ජුලි 18 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 17, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.02 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - ප.ව. 03.23 සිට ප.ව. 04.57 දක්වා
 
සුබ දිශාව - උතුර  
 
මේෂ
ගෙදර දොර පී‍්‍රතිමත් බවක් ඇතිවනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක් ඇති කරන දිනයකි. අධික වියදමක් යෙදෙන අතර පපුවේ හෝ පෙනහැලි පිළිබඳ පීඩාවක් ද ඇති කරයි. 
 
වෘෂභ
සිතේ සැකයක් සහිතව කටයුතු කරන දිනයකි. කේළාම් බස් නිසා සතුරන් ඇතිවීමටද ඉඩ ඇත. දියුණුව පිළිබඳව යම් යම් තීන්දු තීරණ ගන්නා දිනයකි. මුදල් ලාබ හිමි කරයි. 
 
මිථුන 
කෑම බීම නිසි වේලාවට නොගැනීම නිසා පපුවේ දැවිලි ගතියක් ඇතිවේ. කිරීමට සිතන කටයුතුවලට මුදල් අඩු පාඩු ඇති කරයි. කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් වැඩකළ යුතු දිනයකි. 
 
කටක 
ස්ථිර අදහසක් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. සිතට දුක් සහිත ගතියක් මෙන්ම සිතේ අන් අය කෙරෙහි අනුකම්පාවක් වැනි අදහසක් පහළ වේ. ඒ අනුව කටයුතු කරයි. 
 
සිංහ 
සිත්තැවුල් කනගාටු ඇතිවේ. අවනම්බු ලැබීමට පවා ඉඩ ඇති අතර පැවැති ගෞරවය අඩුව යනු ඇත. ලාභ ප්‍රයෝජන අඩු දවසකි. තමා අතින්ම යම්කිසි පාඩුවක් ඇතිවිය හැකියි. තුවාල හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමක් ද පවතියි. 
 
කන්‍යා 
දියුණුවට කටයුතු සැලසෙනු ඇත. හිතවතුන් සමඟ පී‍්‍රතියෙන් කාලය ගත කිරීමට ද අවස්ථාව උදාකරයි. සමාජ ආශ්‍රයට පෙළඹෙන දිනයකි. ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
තුලා 
අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ගෙදර දොර කටයුතුවලින් සිතට සැනසීමක් ලැබෙන දිනයකි. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස්කර ගැනීමටද සිතයි. 
 
වෘශ්චික 
අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිවනු ඇත. කරදර සහිත දවසකි. තම ගෞරවයට හොඳ නමකට කැළැල් ඇතිවේ. ගෙදර දොර අඩුපාඩුද ඇතිවනු ඇත. 
 
ධනු 
ධෛර්ය හීනව යන දිනයක් වනු ඇත. වැඩකටයුතුවලට බාධා අවහිරකම් මෙන්ම අවුල් වියවුල් මතු කරයි. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ තුනටියේ කැක්කුමක් හේතුවෙන් පීඩා ඇතිවේ.
 
මකර 
මිල මුදල් ලාභ ලැබෙන දිනයකි. හොඳ ආහාර පාන ගැනීමටද හැකිවේ. මිතුරන් හා ආශ්‍රයට යොමුවනු ඇත. වෙනදාට වඩා හිතේ සැහැල්ලු බවක් ඇතිව කටයුතු කරයි. 
 
කුම්භ 
තම කටයුතු සාර්ථක වීම නිසා සිතට සතුටක් ලැබෙනු ඇත. මිල මුදල් ලාභ ඇති දිනයකි. මහන්සියෙන් උත්සාහයෙන්  යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත. 
 
මීන 
බලාපොරොත්තු නොවූ කරදරයන්ට මුහුණ දීමට සිදුවේ. පැවැති මිත්‍ර සම්බන්ධතා බිඳී යාමට හෝ ඒවාට බාධා ගෙන දීමෙන් සිතේ අසහනකාරී බවක් ඇතිවනු ඇත. 
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.