බුධ මාරුවෙන් ලග්න අටකට සර්වජන ආකර්ෂණ යෝගය

ඡ්‍යොතිෂවේදී විජිත ඩී. ලියනආරච්චි
ජුනි 21, 2024

 

මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්‍රහයා චන්ද්‍රයා හිමි කටක රාශියට සංක්‍රමණය වෙයි. කටකයට සතුරුව යෙදෙන මේ ගමන ජූලි මස 19 වැනිදා රාත්‍රී 08.46 දක්වා පවතිනු ඇත.

මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්න හිමියන්ට පැවැති භද්‍රා යෝගය අවසන් වන අතර ඔවුන්ට මිශ්‍රපල උදා වේ.

මේ ග්‍රහ මාරුව ජන ජීවිත පරිවර්තනකාරී අවස්ථාවකට යොමු කරවන්නට සමත් වනු ඇත.

මේ අතර චන්ද්‍රයා හා නැප්චූන් යන ග්‍රහයන් කුජ ශනිගෙන් සුබ කර්තරීවද රවි ශුක්‍ර ග්‍රහයන් බුධ ගුරුගෙන් පාපකර්තරී ද වී ඇති බව පෙනේ. මේ අනුව කාලගුණික, දේශගුණික සහ පාරිසරික විපර්යාස ජනජීවිත කෙරෙහි අයහපත් ලෙස බලපෑ හැකිය. සංස්කෘතික, සභ්‍යත්වය හිංසනයට ලක්වීමේ ප්‍රවණතාවය ද ඉහළ යනු ඇත. ගංවතුර, නාය යෑම්, කඳුකඩාවැටීම් යනා දී පාරිසරික විපත් පදිංචි නිවාස භූමි විනාශයන් ද ඇති විය හැකිය. සෞඛ්‍යය, අධ්‍යාපනය, සුබසාධනය, ජලය, ගමනාගමනය, අධිකරණය, සංවර්ධන ක්ෂේත්‍රවලට මේ නිසා බාධා පැමිණිය හැකිය. මානසික සංකූලතා ද බහුල විය හැකිය. මෙකී කාල පරාසය තුළ කන්‍යා රාශිගත අයස්ථානය වූ 11 වැන්න බොහෝ දුර්වලව පවතිනු ලබන බැවින් මූල්‍යමය වශයෙන් සැලකිය යුතු පසු බැස්මකට මුහුණ දීමට බොහෝ දුරට සිදුවිය හැකිය. එනිසා මනා කළමනාකරණයකින් යුතුව තම කටයුතු ඉටුකරගනීමට වගබලා ගත යුතුය.

එනිසා විධිමත් ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් ගුණාත්මක මෙන්ම චර්යාත්මක ජීවිත ගත කළ යුතුය.

ජූනි 04 වැනිදා සිදු වූ ග්‍රහ යුද්ධයෙන් බුධගේ පරාජයත් ජුනි 17 වැනිදා යළිත් බුධට ජය හිමි වීමත් සලකා බලන කල මෙන්ම අනෙකුත් ග්‍රහචාර යන්ගේ සුබා සුබ මෙකී 29 වැනි දින බුධ ග්‍රහචාරය කෙරෙහිද බලපායි. එනිසා අක්‍රීය බවට පාත්‍ර වූ ආනයන අපනයන රටාවන් ක්‍රමවත් පාලනයකට ලක් කිරිමෙන් හා වඩාත්ම දූරදර්ශීව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සාර්ථක කරගත හැකිය.

 

මේෂ රාශිය

ලග්න ගතව අඟහරු රුචක යෝගබලය දෘෂ්‍යයමාන වෙයි. මවුපිය සහෝදර සහෝදරියන්ගේ ආශිර්වාද ලැබෙයි. ලිපි ලේඛන මාධ්‍යය කාර්යයන්හි උදාරතම දියුණුවක් ලැබෙනු ඇත. බාධක අවහිර දුරු කෙරෙනු ඇත. ගොඩමඩ ඉඩකඩම් ලාභ ගෙන දෙයි.

