28 වැනිදා අපනයන කෘෂි භෝග වගාවට සුබ මුහුර්තයක්

ජුනි 21, 2024

ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද කුරුඳු, තේ, කෝපි, වැනි අපනයන භෝග වගාව ආරම්භයට සුදුසු සුබ මුහුර්තයක් 28 වැනි සිකුරාදා උදේ 07.47ට යෙදෙන අතර බිම් සකස් කොට උතුර බලා පැල සිටුවීම එම අවස්ථාවේ ඉතා සුබ වන අතර එහි පලදාව වැඩිවීමටත් ඉතා පහසුවෙන් විකුණා ගැනීමටත් අපනයනය කර ගැනීමටත් මේ මුහුර්තයෙන් වගා ආරම්භය හේතු වේ.

තත් කාලයේ යෙදෙන මිථුන ලග්නයෙහි බුධ, සිකුරු, රවි සමඟ ලග්නයේම වීමත් ස්වක්ෂේත්‍ර ශනි විදේශයන් නියෝජනය කරන 9 වැනි භාවයේ සිටීමත්, ලාභස්ථානයේ ලාභස්ථානාධිපති වෙමින් කුජ ස්වක්ෂේත්‍රව සිටීමත්, අහස් මුදුනේ චන්ද්‍රයා රාහු සමඟ යෙදී සිටීමත් මේ අභිලාෂයන් ඉටුකර ගැනීමෙහි ලා ඉතා යහපත් පිහිටීම් වේ.

මේ අපනයනයන් මඟින් දේශීය ගොවියාට හොඳ ආදායමක් උපයා ගත හැකි බව නවාංශකයේ කුජගේ පිහිටීම මඟින් ද කුජ සිටින කන්‍යා රාශිය මුහුර්ත කේන්ද්‍රයේ ස්වදේශය නියෝජනය කරන හතර වැනි භාවයේම පතිත වන හෙයින් ද සුබපල තීව්‍ර කිරීමට හේතු වන බව කිව හැකිය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.