වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 05 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 4, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - පෙ.ව. 07.26 සිට 09.00 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර සැප පහසුවට කටයුතු කිරීමට ද ලැබෙන දිනයකි. ගෙදර දොර වාසනාවන්ත වන අතර මෙතෙක් බලාපොරොත්තුව සිටි අදහසක් ඉෂ්ඨවීමට හෝ බලාපොරොත්තුව සිටි දෙයක් ලැබෙන දිනයකි.
වෘෂභ
විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධයක් නිසා පැවති බලාපොරොත්තුවක් කඩව යන අතර සිත් තැවුලක් ද ඇතිවනු ඇත. සිතේ පී‍්‍රතිය අඩුව යන අතර ශරීර උෂ්ණගතියද වැඩිවනු ඇත. රක්තවාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයකි.
මිථුන
සිත්තැවුල් දුක් කරදර සහිතව කාලය ගත වන අතර ආහාර පාන පිළිබඳව කරදර බාධා ඇතිවනු ඇත ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර සැම දෙයක් ගැන මෙන්ම සැම කෙනෙක් ගැනම හිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත.
කටක
බලාපොරොත්තු සහිතව කටයුතු කරන දිනයක් වන අතර හිතවත් අයකුගේ ඈත්වීමක් මෙන්ම අලුත් හිතවත් පිරිසක් ආශ්‍රයට ලැබෙන දිනයක් ද වනු ඇත. මිල මුදලක් ලැබීම පිළිබඳ හිතේ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනු ඇත.
සිංහ
වියදම් අධික දිනයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට හෝ කැඩීබිඳී යාමටද කරුණු යෙදෙනු ඇත. අලාභ හානි සහ කටයුතුවලට බාධා ගෙනදෙන දිනයක් වන අතර උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. කෑම බීම ගැනීමට පවා ප්‍රමාද වනු ඇත.
කන්‍යා
ශරීරයෙහි නිරෝගි බවක් ඇති වන අතර සිතේ සතුටට කරුණු සැලසෙනු ඇත. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර කෑම බීමවල යම්කිසි වෙනසක් ද ඇතිවනු ඇත. පි‍්‍රය සම්භාෂණවලට සහභාගිවීමට වුවත් ඉඩ ලැබෙනු ඇත.
තුලා
කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර අලාභ හානියකට හෝ තමා සතු වටිනා දෙයක් නැතිවීමටද පුළුවන. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවනු අතර ශරීරාබාධයකටද ඉඩ තිබේ.
වෘශ්චික
ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ ලැබෙන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර ආශ්‍රය කරන්නන්ගේ පී‍්‍රතියට කටයුතු සැලසේ.
ධනු
අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයක් වන අතර හොඳින් කාලය ගත වේ. පවුලේ වැඩිහිටි අයෙක් සමඟ ආශ්‍රයක් හෝ ගනුදෙනුවක් කිරීමට කටයුතු සැලසෙනු අතර උනන්දුව ඇතිවේ. කම්මැලිගති නැතිවේ.
මකර
පිනට දහම, ශ්‍රද්ධාවක් ඇතිවන අතර අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගතවනු ඇත. කුඩා දරුවන්ගෙන් කරදර හා ඔවුන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර ගෙදර දොර අඩුපාඩුකම් ඇතිවීමටද ඉඩ තිබේ.
කුම්භ
ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවන අතර කනගාටුදායක සිදුවීමක් හෝ සිතට දුකක් දැනෙන දෙයක් ඇසීමට හෝ එවැනි දෙයකට මුහුණදීමට සිදුවනු ඇත. කරගෙන යන කටයුතුවලට අවුල් වියවුල් බාධා ඇති විය හැකි අතර සර්ප බියකටද හේතු යෙදෙනු ඇත.
මීන
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් ඇතිවනු ඇත. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර නිදා ගන්නා තැන වෙනස් කිරීමට වුවත් ඉඩ ඇති දිනයකි.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංගතුංග
෴ සබැඳි ලිපි ෴
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00