සුබ පල දෙන සුබ සිහින

සැප්තැම්බර් 13, 2024

සිහිනයක් නොදුටු අයෙක් මෙලොව නොමැත. එය අනාගත සිදුවීම්වල පෙර නිමිති සේ බොහෝ දෙනා අදහස් කරන අතර ඇතැම්හු හොඳට බඩපුරවාගෙන නිදාගත් විට, දවසේ කළ කී දෑ ඔළුවේ පුරවාගෙන නිදාගත් විට, තුන්දොස් කිපුණ විට, සීතලට පෙනෙන ඒවා ගණන් ගත යුතු දෙයක් නොවන සේ සලකති.

“නින්දේ පෙනෙන සිහිනය උදයට බොරුය” අපේ ජනකවියා කීයේ රෑ දුටු සිහිනය උදය නැඟිටින විට අමතකව ගොස් බොරු හදා කියනවා යන හැඟීමෙන් විය හැකිය. සිහිනය ඉදිරියේ සිදුවන කරුණු පෙර සංකේතාත්මකව දැක්වීමක් සේ පෙන්වන ස්වප්න විද්‍යාව අනුව දිනපතා තමා දකින සිහින ලියා තබාගත හොත් එය අනාගත පෙර නිමිති ද යන්න ගැන වටහා ගත හැකි බවට පෙන්වයි.

බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජු දුටු සිහින විග්‍රහ කළේ ඒ සිහින දහසයම අනාගතයේ සිදුවන සිදුවීම්වල පෙර නිමිති සේය. වර්තමාන ජන සමාජය බලන කල ඒ සිහිනවලින් පෙන්නුම් කළ දෑ ඉටුව ඇති බවක් සිතිය හැකිය.

මහා බෝසතාණන්ගේ මවු කුස පිළිසිඳ ගැනීම පිළිබඳ මෙන්ම බුදු වීමට පෙර දුටු බව පැවසෙන ප්‍රසිද්ධ සිහිනවල අර්ථ බොහෝ දෙනා දන්නවා ඇත.

උම්මග්ග ජාතක කතාවේ වේදේහ රජතුමා සතර කොන ගිනි කඳු සතරට මධ්‍යයෙහි කදෝ පැණියකු වන් ගිනි පුපුරක් නැඟී එම ඇසිල්ලෙහි සතර කොන සිටි ගිනිකඳ සතරෙහි ආලෝකය මැඬගෙන බඹලොව උසට සක්වළ පුරා ආලෝකය පතුරලමින් දිලිසෙද්දී සියලු දෙව් මිනිසුන් සහිත ලෝවැසියෝ ගඳින් මලින් පූජා කරමින් ගිනි දැල් තුළ වැඳි ඇවිද ගියද ඔවුන්ගේ රෝම කූප මාත්‍රයකුදු උණු නොවන බැව් දුටුවේය.

මේ සිහිනය සේනක ආදි පඬිවරු සතර දෙනා අබිබවා මහෞෂධ මහා ප්‍රාඥයාගේ පහළවීම පෙන්නුම් කරන්නෙකි.

බුත්සරණේ සඳහන් වෙස්සන්තර ජාතක කතාවේ මන්ද්‍රී දේවිය දුටු සිහිනයේදී ඇයගේ දෑස හඬව හඬවා දෑසත් උදුරාගෙන දෑතත් කපා ගෙන ලේ පෙරමින් ගෙන ගිය බව කියැවෙයි.

ජූජක බමුණා විසින් දරුවන් ඉල්ලාගෙන යාම මේ සිහිනයේ පූර්ව නිමිත් සේ පෙන්නුම් කෙරුණු බව සැලකෙයි.

පලාපල දක්වන්නට නම් සිත් තැවුල් නැති නීරෝගි කල්හි මැදියම් රාත්‍රිය ගෙවී අලුයම් කාලයේ පෙනෙන හොඳින් මතක ඇති සිහින සලකන බව විචාරකයෝ දක්වති.

