2023.07.19 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 18, 2023

ඉර උදාව - පෙ.ව. 06.03

ඉර බැසීම - ප.ව. 06.31

රාහු කාලය - දහවල් 12.17 - 01.51 දක්වා

සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරන දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සිත්කලකිරීම් ඇති කරයි. නිතර ස්ත්‍රී පක්ෂය ඇසුරට යොමුවන බවක් පෙන්වයි. අන් අයගේ තැන්වල වාසයට හේතු ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන මාර්ග හිමිකරන දිනයකි.

වෘෂභ

නිතර තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. ප්‍රභූන් හා උරෙන් උර ගැටී කටයුතු කිරීමට මඟ සැලසේ. එහෙත් බලාපොරොත්තු නොවූ කරදරයකට මුහුණපෑමට සිදුවෙයි. ප්‍රණීත ආහාරපාන කෑමට අවස්ථාව උදාකරන දිනයකි.

මිථුන

පවුලේ කෙනකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ගතසිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන අතර, වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන දිනයකි.

කටක

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. වාහන ගමන්වලින් පරිස්සම් විය යුතු දිනයකි.

සිංහ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙනේ. බාහිර අලංකාරය පිළිබඳ වෙහෙසෙන දිනයකි. මවගේ අසනීපයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

කන්‍යා

හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. පැරැණි හිතවත්කමක් අලුත්වන දිනයකි.

තුලා

වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. යොදාගත් සැළසුම් කීපයක් ප්‍රමාදවන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලේ අයගේ ප්‍රශංවට පත්වන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ණය ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුතාවක් ඇති කරයි. දරුවන් පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

ගතට සිතට පීඩාකාරී දිනයකි. පවුලේ කටයුතු පිළිබඳ වගකීම් කීපයක් තමාවෙත පැවරීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි. තැන්පත් ධනයක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට පෙළැඹේ.

මකර

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන දිනයකි. මෙතෙක් පැවැති අසනීපයකින් සුවය හිමිකරයි. අමතර මුදල් හිමිවන මාර්ග කීපයක් යෙදේ. හදිසි වාහන ගනුදෙනුවක් සිදුකරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

කුම්භ

වගකීම් බහුල කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවන බවක් පෙනේ. වරින් වර දූ දරුවන්ගෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. නිතර කෑමෙන් බීමෙන් පරිස්සම් විය යුතු දිනයකි.

මීන

වෙනදාට වඩා අතමිට සරු කරයි. අලුත් සැලසුමක් ක්‍රියාත්මක වන දිනයකි. ශාරීරික වෙහෙසීම් වැඩිවන බවක් පෙනේ. ගතට සිතට පීඩාකාරී බවක් ඇතිකරන දිනයකි. ඇසුරු කර්ම අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.