වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
නැකතක බල මහිම
මැයි 31, 2019
දකුණු සිරිලක හික්කඩුව ග්‍රාමයේ පවුලකට ලැබුණු තුන්වැනි දරුවාගේ උත්පත්තිය පල්ලියේ පොතේ සඳහන් කරන්නට ගිය පියාණන්ට එහි පාදිලිතුමාගෙන් දරුවාට ලැබුණු නාමය නිකුලස්ය.
ඉංගී‍්‍රසි පාලන යුගය වූ හෙයින් එසේ පල්ලියෙන් ලැබෙන නාමයක් හොඳ හිතින් ලබාගෙන සතුටුවීම සිංහල බෞද්ධයන්ගේ යුතුකමක්ව පැවතිණි. පියා එම ගමන ගොස් නිවස බලා එන ගමන්ම තම දරුවා උපන් වේලාව හිතවත් ගුරුන්නාන්සේ වෙත දීගෙන ආවේ පුරුද්දට වාගේය. වැඩිමහල් දෙදෙනාට වඩා මේ දරුවා උත්පත්තියෙන්ම කෙසඟයෙකි. එහෙත් නිරෝගී බව දක්නට ලැබිණි. තියුණු නෙත් ඇති දරුවා පිනැත්තකු බව දෙමාපියන්ටද සෙසු නෑදෑයන්ටද ඒ ටිකටම හැඟී තිබිණි.
දින ගණනාවකට පසුව ගුරුන්නාන්සේ හමුවූ පියාණන්ට පුස්කොළයක ලියන ලද වේලාපත්කඩය ලැබිණි.
“මේ දරුවා මන්ද ආයුෂ්කයි. ඉගෙන ගැනීමේ දක්ෂතාවක්ද දැක්වෙන්නේ නෑ. හතර කේන්දරෙත් පාළුයි. ඒ නිසා මහණකමට නම් සුදුසුයි.”
යනුවෙන් එසේ වේලාපත්කඩය තමන් අතට දුන් පසු ගුරුන්නාන්සේ කියා සිටියේ ය. ඒ බව නිවසට විත් සිය බිරිඳට කියා සිටි වේලේ එතුමිය කළේ දරු සිඟිත්තා බදාගෙන “මයෙ දරුවාට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආධාරේ ලැබෙන්න ඕනෑ. දීර්ඝායුෂ ලැබෙන්න ඕන. සප්ත මහා සාගරය වගේ ඉගෙන ගන්න ඉඩ ලැබෙන්න ඕන” යනුවෙන් ගුරුන්නාන්සේගේ ප්‍රකාශයට හාත්පසින්ම විරුද්ධ ප්‍රාර්ථනයක් ආශිර්වාදයක නියායෙන් කියාගෙන යාමය.
කුඩා නිකුලස් දරුවා ගමේ පන්සලේ ආශ්‍රයට වැඩි කැමැත්තක් දැක්වූයේ ය. එහි වැඩ සිටින නායක හිමියනුත් කුඩා සාමණේර හිමිවරුනුත් සමඟ වඩාත් ඇඟෑලුම්කම් දැක්වූ නිසාම දිනෙක එහි පැමිණි පියාණන්ට නාහිමිපාණන් කියා සිටියේ ‘මේ දරුවා මහණ කරන්නට හොඳයි.’ හෙට එනකොට වේලාපත්කඩය ගේමු බලන්න’ කියාය.
වේලාපත්කඩය අනුව හතර කේන්දරය පාළු වී තිබීම ගැන නායක හාමුදුරුවන්ට සතුටක් ලැබුණේ එය ශ්‍රමණයකුට ගැළපෙන සංසිද්ධියක් හෙයිනි. ඒ සමඟම ඉතිරි ග්‍රහයන් රැඳී සිටින තැන් ගැන බැලූ විට උන්වහන්සේ දුටුවේ මේ කෙසඟ දරුවා තුළින් මතුවට රටට, ජාතියට පමණක් ද නොව භාෂා ශාස්ත්‍රයටද වැඩදායක ශ්‍රමණයකු බිහිවන බවය. සෑහෙන වේලාවක් තිස්සේ එම ග්‍රහයෝගය මැනැවින් විග්‍රහ කර බැලූ උන්වහන්සේ දරුවා තමන් අසලට ගෙන බලවත් සෙනෙහසින් යුතුව ඔහුගේ ඔළුව අතගෑහ.
“මේ දරුවා මතු දිනෙක අපේ රටට, ජාතියට පමණක් නොව සංඝ සාසනයටද මහා සම්පතක් වෙනවා. අපි හොඳ දවසක් බලලා මේ දරුව මහණ කරමු.” යි ඉන් අනතුරුව පියාණන්ගේ මුහුණ බලා කී නායක හාමුදුරුවෝ, “නිකුලස් මහණ වෙන්න කැමැතිද?” යි විමසූහ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
සෝමසිරි
කස්තුරිආරච්චි
෴ සබැඳි ලිපි ෴
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්...
2024-09-12 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් විශිෂ්ට යෝගයෙන් මහත් දියුණුව, බුද්ධිමත්බව, කීර්තිය, ධනය ආදි...
2024-09-12 18:30:00
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ...
2024-09-05 18:30:00
මේ මස 15 වැනි රවි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් එදින පෙරවරු 6.15ට හෝ 7.02ට හෝ 7.11ට දකුණු දිශාව බලා පිටත්වීම සුබ වනු ඇත.
2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට...
2024-09-05 18:30:00
අගෝස්තු 30 වැනිදා සිකුරාදා පෙරවරු 9.07 සිට 9.19 දක්වා උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීම සුබදායක වෙයි.ඉහළ පලදාවක් ලැබේ.
2024-08-29 18:30:00
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00
ලග්න පහකට ධන බලයලග්න හතරකට ප්‍රබල මංගල යෝග ශූර වීර දරුපල ලැබෙන කාලයක්අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි...
2024-08-15 18:30:00
වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01....
2024-08-15 18:30:00
අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ...
2024-08-08 18:30:00
ඕනෑම සුබ කටයුත්තකටඅගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ...
2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත්...
2024-08-08 18:30:00