දහවල දකින සිහිනයද, ඉතා දික් වූ සිහිනයද ඉතා කෙටි වූ සිහිනයද පල නැත. රාත්‍රියෙහි පූර්ව භාගයෙහි දක්නා ලද සිහිනය හිස් ය. සමහරවිට කාලයක් ගොස් පල ගෙන දෙනු ඇත. අසුබ සිහිනයක් දුටු කල කතා නොකොට දෙහි ගසක් ළඟට ගොස් ඒ සිහිනයේ විපත් දුරුවේවායි කීමද ලක්ෂණයකි. සිහිනය ගැන විවිධ අදහස් වෙතත් සුබ හෝ අසුබ කාරණයක පෙර නිමිත්තක් සේ සිහිනය ගැන කියැවෙන බව ප්‍රකට කරුණකි.

සිහින පලාපල

මනුෂ්‍යයෙකුගේ මොළයක් කනු දැකීම.

රාජ සම්පත්, ඉහළම සැප සම්පත්, ඓශ්චර්යය

සිය අතුණු බහන් මුඛයෙන් නික්මෙනු දැකීම.

උසස් රජ බවට පැමිණීම.

බඩවැළ තුඹසකින් නික්මුණු සුදු නයකුගේ මුඛයෙන් පිටතට නික්ම දඹදව් තලෙහි පැතිර යළි කුසයට එනුසේ දැකීම. (සද්ධර්මාලංකාරය, නන්දිරාජ වස්තුව)

ගැහැනියක මේ සිහිනය දිටී නම් සත් දවසක් ඇතුළම අභිෂේක පලන් රජුහට අග මෙහෙසුන් වනු ඇත.

පුරුෂයකු මේ සිහිනය දිටී නම් සත් දවසක් ඇතුළතම මහා රාජ්‍යයට පැමිණීම.

නගුල් මිටේ මීයක් බැඳීම, කකුලේ මාටඟිල්ලේ පනුවන් ගැසීම.

අනිවාර්යයෙන්ම රජකම ලැබීම.

මොනරුන්, කුකුළන්, කොවුලන්, හංසයින් ආදී උතුම් පක්ෂීන් දැකීම. පිරිමියකු දිටීනම් ආදරබර ප්‍රේමණීය නොවෙනස් උත්තම භාර්යාවක් ලැබීම.

ස්ත්‍රියක් දිටී නම් ආදරබර ප්‍රේමණීය, නොවෙනස් උත්තම සැමියකු ලැබීම.

සැලළිහිණියකු සිහිනෙන් දැකීම.

පිරිමියෙක් දිටී නම් රූපශ්‍රීයෙන් අග්‍ර ප්‍රේමවත්තියක හමුවෙයි.

ස්ත්‍රියක් දිටී නම් රූපශ්‍රීයෙන් අග්‍ර ප්‍රේමවන්තයකු හමුවෙයි.

මහා සුවඳැති මලක්, ගෙඩියක් අතට ගනු දැකීම.

වැදගත් නිලයක් තනතුරක් ලැබීම, සමාජයේ මහත් පිළිගැනීම.

 

තමා සුරා පානය කිරීම දැකීම.

කිසිදා පරාජයට පත් නොවීම.

සඳුන් ලී දැකීම, මදුරුවන් ශරීරයේ ලේ බීම. ජලයෙහි පිහිනීම.

අනේකවිධ අප්‍රමාණ යස ඉසුරු සැප සම්පත්, ඓශ්චර්යය ලබා දීම.

 

සුදු නයින් දකුණ අත දෂ්ට කිරීම දැකීම.

කවරම කාරණයක වුවත් ජයග්‍රහණයම ලැබීම

තමන්ගේ අතපය බැඳ තිබෙනු දැකීම.

තමනට සතුරුව සිටින වුන්ගේ පරාජය, ඔවුන්ගේ වැනසීම, සියලු යස ඉසුරු ලැබීම.

තමන්ගේ ශරීරයේ ලේ කූඩැල්ලන් විසින් බොනු දැකීම.

මහත් සැප සම්පත් ලැබීම.

 

මහා ප්‍රාසාද අලංකාර මන්දිර දැකීම.

