ජුනි 04 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 4, 2023
ඉර උදාව - පෙ.ව. 05.54 
ඉර බැසීම - ප.ව. 06.23 
 
රාහු කාලය - පෙ.ව. 07.27 සිට 09.03 දක්වා 
 
සුබ දිශාව - දකුණ
 
මේෂ 
සිත් තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර උසස් අයගෙන් හෝ වැඩිහිටි අයගෙන් කරදරයක් ඇතිවිය හැකියි. සිතට අමුතු අදහස් පහළ වන දිනයකි. තම ගෞරවය නම්බුව නැතිවීමට කරුණු යෙදෙන අතර අන් අයගේ තැන්වල වාසය කිරීමටද සිදුවනු ඇත. පූජ්‍ය පක්ෂයේ අය හා කටයුතු කිරීමට හැකිවන අතර, අද දින ඔබට සිවුරු, අටපිරිකර හෝ කහපාට වස්ත්‍ර පූජා කිරීමෙන් දවස ශුභදායක කර ගැනීමට හැකිවේ. 
 
වෘෂභ 
නිශ්ඵල ගමන් බිමන්වල නිරත වීමට මෙන්ම අධික වියදම් යන කටයුතු ද ඇතිවන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිකරයි. ශුභ වැඩට බැසීමට අශුභ දිනයක් වන අතර ආහාර නොදිරවීමේ රෝග, සර්ප පීඩා දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුම් ඇතිවිය හැකිය. 
 
මිථුන 
වෙනදාට වඩා හොඳට සැපට නිදා ගැනීමට හැකිවන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් බිමන් ගරු සැලකිලි ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදීයන දිනයක් වන අතර රාගාධික ගතිද ඇති කරවනු ඇත. 
 
කටක 
මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන අතර, කරදර පැවතියේ නම් ඒවා බිඳ වැටෙනු ඇත. තම අදහස් කෙසේ හෝ ක්‍රියාත්මක කර ගැනීමට හැකිවන දිනයක් වන අතර ඥාතියකු හා කරන කටයුත්තක් නිසි අයුරින් ඉටුකර ගැනීමට අපහසුවීම මත දෝෂාරෝපණයකට මුහුණ දීමට සිදුවනු ඇත. 
 
සිංහ 
සිතේ පී‍්‍රතිය අඩුව යන අතර බලාපොරොත්තු කඩව යන කාලයක් ද වනු ඇත. ආදර බන්ධනවලින් සිත්තැවුල් ඇතිවන අතර බාහිර කරදර ඇතිවනු ඇත. මුත්‍රා අමාරු, අජීර්ණ රෝග ඇතිවිය හැකිය. විවාහය නිසා හෝ රාග  සම්බන්ධකම් නිසා ඇතිවන බලාපොරොත්තු සුන්වීම නිසා සිත්තැවුල් ඇතිවේ. 
 
කන්‍යා 
අන් අය ගැන සැකයෙන් යුතුව කටයුතු කරන කාලයක් වන අතර මිල මුදල් හානියක් හෝ අධික වියදමක් ඇතිවේ. ඥාති මිත්‍රාදීන් සමඟ අවුල් ඇතිවිය හැකි බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු ය. 
 
තුලා 
කථාබහ නිසා සතුරන් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් පරිස්සම් විය යුතු අතර දියුණුව පිළිබඳ කථාවක් හෝ අදහසක් ද ඇතිවිය හැකිය. තමා ගැන වර්ණනාවක් අන් අයකුගෙන් ඇසීමට සිදුවන අතර ශරීර සනීපයටද යහපත් දිනයකි. 
 
වෘශ්චික 
වියදම් වැඩි දිනයක් වන අතර වැඩ ප්‍රමාද කරයි. උත්සාහයෙන් කටයුතු කළයුතු දිනයක් වන අතර තම තත්ත්වයට නොගැළපෙන කතා ඇසීමට ද සිදුවනු ඇත. තමා සතු යම් දෙයක් කැඩී බිඳී යාමට හෝ නැතිවීමට ද ඉඩ ඇත. 
 
ධනු 
මිහිරි ආහාරපාන ලැබෙන දිනයක් වන අතර කෑමක් බීමක් පිළිබඳ අමුත්තක් සිදුවනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි හිත ඇදීයන අතර සෙම් රෝග නිසා පීඩාගෙන දෙන අතර කාටත් ආදර කරුණාව දක්වන දවසක් වේ. 
 
මකර 
නොතේරුම්කමින් හෝ වැරදි මෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි අතර කල්පනාකාරීව ක්‍රියාකළයුතු දිනයකි. ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරදීම් මුලාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. හදිසි කැපුම් කෙටුම් වැටීම් ආදියෙන් සුළුවෙන් හෝ අනතුරු ඇතිවිය හැකිය. 
 
කුම්භ 
වාසනාවන්ත දවසක් වන අතර කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබේ. ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එන දවසක් වන අතර මුදල් ලැබීමට ද යහපත් වේ. ලොතරැයි වාසනාව උරගා බැලීමට යහපත් දිනයකි. 
 
මීන 
යහපත් දවසක් වන අතර රැකී රක්ෂා කටයුතුවලට යහපත්වේ. අන් අයගේ උදව් උපකාර ලැබෙන දිනයක් වන අතර සුලු සුලු වස්තු ලාභ ද ලැබීමට පුළුවන. බර වැඩ කිරීමට සිත් දෙන අතර කම්මමැලි ගති නැතිවේ. නමුත් ශරීරයට අධික වෙහෙසක් දැනෙනවා ඇත. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.