දෙසැම්බර් මාසයට විශේෂ සුබ නැකත්

දෙසැම්බර් 14, 2018

දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.

මෙහිදී විශේෂත්වය ප්‍රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18 වැනි කුජ දින අස්විද නැකත යෙදී ‘භෞචාෂ්විනී’ කේවල සිද්ධි යෝගය අතර ‘මහේෂ්වරකාල ජය යෝගයද යෙදී ඇති බලයකි. අස්විද නැකත කුජ, දිනට අමෘත යෝග බලය ද දී ඇත. එම දිනයේ අව මර යෝග කොහෙත් ම නොයෙදෙන අතර, රවිගේ බලය ද වෘශ්චිකයටම අදාළ වන නිසා සියලුම කටයුතු වලට අදාළ කරගත හැකි බලය ඇතිවේ. මෙවැනි දින වලින් තමාටම ගැළපෙන පරිදි කටයුතු කර ගැනීමට (යෙදෙන කටයුත්ත අනුව) දෛවඥ සහයෝගය ගැනීම තවත් ශුභ වේ.

සමස්ත ලෙසට නැකැත් නොමැති අයටද නාමාක්ෂර අනුව, එනම්, අ, ආ, ඇ, ඈ, අං යන අක්ෂර හිමි අයට ශුභ ලෙසට යොදා ගත හැකි බලය ලැබේ. කාර්මික ක්ෂේත්‍ර ව්‍යාපාර, එවැනි ආයතන ගොඩනැගීම්, යන්ත්‍ර සූත්‍ර උපකරණ ඒ හා සම්බන්ධ විද්‍යස්ථාන ආරම්භක කටයුතු ජය පතා කරන වැඩ සුහද ඉල්ලීම් ප්‍රභූ හමුවීම්, වගා ව්‍යාපාර (පුළුල් ලෙසට) ආදී සියල්ලටම ශුභඵල දේ. මෙම බලවත් යෝග බලය පසුදින වනතුරුම පවතී. එදින සූ. උදාව 06.15 ට හා සූ. අස්තය 6.00 ට වේ.

පක්ෂියාගේ (භේරුණ්ඩ) බලවත් අවස්ථාවන්හි සූක්ෂමතා අනුව පක්ෂියාගේ භෝජන රජ අවස්ථාව පෙ.ව. 6.33, 6.35, 7.28, 7.30 ද, ගමනේ, රජ පෙ.ව. 9.21, 9.23 රජ පෙ.ව. 11.09 – 11.12 දක්වා කාලයන් යොදාගත හැකිය. ඉහත අවස්ථාවල මේෂ රාශියද යෙදෙන බලය ඇත. තවද ප.ව. 2.17 – 2.27 හා 2.41 – 2.51 කාලද බලවත් වේ. ජය පතා කරන සියලු කටයුතුවලට ජයයි. අභිවෘද්ධිය ද යෙදේ. පෙ.ව. 7.28 – 7.30 කාලය කේවල සිද්ධි බලය ඇතිව යෙදෙන ලාභවෘද්ධි අවස්ථාවකි. ඕනෑම කටයුත්තකට ශුභයි. ශුභ දිශාව නැගෙනහිර බලා වේ.

නැකැත් සීහුම - බෙරණ, පුවපල්, පුවසල, ප.මෛත්‍රී, කැති, උත්‍රපල්, උත්‍රසල, මෛත්‍රී, මුවසිරස, සිත, දෙනට, සාධක, පුනාවස, විසා, පුවපුටුප, ක්ෂේම, අස්ලිස, දෙට, රේවතී සම්පත් වේ.

අනෙක් කේවල සිද්ධි යෝගය – 2018 දෙසැම්බර් 02 වැනි ඉරුදින යෙදී ඇත. ‘ආදිත්‍ය හස්තා’ හත නැකත හා සමග යෙදේ. අව, මර පඤ්චාංග දෝෂ කිසිත් නොයෙදෙන මෙවැනි දිනයක ශුභ බලය උපරිමය නිවාස වල වහලය උළුවහු, දොරවල් සවිකිරීමාදී කටයුතුවලට ඉතා ශුභ වේ. මෙදින සූ. උදාව 6.07 ට වේ. ඉරුදිනට ‘හත නැකත’ ‘මානස’ යෝග බලයක් ද වේ. මෙවැනි දින වලින් උපරිම ඵල ගැනීමට දෛවඥ තුමකුගේ සහයෝගය ලබා ගන්න.

සඳහන් කරන වේලාවන් පෙ.ව. 11.24 – 11.30 දක්වා කාලය ආරම්භක ලෙස ගැනීමෙන් ලාභ වෘද්ධි බලය ඇතිවේ. තවද ප.ව. 12.20 – 12.26 කාලය ද ශුභයි. ව්‍යාපාර වැඩ ආරම්භයට කදිමයි. ශුභ දිශාව දකුණ බලා වේ.

නැකැත් සීහුම – අස්විද, මා, මුල, ක්ෂේම, කැති, උත්‍රපල්, උත්‍රසල, සම්පත්, මුවසිරස, සිත, දෙනට, ප.මෛත්‍රී, අද, සා, සියාවස, මෛත්‍රී, පුෂ, අනුර, උත්‍රපුටුප සාධක වේ.

උඳුවප් මාසයේ පොකුරු යෝග දෙකක් යෙදේ. 17 වැනි සඳුදා යෙදෙන පොකුරු යෝගය තුළ ‘මාතාංග‘ නම් දොස් රහිත යෝගයද යෙදී ඇත. මන්ද, සඳුදා රේවතී නැකැතේ පවතින බලයකි. එමනිසා මෙම පොකුරු යෝග බල දිනය වගාවට පමණක් නොව, සියලු කටයුතුවලට යහපත් වේ. සියලු ‘වැල්බීජ, අල, පලතුරු ආදී ගොවිතැන් සියලුම වගාවලදී පොකුරු පිටින් ඵල දරනු ඇත. සූ. උදාව 6.15 ට වේ.

පොකුරු යෝගවලින් වැඩ ගැනීමේ බලවත් අවස්ථා ලෙස සැලකෙන (වගා කටයුතුවලට පමණකි) පුර පක්ෂයත්, සඳු දිනයත්, එයට අදාළවන රේවතී නැකතත්, මිථුන, සිංහ, මීන ආදී රාශියත් ශනි හෝරාවත් වේ. පහත සඳහන් කරන වේලාවන් පෙ.ව. 7.16 – 7.26 ද, ප.ව. 12.52 – 1.02 කාලය ද ගත හැකියි. ශුභ දිශාව ඊසාන දිග බලා වේ.

අනෙක් පොකුරු යෝගය 2018 දෙසැ. 10 සඳු දින පවතින පෙ.ව. පුවසල නැකත 10.36 න් අවසන් නිසාද, ලග්න රාශි ගත නොහැකි බලය ඇති නිසා ද එය නිශ්ප්‍රභා වේ.

දෙසැම්බර් 17 සඳු දින නැකැත් සීහුම

අස්විද, මා, මුල, ප. මෛත්‍රී, බෙරණ, පුවපල්, පුවසල, මෛත්‍රී, රෙහෙණ, හත, සුවණ, සාධක, අද, සා, සියාවස, ක්ෂේම, පුෂ, අනුර, උත්‍රපුටුප සම්පත් වේ.

එස්.එච්. වංසා ද සිල්වා

මාදින්නාගොඩ

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.