මෙවන් සිහින දකින කලට මෙවන් යමක් වේ ඔබහට

සැප්තැම්බර් 6, 2024

 

වඳුරන්, රිළවුන්, ඌරන්, වලසුන්, දිවියන් දැකීම

සම්පත් විනාශය, රාජ දඬුවම්, කරදර, බරපතළ විපත්

තම රැවුල, හිසකෙස්, අනිකකු විසින් උදුරාලීම, කැපීම

අපමණ දුක්, තදබල විපත්, සමහරවිට මරණය පවා

මියගියවුන් සමඟ රා බීම, බල්ලන් විසින් ඇදගෙන යාම දැකීම

ජ්වර රෝගයෙන් මරු වසඟය

රත්මල්, රන්වන් පිළි ඇත්තවුන් දැකීම

රත්පිත් රෝගයෙන් මරණය

කටු ලීයක් හෝ උණ ගසක් හෝ තල්ගසක් පපුවේ හට ගැනීම දැකීම

බුල්ම රෝගයෙන් මරණය

කැවුම්, ළාවුළු කා නැගිටගොස් කෑ දේ වමනය කිරීම, දැකීම

ජීවතවීමට වරම් නොවීම, අසාධ්‍ය රෝගී තත්ත්වය

උස් තැනකින් වැටීම, ගින්දරෙන් දැවීම, හොරුන්, කුදුන් දැකීම

මහත් රෝග භය සමහරවිට මරණය

පිඹුරු,පොළොන්, කපුටු ආදි සතුන් රැවුල සුදුවීම, මහණුන් දැකීම

විපත් ළඟා කිරීම, චිත්ත පීඩා කරදර

අගලක් කැපීම දැකීම

ඉතා සමීපතමයකුගේ මරණය

කිළුටු වස්ත්‍ර ඇඟලීම දැකීම

තම තත්ත්වය පහළ වැටීම නිලයෙන් පහකිරීම

හිසතෙල් ගා පීරීම දැකීම

ලෙඩදුක් පීඩා, මානසික ව්‍යාකූලතාව

කපුටන් ශරීරයට කෙටීම දැකීම

මරණය ඉක්මන් වීම

පහත් කුලවල අය දැකීම

නොසිතූ ලෙස අපහාසයට ලක්වීම, අභූත චෝදනා

පැලැඳි ආභරණ බිඳීම

නිල සම්පත් දුරු කරලීම

ආයුධ ගත්තවුන් බිම වැටීම

අනිටු විපත් බිහිසුණු කරදර

වැටීම දැකීම

ළඟම ඥාතියකුගේ මරණයක් ඉක්මණින් අසන්නට ලැබීම

දිය යට පිහිනීම දැකීම

ලෙඩදුක් පීඩා, විපත් කරදර

ගෙම්බන් දැකීම

විනෝද ගමන්වලදී අවදානම, නොසිතූ සිද්ධින්ට මුහුණපෑම

ගේ තුළ හතු පිපීම දැකීම

ගෙය ගින්නෙන් පිළිස්සීම, ගෙයින් යාමට සිදුවීම

මඩ වගුරෙහි ඇවිදීම

පවුලේ අයෙකු රෝගිවීම

හිසකෙස් සුදු පැහැයට දැකීම

තමනට මෙන්ම පවුලට රෝග පීඩා අපමණ දුක් කරදර

ග්‍රහ, තරු, පහන්, දේවරූප වැටෙනු දැකීම

මහා විපත්, නරක කාලයක්

කසාවත් දරන්නවුන්, විරූපිවූවන්, වස්ත්‍ර නැත්තවුන්, රත් ඇස්, ඇත්තවුන් දැකීම

අභාග්‍ය ළඟා කෙරේ.

කළු වස්ත්‍ර ඇදීම, අළු සහ සත්ත්ව ඇටකටු දැකීම

කෙළවරක් නැති විපත් කරදර

රන්වන් සිරුරැති අඟනුන් දී කිරි බොන්නන් දැකීම

තද බල රෝග, අසාධ්‍ය රෝග තත්ත්වයකට මරණය ළඟා වීම

ජරාවට පත්වූවන්, යක්ෂයන් දැකීම

සිය නෑයෝ වෙන්වෙති. සිත් තැවුල්

දුරගමනක් ගොස් රථය පෙරළීම

විපත් ළඟ බව කරදරවලට මුහුණ පෑම

ඉදුණු වැල වරකා කජු පුහුලන් දැකීම

හොරි, දද, කුෂ්ට වණ ගෙඩි, පැපොල ආදි රෝග වැලඳීම

ගෙය තුළට කබරුන් ඒම දැකීම

පේ‍්‍රමණීය බිරිඳ වෙන්වීම

බකමූණන් වවුලන් දැකීම

ව්‍යාකූල ඉදිරි කාලයක් නොසන්සුන් මානසික තත්ත්වය

දඩයම් කිරීමට ගොස් තුවක්කුව කැඩී බිම වැටීම

පවුලේ අයෙකු රෝගීවීම, රෝගිව සිටී නම් මරණය ළඟ බව

නැටුම්, ගැයුම්, වැයුම් දැකීම

විපත් ගෙනදීම

උණගස්, තෘණ, වේවැල් ආදියෙන් ගැලවුණ වලක හෝ සොහොනක සැතපීම දැකීම

අයහපත් කාලයක් නුදුරේම ළඟාවීම

රාහුගේ ග්‍රහණයට හසුවූ හිරු සඳු දැකීම

ඇස් රෝග

හිරු සඳු කඩාවැටීම දැකීම

ඇසේ පෙනීම නොමැතිවීම

හිසෙහි උණ ගස් වැල් ආදිය පහළවීම දැකීම

අභාග්‍යසම්පන්න කාල පරිච්ඡේදයක් උදාවීම

ප්‍රාසාද පර්වත ආදියෙන් වැටීම දැකීම

බරපතළ විපත්ති උදාව

 

සිහිනය වනාහි මතු සිදුවන සිද්ධියක් ඊට පෙරාතුව පෙන්නුම් කරන පෙර නිමිත්තකැයි යන්න බොහෝ දෙනාගේ අදහසය. අනාගත සිදුවීම් සිහිනයෙන් සංකේත මඟින් පෙන්නුම් කරන බව ඔවුන්ගේ හැඟීමයි. සිය සිහිනය ලියා සටහන් කර ගතහොත් මතු සිද්ධවන කරුණ සිහිනයෙන් පෙර නිමිත්තක් සේ පෙන්වීද යන්න පරික්ෂා කළ හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.