ඔබේ පැනයට අපෙන් විසඳුම්

දෙසැම්බර් 29, 2023

පානදුර,  ලලිතා

මම දිගුකාලීන නිවාස ගැටලුවක් නිසා පීඩා විඳීන්නෙමි. ඥාතියකු සමග වසර දහයක් පමණ නඩු කියමි. මම තවම ඉන්නේ කුලියටයි මට සහනයක් ලැබෙන්නේ කවදාද?

ඔබගේ කේන්දරේ හයවැන්නාධිපති හතර වැන්නේ තැන්පත්ව ඇත. එය පීඩාවටද ලක්ව ඇත.

එසේම ඔබගේ කේන්ද්‍රයේ බාධක ග්‍රහයා තැන්පත්ව ඇත්තේ හතරවැන්නේ සතුරුවය. 

මේ සියලු සාධක නිසා ඔබට ඉඩකඩම් දේපළ හා සම්බන්ධව බාධා දුෂ්කරතා සතුරු පීඩා ඇතිවේ. ඔබ පසු කරමින් යන ඒරාෂ්ඨක කාලය මේ තත්ත්වය තවත් වර්ධනය කරමින් ඇත.

නමුත් ලබන වසරේ මැද භාගයේ ඔබට රවි මහ දසව ලබයි. රවි ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට සුබ පල ග්‍රහයෙකුවේ. මේ කාලසීමාවෙන් පසු ඔබට පෙරට වඩා යම් සැනසිලිදායක තත්ත්වයන් ළඟා වනු ඇත. නමුත් සිතේ සහනය සඳහා  ද ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය, දේවාශිර්වාදය පතා ද නිරන්තරයෙන් බෝධිපූජා සිදුකරන්න.

****************

පානදුර,

ජයමිනි පෙරේරා

මාගේ දුවගේ කේන්ද්‍රයේ  කුජ දෝෂය ඇත. එනම් වෘශ්චික  ලග්නයේ කුජ එකේ පිහිටා ඇත. මෙම කුජ දෝෂය  භංගවීමට අප කුමක් කළ යුතුද?

අමුතුවෙන් ඔබ කළ යුතු දෙයක් නැත. වෘශ්චික ලග්නයේ ලග්නාධිපති කුජ එකෙහි පිහිටි කල රුචක යෝගය යේදේ. එය උත්සාහය වීර්යය පිහිටන හොඳ යෝගයකි. ලග්නාධිපති කුජ මෙහිදී තම නිවසේම පිහිටා ඇත. තම නිවසේ සිටින කුජ  තමන්ගේම අයට හතුරු නොවේ.  මේ තත්ත්වය තුළ කුජ දෝෂය ඔබගේ දියණියට බලපාන්නේ නැත .

****************

රත්මලානේ,

නිමල් සුගතපාල

උච්ච ග්‍රහයා සියලු යහපත ලබාදෙන බව අසා ඇත.  නමුත් මගේ කේන්ද්‍රයේ උච්ච ග්‍රහයන් කීප දෙනෙකුම සිටින මුත් මට කියන්න තරම් යහපතක් තවම සිදුවී නොමැත. මෙයට හේතුව කුමක්ද?

කේන්ද්‍රයේ උච්ච ග්‍රහයෙකු නවාංශක කේන්ද්‍රයේ සතුරු හෝ මූඪ තත්ත්වයේ නම් එම උච්ච බල ඒ ලෙසින්ම ක්‍රියාත්මක නොවේ. තවද අෂ්ඨක වර්ගද මෙහිදී විමසිය යුතුය.  භාව, නැකැත් ද විමසිය යුතුය. එක් කරුණකින් පමණක් විමසා  පලාපල කිව නොහැකිය. එසේම  22 වැනි දෙර්කානාධිපතිගේ දසාවලදී ද සුබ ඵල හීන කරයි. උච්ච ග්‍රහයෙකු බාධක ග්‍රහයා වී නම් ප්‍රතිඵල තවත් වෙනස් වේ. මේ නිසා එක කරුණක් පමණක් විමසීම බුද්ධිගෝචර නැත.

****************

ලක්ෂිකා ගමගේ,

හේවා හැට

කුමක් හෝ බාධාවකින් මාගේ විවාහය දිනෙන් දිනම කල් ගත වේ. එයට හේතුව කුමක්ද?, මා කුමක් කළ යුතුද?

