වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සැප්තැම්බර් 25 දින උතුම් සරසවි යෝගයක්
සැප්තැම්බර් 6, 2019
දරුවකුට වයස අවුරුදු 2 සම්පූර්ණ වී ලබන 3 වන වර්ෂය තුළ දී, එනම් 4 වන අවුරුද්ද ලබන්නට පෙර අකුරු කියවිය යුතු ය.
එබඳු වයසේ පසුවන පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත්වලින් උපන් දරුවන්ට අකුරු කියවීමට සුදුසු ඉතා උතුම් සරසවි යෝගයක් මෙම සැප්තැම්බර් 25 දින පෙරවරු 06.06 යෙදේ. සුබ දිශාව වන්නේ උතුරයි.
බදාදා දිනයක රවි, බුධ, කන්‍යා ලග්නයේ සිටිමින් බුධ හෝරාවේ යෙදෙන මෙය අංග සම්පූර්ණ සරසවි යෝගයකි. මෙම අවස්ථාවේ පංචාංග ශුද්ධිය පැවතීමත් තත්කාල ග්‍රහ බලය ඉතා විශිෂ්ට අයුරින් පැවතීමත් මේ යෝගය වඩා පොහොසත් කරවන්නකි.
මෙදින යෙදී ඇති පුෂ නැකත අකුරු කියවීමට නිර්දේශිත නැකතකි. 11 තිථියද සුදුසු ය. බදාදා පුෂ නැකත යෙදීම මාතාංග යෝගයකි. තත්කාල කේන්ද්‍රයේ සඳු 11 වැන්නේ ස්වක්ෂේත්ර සිටී. ලග්නයේ සිටින බුධ හා සිකුරුගෙන් නීච භංග රාජ යෝගයක් ද යෙදී තිබේ. පස් වැන්නාධිපති කේතු සමඟ හතර වැන්නේ සිටී.
අකුරු කියවීමේ දී ප්‍රථමයෙන් දරුවාට ‘ස්වස්ති සිද්ධම්’ යන වැකිය කියවීම සුදුසු ය. තල, උක් හකුරු, වී, පොරි, මී පැණි, අඹ ඇතුළු පලතුරු, උඳු මිශ්‍ර කැවිලි, හබල පෙති, සුදුමල්, නෙළුම් මල්, සඳුන්, කපුරු, පිණිදිය පැන්, පඬුරු, බුලත් සහිතව සරස්වතී පූජාවක් තබා ගිතෙල් පහනක් දල්වා සරස්වතී දේවිය සහ ගණ දෙවියන් නැමද අකුරු කියවීම මැනවි.
ඡ්‍යොතිර්වේදී, විදුහල්පති
කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ, දැරණියගල
෴ සබැඳි ලිපි ෴
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00
ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද...
2024-07-25 18:30:00
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.කිවි දින හෙවත්...
2024-07-25 18:30:00
කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේධම්මාලංකාර නාහිමිසියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ....
2024-07-25 18:30:00
පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ...
2024-07-18 18:30:00
යම් කේන්ද්‍රයක නවය හා දහය අධිපතීන් සංයෝග වීමෙන් හෝ පරිවර්තනය විමෙන් ඇතිකරන ධර්ම කර්මාධිපති යෝගය ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල්කඩ...
2024-07-18 18:30:00
කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ධන මාර්ග විවර වෙයි කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් සසයෝග බලය පවතිද්දී...
2024-07-11 18:30:00
නව නිපැයුම් එළිදකීගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව...
2024-07-11 18:30:00
මේෂ, සිංහ, ධනු යන ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට ජූලි 06 වැනිදා, සෙනසුරාදා උදේ 09.24සිට 09.28 දක්වා පහත සඳහන් කටයුතු සඳහා සුබ මුහුර්තයක් උදා වේ. අදාළ...
2024-07-04 18:30:00
දේශපාලනඥයන්, ලේඛක ලේඛිකාවන්, පාසල් දරු දැරියන්, ලිපි ලේඛන සම්බන්ධ පිරිස්වලට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වන කාලයකි. අවිහිංසාව, අවංකබව,...
2024-07-04 18:30:00
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00