වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00