ඔබගේ බාධක ග්‍රහයා වන සිකුරු හත්වැන්නේ තැන්පත්ව ඇත. එසේම හතරට  ශනිගේ දෘෂ්ටියද වැටේ. එසේම හත්වැන්නේ කේතුද වේ. මේ කරුණු නිසා ඔබගේ විවාහය දිනෙන් දින කල් පසු වේ. මේ විවාහ බාධක දුරු කර ගැනීම සඳහා ඔබ ශාන්ති කර්ම කිහිපයක්ම කළ යුතය.

එහිදී පළමුව  ඔබ බාධක ග්‍රහයාට අදාළ ශාන්ති කර්ම කළ යුතුය. එසේම ඔබ නවගමුව පත්තිනි දේවාලයට ගොස් පත්තිනි මෑණියන්ට බාර වන්නට ද අමතක නොකළ යුතුය.

එසේම ශ්‍රී  ගණපති දෙවියන් සඳහා ද හින්දු දේවාලයක පුද පූජා සිදු කරන්න.

****************

නිශාන්ත ඉඳුවර,  ගාල්ල

මාගේ තාත්තා මියගොස් දැන් මාස පහකට වැඩියි. ඔහුගේ මුද්දට කාක නිල ගලක් අල්ලා තිබුණි . එම මුද්ද පැල¼දීම මට සුබද ?

ඔබගේ පියාගේ මුද්ද පැල¼දීමෙන් ඔබට වන අයහපතක් නැත. නමුත් මෙතැන ප්‍රශ්නය වන්නේ එහි කාකනිල් මැණිකක් අල්ලා තිබීමය.

නිවැරැදි කාකනිල් මැණිකක් යනු ශනි ග්‍රහයාට අයත් මාණික්‍යය බව ඔබ දනී. නමුත්  ශනි ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ විසි දෙවැනි දෙර්කානාධිපති  ද, හැට හතර වැනි නවංශක අධිපතිද, යෝග කාරක ග්‍රහයාද යන්න විමසා බලාම එම මූදුව පැලඳීම ඔබට වඩාත් සුබපල ගෙන දෙනු ඇත.

****************

නිල්මිණි,  හෝමාගම

මම ලබන වසරේ මුල නිවසක් හදන්න බලාපොරොත්තුවෙන් සිටිමි.එයට අදාළ නැකැත් සෑදීමට වඩාත් සුදුසු වන්නේ මාගේ කේන්දරයද, සැමියා ගේ කේන්දරයද, අප දරු දෙදෙනාගේ කේන්දර ද?

නිවසක් ඉදිකිරීමේදී මුල්ගල තැබීම කළ යුත්තේ ගෘහ මූලිකයා බව ඉපැරණි වාස්තු විද්‍යාත්මක පොත්වල සඳහන් වෙයි. සැමියාගේ කේන්ද්‍රය බලා ඔහුට  සුබපල දසාවන් යන්නේ නම් ඔහු මුල්ගල තැබීම වඩාත් සුබ වේ. එයට අදාළ නැකැත් සෑදීමේදී ගෘහ මූලිකයාගේ හඳහන මුල්කරගෙන  කළ ද  අනෙක් අයගේ කේන්ද්‍ර ද එහිදී විමසා බැලීම වඩාත් වැදගත් වෙයි.

****************

සම්පත්, කඩවත

මට හිතෙන්නේ මාව හිර කරලා කියලා. මට ලැබෙන්න තියෙන මුදල් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරික අතිනුත් දැන් පල්ලෙහාට වැටෙමින් යන්නේ, මෙය ග්‍රහ බලපෑමක්ද?

ඔබ මේ වන විට ගත කරමින් සිටින්නේ සෙනසුරු මහ දසාවේ සිකුරු අතුරු දසාවයි. ශනි ජන්ම ඒරාෂ්ටකය ද ගෙවමින් පවතී.

මේ කාලය ඔබට බලාපොරොත්තු නැති කරදර බාධක රෝග පීඩා යෙදිය හැකියි.

එසේම බලාපොරොත්තු වන ලාභයන් කරා ඔබට යාමටද බාධා වෙයි. මේ කාලය තුළ  ශනි ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාට අදාළ ශාන්ති කර්ම කළ යුතුය.

බෝධි පූජා සිදුකරන්න

ඒ සඳහා විසිතුරු මල් යොදා ගන්න. හොඳ සෙත් කවියක් සාදා විෂ්ණු දෙවියන් නමින් යාතිකා කරන්න.

අභිසම්භිධාන පිරිත උදේ සවස සජ්ඣායනා කරන්න. නිරතුරුව දුගී මගී යාචකයන්ද අමතක නොකරන්න.

 

 

ශාස්ත්‍රපති, මනෝ විද්‍යා උපදේශක,

ඡ්‍යොතිෂවේදී

චසිත නුවන්තික බුලත්සිංහල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.