ලග්න 4කට භද්‍රා යෝගයෙන් ඉමහත් සුබපල දෙමින් බුධ කන්‍යාෙව් රජ වෙයි

සැප්තැම්බර් 13, 2024

 

 මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් විශිෂ්ට යෝගයෙන් මහත් දියුණුව, බුද්ධිමත්බව, කීර්තිය, ධනය ආදි ඉමහත් සුබ පල ද, ලග්න දොළසටම පොදුවේ බුධ ආදිත්‍ය යෝගයෙන් සැප සම්පත්, රැකියා හා ආර්ථික දියුණුව ආදිය උදා කරමින් ඥානකාරක බුධ කන්‍යා ලග්නයේ උච්ච මූල ත්‍රිකෝණව සිංහාසනගතව යෝග පොකුරක් උදා කෙරෙයි.

මේ බුධ කන්‍යා ලග්නගත වීම සිදු වන්නේ සැප්තැම්බර් මස 23 වැනිදා සඳුදා පෙරවරු 10.13ටය. එය ඔක්තෝබර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා උදේ 11. 19ට තුලා රාශිගත වනතුරු මේ සුබපල උදා කරමින් කන්‍යා රාශියේ ගත කරයි.

පංචමහා පුරුෂ යෝග අතරින් මහා භද්‍රා යෝග බලයෙන් උත්පත්තිය ලැබූ සහ මේ කාලය තුළ උපත ලබන අයගේ දැනුම, අවබෝධය මත ගුණාත්මක මිනිස් වර්ගයා අතරට එක් වෙයි. ආරෝහ පරිනාහ දේහ විලාසයෙන් බැබළෙන බවක් ද දෘශ්‍යමාන කෙරෙයි. මාධ්‍ය ආයතන අතර නවතාවයක් පෙනී යයි.

උච්ච මුලත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර ඥානකාරක බුධ ග්‍රහයා දැනුම, අවබෝධය, බුද්ධිය, වචනයට ආධිපත්‍යය දරන අතර බුධගෙන් ජන ප්‍රසාදය, ප්‍රසිද්ධිය, කීර්තිය, ප්‍රශංසා සහ තනතුරු, නම්බුනාම, සම්මාන ලැබීමෙහි භාග්‍යය ද උදා කරයි. ගුණාත්මක මෙන්ම ධනාත්මක බවක් ජන්මලාභීන්ටද ලබා දෙයි. ගොඩමඩ ඉඩකඩම්, දේපළ, වස්තු හිමි කරයි. ධනය, බලය, සැප සම්පත් නොඅඩුව ලැබෙනු ඇත. නීතිවේදීන්, වෛද්‍යවරුන්, ලේඛකයින්, ග්‍රන්ථ කතුවරුන් ආදී බුද්ධිමතුන්ට යහපත් කාලයකි.

මෙය සමස්ත ලෝකවාසී සත්ත්වයාට සුබපල ප්‍රදානය කරන අතර මෙරට නීතිරීති කෙටුම්පත්කරණයට, විදේශ සම්බන්ධතා ඔස්සේ විදේශ ආධාර, ණය, සුබ සාධන ආදිය සුබවාදී ලෙස ගලා ඒමටත් රෝහල්, ඖෂධාගාර, පොලිසි, උසාවි, බන්ධනාගාර, වැඩිහිටි නිවාස ඇතුළු සුබ සුධන සේවා ප්‍රවර්ධනයටත් හේතු වන්නකි. දැවැන්ත ගොඩනැඟිලි ඉදිකිරීම් ආදිය දෙගුණ කිරීමට බලපානු ඇත. පෞද්ගලික මෙන්ම පොදු ව්‍යවසායකයන්, කම්කරුවන් දස දහස් ගණනකට සංවර්ධන රාමුවක් ප්‍රාදේශීය මට්ටමෙන් ද වර්ධනය වෙයි. නව තාක්ෂණික මෙන්ම කාර්මික ක්ෂේත්‍රවල වර්ධනයත්, සාමාන්‍ය ජන ජීවිතයෙහිදී උසස්ම දියුණුවටත් හේතු සාධක සැපයෙනු ඇත.

 

මේෂ රාශිය

බුධ ආධිත්‍ය යෝග බලය උදාව ඇත. අභියෝග ජයගෙන සමස්ත ජන සමාජය අතරින් ඉදිරියට පා තැබීමෙහි ශක්තිය ඇත. සහෝදර සහෝදරියන්, ඥාති හිතෛෂීන් අතර කැපීපෙනන ප්‍රබල ජවබල සම්පන්න යුග පුරුෂයෙකු යයි සිතාගත හැකි සාධක පෙනී යයි. රසකාමී ජීවිතයකට අවහිර බාධක නොමැති බවක් ද පෙනී යයි.

වෘෂභ රාශිය

හදිස ධනයෝගයක් උදාව පවතිනු ඇත. 05 වැන්නෙහි රවි බුධ ඥාණයෝග බලය යෙදී ඇති අතර උසස් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඇත. උසස් අධ්‍යාපනයකට භාග්‍ය උදා කෙරෙනු ඇත. වර්තමාන කාලය තුළ දැඩි අවධානයෙන් කාලය ගතකළ යුතුව ඇත.

