වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
මැයි මස 26 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය
මැයි 25, 2023
ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.22
රාහු කාලය - උදේ 10.33 - 12.08
රාත්‍රී 10.41 - 12.08
සුබ දිසාව - උතුර
මේෂ ලග්නය
ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයක් වන අතර, පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක්ද පෙන්නුම් කරයි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.
වෘෂභ ලග්නය
පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.
මිථුන ලග්නය
අතමිට සරු කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුවන දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ.
කටක ලග්නය
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති අතර, මානසික නිදහසට බාධා කරන දිනයකි. අමනාප වූ කෙනෙකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදා කරයි.
සිංහ ලග්නය
ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. නිතර තමාට අන් අයගේ ප්‍රසාද හිමිවන බවක් පෙන්වයි. එහෙත් හදිසි මතභේදයකට තුඩු දෙන කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
කන්‍යා ලග්නය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු සැලසේ.
තුලා ලග්නය
රැකියාවේ කටයුතු සම්බන්ධ අසහනකාරී බවක් ඇති කරයි. එමෙන්ම හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට පාඩු විඳීමට සිදුවේ. දුරගමන් යෙදෙන දිනයකි.
වෘශ්චික ලග්නය
දුරදිග නොබලා කටයුතු කරන දිනයකි. ගෘහ ජීවිතයේ කටයුතු අධිකවන බවක් පෙන්වයි. නිතර පැණි රස කෑමවලට පි‍්‍රයකරන බවක් පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇතිකරයි.
ධනු ලග්නය
දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්වයි. සිතේ චංචල බවක් ඇතිවන අතර, තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.
මකර ලග්නය
නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇති දිනයකි. ඇසුරු කරන අය පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. විවාහය සම්බන්ධ තීරණයකට එළැඹීමට අවස්ථාව උදාකරයි.
කුම්භ ලග්නය
පවුලේ වගකීම් බහුල කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා අමතර ආදායම් මාර්ගවලට අවස්ථාව උදා කරයි.
මීන ලග්නය
අවිවේකී ලෙස උදාවන දිනයකි. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලංකාරයට වෙහෙසෙන අතර, පැවැති බලාපොරොත්තුවක් ඉටුවන බවක් ද පෙන්නුම් කරයි.
ජ්‍යොතිර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය...
2023-08-24 18:30:00
ප්‍රවීණ ඡ්යොතිර්වේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට...
2023-08-17 18:30:00
මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත් ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් අගේස්තු...
2023-08-10 18:30:00
ධනවත් ගුණවත් දරු උපත් ලක්ෂ්මී යෝගය උදා වන්නන්ට ඉමිහිරි ජීවිතයක් කේදාර යෝග හිමියන්ට කෘෂි ක්ෂේත්රයේ වාසි සස යෝග හිමියන්ට...
2023-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-08-01 08:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා සුබ දිශාව - නැඟෙනහිර...
2023-07-30 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වාසුබ දිශාව - දකුණ මේෂනියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින්...
2023-07-28 17:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-27 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 01.50 - 03.24සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු...
2023-07-26 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 12.17 - 01.50සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස කටයුතු උදාකරයි. එමෙන්ම නිතර උදාසීන...
2023-07-25 08:30:00
ඉර උදාව – පෙ.ව.06.03ඉර බැසීම – ප.ව. 06.31 රාහු කාලය – උදේ 07.36 - 09.10 දක්වා සුබදිශාව – දකුණ මේෂඅමතර ගමන් බිමන්...
2023-07-23 12:00:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - පෙ.ව. 10.43 - 12.17 දක්වා සුබ දිශාව - නැඟෙනහිර ...
2023-07-20 09:45:00
ඉර උදාව – පෙ.ව. 06.03ඉර බැසීම – ප.ව. 06.31 රාහු කාලය – දහවල් 01.50 - 03.24 දක්වා සුබ දිසාව – උතුර මේෂ අමතර කටයුතු කෙරෙහි...
2023-07-19 17:00:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - දහවල් 12.17 - 01.51 දක්වා සුබ දිශාව - නැඟෙනහිර මේෂමනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන දිනයකි...
2023-07-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.31 රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.57 දක්වා සුබ දිශාව - උතුර ...
2023-07-17 15:30:00