2023.07.27 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 26, 2023

ඉර උදාව - පෙ.ව. 06.04

ඉර බැසීම - ප.ව. 06.30

රාහු කාලය - දවල් 01.50 - 03.24

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. විශේෂ තීරණයක් වෙනුවෙන් කටයුතු සූදානම් වන සතියකි. අතමිට සරුවන මාර්ග කීපයක් යෙදේ. පුණ්‍ය කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවක් පෙනේ.

වෘෂභ

දුරදිග බලා ගන්නා තීරණයක් සාර්ථක කරයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවන කරුණු කීපයක් යෙදේ. මුදල් ගනුදෙනුවලදී සැලකිලිමත් විය යුතු දිනයකි. හදිසි ආදායම් මාර්ගයකට හිමිකම් ඇති කරයි.

මිථුන

ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන දිනයකි. බාල සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් පාඩුවක් සිදු වීමට හේතුයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි මාර්ග කීපයක් යෙදේ.

කටක

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරන දිනයකි. ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සහෝදර මතභේදයක් දුරදිග යා හැකි කාලයකි.

සිංහ

හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙන දවසකි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දේපළ ගැටලුවක් දුරදිග යා හැකි බවක් පෙනේ. හිතවත්කම් අලුත් කරන කාලයකි.

කන්‍යා

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසේ. වැඩිහිටි ආශීර්වාදය ඇතිව කටයුතු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන කාලයකි. වරින් වර ශාරීරික දුර්වලතා ඇති කරන දිනයකි.

තුලා

ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පතයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අමතර වියදම් වැඩි කරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

වෘශ්චික

අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. ගැටලු කීපයක් විසඳා ගැනීමට අවස්ථාව උදා කරයි.

ධනු

නිතර උදාසීන ගතිපැවැතුම් ඇති කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික අසහනකාරී බවක් ඇති කරයි. හදිසියේ යෙදෙන චාරිකාවකට සහභාගිවීමට සිදුවන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මකර

අවිවේකී ලෙස දවස උදාවෙයි. දරුවකුගේ නොසන්සුන්කාරී ගතිපැවැතුම් තමාට අසහනකාරී බවක් ඇති කරයි. තාක්ෂණික අංශයේ රැකියා කටයුතුවලින් විශේෂ වාසි අත්කරන දිනයකි. සිතේ සතුටට කරුණු ඇතිකරන බවක් පෙනේ.

කුම්භ

සිතේ සැනසිල්ල අඩු කරන දිනයකි. වංචා ප්‍රයෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. හදිසි ආදායම් මාර්ග සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථකවන බවක් නොපෙන්වයි.

මීන

වරින් වර යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාද කරයි. නොසිතූ ලෙස අධික මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවෙයි. ශරීරික වෙහෙස ගෙනදෙන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.