මිථුන රාශිය

බුධ -රවි සමඟ සංයෝගය ප්‍රබලව බලපා ඇත. සිකුරු, ශනි ද ප්‍රබලත්වයට පාත්‍රව ඇත. මේ අනුව භද්‍ර යෝගබයෙන් සැමට ආශීර්වාද කාල පරාසයකි. උසස් ප්‍රභූ ජනයාගේ අවදානය ආශිර්වාදය නිරන්තරව ගෙනදෙයි.

කටක රාශිය

රවි බුධ අධිත්‍ය යෝගය සහිතව 04, 08 සිකුරු සෙනසුරු ප්‍රබල තත්ත්වය පාත්‍රවීම උසස් ජීවන කුසලතා දක්ෂතා ඇති කරන බැව් පෙනී යයිත. ශුභවාදී කාල පරාසයකි. කොයිකාගේත් ආශීිර්වාදය ලබන ජීවන කාල පරාසයකි. උසස් දිවි ගමනකට භාග්‍යය වාසනාව යෙදී ඇත. ජනප්‍රසාදය ද ප්‍රසිද්ධිය ලැබෙන කාල පරාසයකි.

සිංහ රාශිය

බුධ ආධිත්‍ය යෝගය, උච්ච මුල ත්‍රිකෝණගත සිකුරු වික්‍රමස්ථාන ගතයි. රවි චන්ද්‍ර ප්‍රබලම සංක්‍රමණ සිදුවී ඇත. මේ අනුව වෙළෙඳ ව්‍යාපාර රැකියා ආදායම් මාර්ග ජයග්‍රහණය කෙරෙනු ඇත. සතුරන් අභිබවා ඉදිරියටම යාමට හැකිය.

කන්‍යා රාශිය

ලග්නගතව භද්‍ර යෝගය, බුධ ආධිත්‍ය යෝගය ආදී විශිෂ්ට යෝග පොකුරක් මෙවර බුධ මාරුව තුළින් කන්‍යා රාශියට උදාවෙයි. රැකියා, විවාහ සබඳතා කටයුතු සාර්ථක වීමටද භාග්‍යය උදාවෙයි. උසස්වීම් විජයග්‍රහණ රැසක් උදාවෙයි.

තුලා රාශිය

මාලවි යෝග බලයද බුධ ආධිත්‍ය යෝගය යෙදී දෙස් විදෙස් සංචාරක සේවා දියුණුවද යෙදෙයි. රැකියා ව්‍යාපාර සේවා දියුණුවෙයි. අභිමතාර්ථයන් ද සපල කෙරෙයි. උදාර ජීවන ගමන් මඟකට විජයග්‍රහණය ගෙන දෙයි.

වෘශ්චික රාශිය

සස යෝග බලය යෙදී ඇත. ගොඩ මඩ ඉඩකඩම් දේපළ වස්තු ළඟාවීමද අභියෝග මර්දනය කොටගෙන ඉදිරියටම යාමට ද භාග්‍යය වාසනාව උදා කෙරෙයි. සියලුම ලැබීම් සතුටුදායක වෙයි. ආදායම් තත්ත්වය සාර්ථකයි. උසස් ප්‍රභූ ජනයාට ඇසුරට ලැබෙයි.

ධනු රාශිය

ලෞකික දිවිය දියුණුවට මාර්ග යෙදෙයි. රැකියා ආදායම් දියුණුව ගෙනදෙයි. ආත්ම ශක්තියකින් ක්‍රියා කරනු ලබයි. සතුටුදායක බවක් පෙනී යයි. උත්සාහය උනන්දුව දියුණුව ගෙන දෙයි. උසස් දාර්ශනික හැඟීම් පහළ කෙරෙනු ඇත.

මකර රාශිය

මාලවි යෝග බලය, බුධ ආධිත්‍ය යෝගයද යෙදී ඇත. රැකියා ආදායම් මාර්ග වෙළඳ සේවා ආදායම් සතුටු දායක කෙරෙයි. උසස් ප්‍රභූ ජනතාව ඇසුරට ලැබෙයි. දෙස් විදෙස් රැකියා හිමිය.

කුම්භ රාශිය

උසස් දියුණුවකට භාග්‍ය ඇත. බුධ ආධිත්‍යය යෝග බලය ද ක්‍රියාත්මක වෙයි. උදාර හැඟීම් පහළ කෙරෙයි. ලෞකික ජීවිතය උසස් අයුරින් ගත කෙරෙනු ඇත. අභිමතාර්ථයන් සපල වේ.

මීන රාශිය

භද්‍රා යෝගය ක්‍රියාත්මකව ඇත. බුධ ආධිත්‍යය යෝගය ද යෙදී ඇත. මේ ප්‍රබල යෝග මඟින් දියුණුව සමගිය ළඟා කෙරෙයි. උසස් දියුණුව මතු කෙරෙයි. දෙවි දේවතා බලය ගෙන දෙයි. මතභේද කඩා කප්පල්වීම් දුරුවෙයි. සිතැඟියාවන් බොහෝදුරට සතුටුදායක වෙයි.

 

ඡ්‍යොතිෂවේදී - කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.