෘෂභ 
ඉදිරි සැලසුමක් වෙනුවෙන් පියවර කීපයක් ගන්නා කාලයකි. පවුලේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යෙදේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. 
 
මිථුන 
ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. නිතර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු යෙදෙන දිනයකි. රුධිරයේ සීනි මට්ටම පිළිබඳ අවධානයෙන් පසුවන්න. වෙනදාට වඩා ආහාර පාන ගැනීමේදී ද කල්පනාකාරී වීම වැදගත් වේ. 
 
කටක 
අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. හදිසි ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. 
 
සිංහ 
නිතර විසිතුරු දේ කෙරෙහි සිත අදී යන දිනයකි. පැරැණි පෙම් සබඳතාවක් අලුත්වන බවක් ද පෙන්නුම් කරයි. මෙතෙක් පැවැති උදාසීන ගතිපැවැතුම් මඟහැරී යයි. පවුලේ දානමය කටයුත්තකට කරුණු ඇති කරයි. 
 
කන්‍යා 
අත මිට මුදල් ගැවසෙන දිනයකි. අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට මඟ සැලසේ. අමතර ඉගෙනීමේ කටයුතුවල නිරතවීමට සිදුවන අතර අමතර මුදල් වැයවීම්ද සිදුවන දිනයකි. 
 
තුලා 
වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. පවුලට අලුත් සාමාජිකයකු සම්බන්ධ විය හැකි දිනයකි. ගතට සිතට සැනසිල්ල අඩු කරයි. නිතර පදිංචි ස්ථානයෙන් ඈත්ව කටයුතු සිදුකරන බවක් පෙනේ. 
 
වෘශ්චික 
වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදෙන දිනයකි. එහෙත් ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. දරුවකුගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන් බවක් ඇති කරයි. හදිසි සෙම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන බවක් පෙනේ. 
 
ධනු 
සහෝදර මතභේදයකට හේතු ඇති කරයි. එමෙන්ම ගෘහ ජීවිතයේ ගැටලුකාරී බවක් ද ඇති කරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන දිනයකි. සුරතල් සතකු නිසා පාඩුවක් සිදුකරයි. විවේකය අඩුකරන කාලයක් වන අතර, උදරාබාධයකට ද හේතු කරයි. 
 
මකර 
අතමිට මුදල් ගැවසුණක් වැයපස අධික කරන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ වගකීමක් තමාපිට පැවරෙන දිනයකි. 
 
කුම්භ 
මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. පරම්පරාගත දේපළක් සම්බන්ධ ගැටලුකාරී බවක් ඇතිවන දිනයකි. වෙනදාට වඩා වැඩකටයුතු අධිකවන අතර, මුදල් පරිහරණයේ දී සැලකිලිමත් වන්න. පොරොන්දු ගිවිසුමකට බාධාකාරී බවක් ඇති කරයි. 
 
මීන 
වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි. පියපස ඥාතියකු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබේ. රැකියාවේ කටයුතු පිළිබඳ එතරම් යහපත් දිනයක් නොවනු ඇත. නිතර දෝෂාරෝපණයට ලක්වන දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.