2023.07.26 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 25, 2023


ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.30

රාහු කාලය - දවල් 12.17 - 01.50

සුබ දිශාව - දකුණ

මේෂ
අවිවේකී ලෙස කටයුතු උදාකරයි. එමෙන්ම නිතර උදාසීන ගතිපැවැතුම් ඇතිකරන දිනයකි. පහත් අය හා ඇසුරට කටයුතු යෙදේ. අතමිට මුදල් හුවමාරුවක් කර ගැනීමට කටයුතු උදාකරයි. නිතර වෙහෙසකාරී කටයුතු යෙදෙන දිනයකි.

වෘෂභ
පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කීපයක් කර ගැනීමට අවස්ථාව උදාකරයි. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මවුපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

මිථුන
ගතට සිතට සුවදායක දිනයකි. පවුලට සම්බන්ධ කෙනකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුවක් පෙන්නුම් කරයි. දුරගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

කටක
වගකීම් බහුල කරන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. දූ දරු සමඟියට කටයුතු සැලසේ.

සිංහ
වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන අතර නිතර උදාසීන ගති පැවැතුම් ඇති කරන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව සැලසෙයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.

කන්‍යා
සැනසිලිදායක ලෙස සතිය උදාකරයි. දරුවකු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. පවුලේ අය අතර හොඳහිත දිනාගැනීමට අවස්ථාව සැලසේ. අලුත් කටයුතු කීපයක් ඇරැඹීම යහපත් දිනයකි.

තුලා
සෙම් රෝග බහුල කරන අතර, ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත් වී සිටීම යහපත් කරයි. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවන බවක් පෙනේ. හදිසි ආදායම් මාර්ගවලට ඉඩකඩ සැලසෙන දිනයකි.

වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ඇසුරු කරන අයකුගෙන් උපදෙස් පතන දිනයකි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු
මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන දිනයකි. පවුලේ වැඩි වගකීමක් තමාවෙත පැවරෙන බවක් පෙන්නුම් කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වීම වැදගත් වේ. ලිපි ලේඛන ගැටලුවකට ද මුහුණ පාන දිනයකි.

මකර
අමතර ගමන් බිමන් බහුල කරයි. පවුලේ කටයුතු කෙරෙහි කැප වී කටයුතු කරන බවක් පෙනේ. දානමය වැඩසටහනක් වෙනුවෙන් අතහිත දීමට අවස්ථාව උදා කරයි. නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

කුම්භ
වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරන දිනයකි. පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිවන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. මවුපස ඥාතියකු පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මීන
මනසට අසහනකාරී කටයුතු කීපයක් සිදුකරයි. අලුත් හිතවතකු දැන හඳුනා ගැනීමට මඟ සැලසේ. තරඟ විභාගයක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. පවුලේ ගැටලුවක් නිරවුල්කර ගැනීමට හැකිවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.