වෘෂභ රාශිය

වෘෂභ රාශිගත ජම්මියාට කාල තුළ බිහිවන වෘෂභ රාශි හිමියාට 10 වැන්න වූ කර්මස්ථානය ප්‍රබලතම කෙරෙනුයේ සස යෝග බලයෙනි. දැනුවත්කම උගත්කම මත මූල්‍යමය ලාභ ප්‍රයෝජන ගෘහයෙහි පදිංචි පිරිසට උසස් දියුණුවක් උදාවෙයි.

මිථුන රාශිය

03, 07, 11 කාම කෝණය කුජගෙන් ප්‍රභාවත්වෙයි. රවි, ශුක්‍ර අධිරස කාම කෝණයට මෙන්ම 01, 05, 09 ධර්ම කෝණය ප්‍රබලත්වයට නැඹුරු වෙයි. දැනුම අවබෝධය සහ සමාජගත ජන්මියා උසස් බවට පාත්‍රවෙන අතර ආරම්භක ක්‍රියාකාරකම් නිමාකර ගැනීමෙහි භාග්‍යය උදාවෙයි. ආරක්ෂා රැකවරණ මත අතිශය සතුටුදායක බවක් උදා කෙරෙනු ඇත.

කටක රාශිය

ඔබගේ ජන්මපත්‍රයෙහි මෙන්ම ජුලි 12 සවස් භාගයතෙක් උපදින දරු දැරියනට ද රුචක නම් පංචමහා පුරුෂ යෝග අතරින් පිහිටයි. 01, 02, 06 යන ආර්ථිකමය ස්ථාන ප්‍රබල කෙරෙමින් රැකියා ආදායම් මාර්ග සතුටු තත්ත්වයට පාත්‍ර කෙරෙනු ඇත. එසේම ප්‍රභූ ජනයා ඇසුරට ලැබෙයි. උසස් දියුණුවක් උදාවෙන කාල පරාසයකි.

සිංහ රාශිය

සස යෝග බලය 07 වැන්නට මෙන්ම 03, 11 භාවස්ථාන කෙරෙහි තුඩුදෙනු ඇත. බුධගේ දුර්වලතාවය 12 වැන්නට යෙදී ඇත. මේ අනුව දැනුම අවබෝධය මත ඉතා ඉක්මනින් ඔබගේ ජීවිතය සතුටුදායක වෙයි. උසස් සිතැඟියාවන් අරමුණු සඵල වෙනු ඇත. ඔබගේ යම් යම් දුර්වලතා සහ අඩු ලුහුඬුතා සඵල කර ගැනීමෙහි භාග්‍යය වාසනාව උදාවෙනු පෙනී යයි.

කන්‍යා රාශිය

අයස්ථානගත වූ 11 වැන්නෙහි බුධ ග්‍රහයා දුර්වලතාවයට පාත්‍රවෙති. 10 වැන්න වූ කර්මස්ථානයට ද ලග්නාධිපති බවටද යෙදුණු ඥනකාරක බුධ ප්‍රබලව දුර්වල බවට තුඩුදුන්න ද පෞරුෂය වර්ධනය වෙයි. රැකියාවෙහි උසස්වීම වර්ධනය මතුකෙරෙයි. ව්‍යාපාර දියුණුව ගෙනදෙයි. දණහිස් සහ කෙණ්ඩවල ශක්තිය වර්ධනය කෙරෙනු ඇත. හදිසි ධන සම්පත් ලැබීමටද මාරක දුරු වීමට ද අවස්ථාව ලැබේ.

