වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 06 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 5, 2023
ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 4.49 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
සතුරු කරදර පැවතියේ නම් ඒවා තුරන්ව යන දිනයකි. සිතට සහනයක් සතුටක් ගෙන දෙන කරුණු කීපයක් ඇතිවේ. හිතවතකුගේ අසනීප තත්ත්වයක් ගැන හෝ කරදරයක් ගැන කතා කිරීමටද ලැබෙන දිනයකි.
වෘෂභ
බාහිර කරදර නිසා හිතට සහනයක් නොමැති දිනයකි. කරගෙන යන කටයුතුවලට පවා බාධා මතු කරයි. පෙර කළ වරදකට දඬුවම් ලැබීමට වුවත් ඉඩ ඇත. බඩේ අමාරු අජීර්ණගති නිසා පීඩාගෙන දෙන සතියකි.
මිථුන
ගෙදර දොර සැප පහසුව අඩුව යයි. අන් අය සමඟ අවුල් වියවුල් මතභේද ඇතිවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු වනු ඇත. අධික වියදමක් දැරීමට හෝ මිල මුදල් හානියකට ද ඉඩ ඇති දිනයකි.
කටක
තම වැඩකටයුතුවලට හෝ කතාබස් නිසා හෝ සතුරන් ඇතිවිය හැකියි. ධෛර්යවන්තව කටයුතු කිරීමට ද පෙලඹෙන බවක් පෙන්වයි. හිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන අතර ඉදිරිය ගැන සිතන දවසකි.
සිංහ
අන් අය අතර තමා කෙරෙහි පැවැති ගෞරවය අඩුව යන දිනයකි. තම හොඳ නමට කැළැල් ඇති වන සිදුවීම් ඇතිවීමටද කරුණු යෙදේ. කථාව නිසා අන් අයගේ හිත් අසන්තෝෂ වන දිනයකි. සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවන දිනයකි.
කන්‍යා
කාටත් ආදරය කරුණාව දක්වන බවක් පෙන්වයි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර සුළු සුළු ලාභද ලැබෙන්නට පුළුවන. නැතිනම් ලාභ ලැබෙන මාර්ග ගැන සිතා කටයුතු කිරීමට පෙලඹෙනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත යොමුවන අතර සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව නිදහස්ව වාසය කිරීමට බලයි.
තුලා
නොතේරුම්කමින් හෝ නොදැනුවත්කමින් පාඩුවක් අලාභ හානියක් සිදුවිය හැකියි. කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. කේළාම් ඕපාදූප කතා ඇසීමට සිදුවන අතර හදිසි තුවාල අනතුරු වැනි දෙයින් සුළුවෙන් හෝ පීඩාවක් ඇතිවීමට ද ඉඩ තිබේ.
වෘශ්චික
දියුණුවට කටයුතු සැලසේ. නොයෙක් ආකාරයෙන් ලාභ හිමි කරයි. කරන කියන කටයුතුවලින් පී‍්‍රතියක් ඇතිවන අතර මුදල් ලාභද ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමුවන දිනයක් වන අතර වාසනාවන්ත දවසක් වෙයි.
ධනු
බලාපොරොත්තු ඉටුවන අතර එයින් දියුණුවට මාර්ගයක් ද සැලසෙනු ඇත. මිල මුදල් ලාභ මෙන්ම අන් අයගෙන් උදව් උපකාරද හිමි කරයි. තම තත්ත්වය උසස් කර ගැනීමට ද කටයුතු කිරීමට සැලසුම් දියත් කිරීමට පවා සිත් දෙන දිනයකි.
මකර
අනුන්ගේ තැන්වල වාසය කිරීමට සිදුවන දිනයකි. මුදල් අතින් අඟහිඟකම් ඇති කරයි. ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි. දුර ගමනක් ගැනද සිතනු ඇත. හෘදයේ අමාරු මෙන්ම ශරීරයේ දුර්වල ගතියක්ද ඇතිවේ.
කුම්භ
සිතේ චංචල බවක් මෙන්ම නොසන්සුන් බවක්ද ඇති කරයි. නිශ්ඵල ගමන්, අධික වියදම් ඇති කරයි. සිතට සැක ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවන අතර සුබ වැඩට නොබැසිය යුතු දිනයකි.
මීන
තරග වාද විවාදවලට පි‍්‍රයකරන දිනයකි. තම ගෞරවය වැඩිවන අන්දමේ කටයුතු සිදුකරයි. දියුණුවට කටයුතු යෙදේ. ප්‍රේම සම්බන්ධතාවන්ට පවා සිත යොමු වීමට හෝ එවැනි කටයුතු නිසා හෝ විවාහය නිසා සිතට යම් සිත් තැවුලක් ඇතිවීමට ද ඉඩ ඇති දිනයකි.
ජ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00