2023.07.21 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 20, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.03 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - පෙ.ව. 10.43 - 12.17 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
අමතර බැඳීම් වැඩිකරමින් දවස උදාකරයි. පොරොන්දු ගිවිසුමක් කල්දැමීමට සිදුවෙයි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කටයුතු  කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. 
 
වෘෂභ 
යොදාගත් සැලසුමක් සාර්ථක කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ ගනුදෙනුවක් සාර්ථකවන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. යටපත් වූ උරහිස ආශි‍්‍රත වේදනාවක් නැවත මතුකරයි. එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. 
 
මිථුන 
සැලසුම් සහගත කටයුතු කීපයක් යෙදෙන දිනයකි. නිතර ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරයි. අලුත් නෑදෑ පිරිසක් හඳුනා ගැනීමට මඟ සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක වන අතර ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටු කරයි. 
 
කටක 
ශාස්ත්‍රීය කටයුත්තකින් විශේෂ වාසී කීපයක් අත් කරයි. වරින්වර ගේදොර කටයුතුවලින් ඈත් වී සිටීමට හේතු යෙදේ. මවුපස ඥාතියකුගේ අසනීප තත්ත්වයක් දුරදිග යයි. ප්‍රභූ අය හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. 
 
සිංහ 
පවුලේ ඉදිරි සැලසුමක් ප්‍රමාද කරයි. නිතර වැය පස අධික කරන බවක් පෙනේ. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. සහෝදර බැඳීමකට හානි සිදුවිය හැකි දිනයකි. නිතර ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් පසුවන්න. 
 
කන්‍යා 
පවුලේ බැඳීම් වැඩි කරන දිනයකි. ඥාතීන් අතර හොඳ හිත දිනා ගන්නා බවක් පෙනේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති අතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට ද සිදුවෙයි. 
 
තුලා 
හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන දිනයකි. හිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර පින් දහම් කටයුතුවලට සම්බන්ධවන බවක් පෙනේ. අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. 
 
වෘශ්චික 
විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. නිතර අතමිට මුදල් ගැවසුණත් හදිසි මුදල් වැයවීමක් ද සිදුකරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙන දිනයකි. උසස් අයගේ ඇසුරට අවස්ථාව උදාකරයි. තෑගි බෝග හිමිකරන කටයුතු කීපයක් යෙදේ. 
 
ධනු 
හදිසි තීරණයක් සාර්ථක කරන දිනයකි. එහෙත් නොසිතූ ලෙස තමා අතින් පාඩුවක් සිදුකරයි. දුර ගමනක් යෙදීමෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කරයි. අසරණ අයකුට පිහිටක් වීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. 
 
මකර 
ගනුදෙනුවලදී දුරදිග සිතා බලන්න. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති දිනයකි. ව්‍යාපාර කටයුත්තකින් අමතර වාසි කීපයක් සැලැසේ. 
 
කුම්භ 
ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. අලුත් සැලසුමක් ආරම්භ කිරීමටද අවස්ථාව උදාකරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇත. හිස ආශි‍්‍රත ඇති කරන ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. 
 
මීන 
හදිසි ආදායම් මාර්ග කීපයක් හිමිකරයි. වෙනදාට සැහැල්ලුවෙන් කටයුතු කරන බවක් පෙනේ. සහෝදර පක්ෂය සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. එමෙන්ම පවුලේ භෝජන සංග්‍රහයකට ද කටයුතු උදාකරයි. මවුපස ඥාතියකු පිළිබඳ විමසිල්ලෙන් පසුවන්න. 
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.