වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 08 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජුනි 7, 2023
ඉර උදාව – 05.54
ඉර බැසීම – 06.25
රාහු කාලය – දවල් 01.43 -03.17
සුබදිශාව – නැඟෙනහිර
මේෂ
පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර සිතේ පී‍්‍රතිය අඩුකරන බවක් පෙනේ. එහෙත් ඥාතීන්ගේ උදව් උපකාර හිමිවීමට ඉඩ ඇත. නිවෙසේ කටයුතුවලින් ඈත්වී සිටීමට සිදුවන දිනයකි.
වෘෂභ
විදෙස් ලැබීමක් හෝ විදෙස්ගත වීමක් පිළිබඳ බලාපොරොත්තුවකට සැලසුමක් ඇති කරගනී. දවසින් වැඩි කාලයක් හිතවතකු සමඟ ගත කිරීමට අවස්ථාව යෙදේ. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන දිනයකි.
මිථුන
පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. හදිසි වගකීම් කීපයක් තමා වෙත පැවරෙන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අසහනකාරී බව මඟහැරී යන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.
කටක
දේපළ ගැටලුවක් නිරවුල් කරගැනීමට කටයුතු යෙදේ. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනාගැනීමට කටයුතු යෙදෙන දිනයකි. සුළු සුළු ලාබ ලැබෙන මාර්ග කීපයක් හිමිකරයි. දවසින් වැඩි කොටසක් වැඩිහිටියකු වෙනුවෙන් ගත කිරීමට සිදුවන දිනයකි.
සිංහ
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වරින් වර ගතට සිතට පීඩාකාරි කටයුතු යෙදෙන දිනයකි.
කන්‍යා
නොගැලපෙන ඇසුරක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වන දිනයකි. නිතර හට ගන්නා උරහිස ආශි‍්‍රත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි.
තුලා
නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්නුම් කරයි. පවුලේ අයගේ උදව් උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. ළඟින් ඇසුරු කරන අයකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.
වෘශ්චික
ගේෙ දාර කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇති කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. පිරිසක් සමඟ එකතු වී කරන කටයුත්තක් හේතුවෙන් ප්‍රසිද්ධියට පත්කරයි.
ධනු
සහෝදර සිත්තැවුලක් දුර දිග යන බවක් පෙන්වයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. මනසට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරයි.
මකර
වියදම් පක්ෂය අධික වන දිනයකි. නිතර ඇවිදිලි ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. නිතර ආගමික නායකයන්ගේ පිහිට පතන බවක් පෙන්නුම් කරයි. දුරදිග බලා කටයුතු කරන්න.
කුම්භ
ගතට සිතට පීඩාකාරි ලෙස දවස ආරම්භ කරයි. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න. කොන්ද ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා ආහාරපාන ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.
මීන
නොසිතූ ලෙස වැයපස අධික කරන දිනයකි. පවුලේ කටයුතු කීපයක් මඟහැරී යන බවක් පෙන්නුම් කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. නීති ගැටලුවකට මැදිවීමට ඇති දිනයක් බැවින් ගමන් බිමන්වලදී කල්පනාකාරී වන්න.
ජ්‍යොතිෂවේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00