තුලා රාශිය

02, 07,11 ස්ථාන ආශි‍්‍රත කාමකෝණ සක්‍රීය කෙරෙන 07 වැන්න ප්‍රභාමත්වී යාමක් සිද්ධවෙයි. පවුල් ජීවිතය මෙන්ම ගොඩමඩ ඉඩකඩම්, දරු දැරියන් ප්‍රමුඛ ඔබහට ප්‍රශස්ත කාල පරාසයක්, උදාව ඇත. 07 වැන්නෙහි සුබවාදී ජවබලසම්පන්නව පිහිටීම ධනය, බලය සහ යසස කීර්තිය ප්‍රශංසාව ගලා එයි. ඉදිරි දියුණුව පතා ආශිර්වාදය තුලා රාශි ග්‍රහචාරය විශිෂ්ට ලෙස යෙදෙයි.

වෘශ්චික රාශිය

අඟහරු හිමි වෘශ්චික රාශියෙන් උපන්නා වූ ඔබහට 04 වැන්නෙහි සස යෝග බලය ඉතා සුබවාදිවෙයි. 04, 08, 12 අශි‍්‍රත සකලවිධ සෞභාග්‍යය උදාවෙයි. වෛරය, ඉරිසියාව, දුරස්ථ වෙයි. 08 වැන්නෙහි රවි ශුක්‍ර අධි රසයෝග බලය ඔබව උදාරතර සතුටට පත් කෙරෙන ග්‍රහබලයයි. ඉදිරි අනාගතයද ශුභයි.

ධනු රාශිය

03, 05, 07 භාව ස්ථාන දුබලව යෙදී ඇත. 07, 10 බාධක ග්‍රහයා 08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතව දුර්වල බවට පාත්‍ර වී 4 වැන්නෙහි චන්ද්‍රයා රාහුගෙන් පීඩාවට තුඩු දී ඇත. එසේ වුවත් ඔබගේ සමාරම්භක කාර්යභාරයන් දියුණුවට පාත්‍ර කෙරෙයි. උසස් ජීවන කුසලතා කෙරෙහි භාග්‍ය උදාකෙරෙයි. දැඩි කලකිරීම්වලට පාත්‍රවෙයි. හදිසි තීරණ ද වරින්වර යෙදේ.

මකර රාශිය

02 වැන්න වූ ධනස්ථානය ද 04 වැන්න වූ අඟහරු තැන්පත් භාවගත ස්ථානයද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ භාවගත ජවබල සම්පන්න ස්ථානවෙයි. නිර්මාණශීලී ඔබහට 04 වැන්නෙහි පංචමහා පුරුෂ යෝග අතරින් රුචක යෝග බලය උදාව පවතියි. රැකියා ආදායම් මාර්ග කටයුතු සතුටුදායක වෙයි. උනන්දුව උත්සහය මත සමාරම්භක කටයුතු අතිශය සතුටුදායක වෙයි.

කුම්භ රාශිය

ඔබගේ ලග්නගතව සස යෝගබලය ක්‍රියාත්මකවෙයි. තිරසර හැඟීම් සමුදායක් සාර්ථකත්වයට පාත්‍රවෙයි. බුධ ග්‍රහයා දුර්වලවී නිර්නාමික රෝග සතුරු බලවේග යෙදී ඇත. උදාර ගතිගුණ රැසක් යෙදුණ අසීමිත ගුණ යහපත් කෙනෙකි. කළමනාකරණය විධිමත්කොට රැකියා ආදායම්මාර්ග සතුටුදායකවෙයි. ගුණාත්මක බවක් ඔබගේ ජීවිතය ඉදිරියටම යාමෙහි සතුටුදායකවෙයි.

මීන රාශිය

රවි ශුක්‍ර අධිරස යෝග බලය 04 උදාව පවතිනු ලබයි. ලග්නයෙහි චන්ද්‍ර නැප්චූන් ශුභවාදී බවට පරිවර්තනයවී ඇත. 04, 07 ස්ථාන අධිපති බුධ 05 වැන්නේ ය. රැවටීම් වංචනික ක්‍රියාවනට තුඩුදෙන ග්‍රහ බැල්මකි. මේ අනුව වංචනික ක්‍රියාදාමයනට බලපාන අසාමාන්‍ය සිදුවීම්වලින් මිදී දෛනික ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සහ ගන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.