සැප සම්පත්වලින් ආඪ්‍යවීම

 

සක්දෙව් රජතුමා දැකීම.

රක්ෂාවේ අභිවෘද්ධිය, උසස්වීම්, කාගේත් ඉමහත් ප්‍රසාදය, අනේකවිධ යස ඉසුරු සම්පත් ලාභ.

 

ඇතුන්, අසුන්, ගවයින් දැකීම.

මහා ධන සම්පත්තියට හිමිකම් ලැබීම.

 

දී කිරි දැකීම.

ඉතා ඉක්මනින් නොයෙක් සම්පත් ලැබීම.

සමාජයේ ඉහළ පෙළේ ප්‍රභූන් දැකීම.

අපේක්ෂිත සම්පත් උදා කරයි.

නෙළුම් කොළ කඩා කිරි බීම.

වාසනාවන්ත පුණ්‍යවන්ත පුත්‍ර ලාභය.

 

මස් වැදලි දැකීම.

නොසිතූ ආකාරයේ මහා ධන සම්පත්තියක්.

 

නෙළුම් මල්, මහනෙල් මල් දැකීම.

මිල මුදල් අතට පත්වීම. ධනවත්වීම.

දුම්රියක ගමන් කරනවා දැකීම.

දුර බැහැරක සිටින මිත්‍රයකු, ඥාතියකු දින දෙක තුනක් ඇතුළත පැමිණීම.

හොඳින් වැඩුණු දළ යුවලක් ඇති හස්තිරාජයෙකු මත නැඟීම.

ධනය, බලය, නිලය ආදී සියල්ල ලැබීම.

රථයක හෝ ඔරුවක නැඟී යාම

විවිධ සම්පත් යස ඉසුරු හිමිවීම.

 

මළ මිනි දැකීම, මීනිමස් කෑම දැකීම

බොහෝ යස ඉසුරු සම්පත් ලබාදීම.

 

මළ මිනියක මොළය කනු දැක්ම. දෙවුරෙහි මස් කනු දැකීම.

දසත කීර්ති ඝෝෂාව පැතිරෙන අන්දමේ තානාන්තරයක් උසස් කිරීම්. සියලු දුක් කම්කටොලු දුරුවී භව භෝග සම්පත්, ධන ඉසුරු ඉහළින්ම ලැබීම.

මහා සමුද්‍රයේ පිහිනා යාම.

නොසිතූ ලෙස ආශ්චර්ය සම්පත් ලැබේ.

 

මධුර රසවල කිරිගස්වලට නැඟීම දැකීම.

සියලු සැප සම්පත් ලබා දේ.

 

සෘෂිවරුන් දැක්ම, තමා දුප්පත් සිඟන්නෙකු වීම, වස්තුව නැතිවීම දැකීම.

ඓශ්චර්ය සම්පත් ලැබීමේ භාග්‍යය.

හොඳින් පැසුණු ගොයම, නීලවර්ණ ළපටි ශෂ්‍ය වර්ග දැකීම

වාසනාව ඉතා ළඟය.

විශාල වී කරල් දැකීම.

සෞභාග්‍යය උදාකරවයි.

දුගඳ හමන වණ තුවාල, දුනු හී කඩු ප්‍රසිද්ධ ලෙස දරමින් සිටීම දැකීම.

උසස් නිලතල ලබාදෙන බව.

 

පිපුණු මල්, ආකාශයේ ඉගිලීම, සුන්දර ළමුන් පොත පත කියවීම, සොඳුරු යුවතියන් සමඟ සමහන් සුව විඳීම

යස ඉසුරු භවභෝග සම්පත් ලබාදීම.

 

උස් මුදුන් තැන්හි නැඟුණු කුකුළන් දැකීම.

ධනය ලැබීම.

 

රුක් මුඳුන්හි ගිරා, හංස ආදී පක්ෂීන් නාද කරනු දැකීම.

ධන සම්පත්තිය, වෙළහෙළදාම්, රැකියා සරුවීම.

 

හිරු සඳු උදාව පැහැපත් නිල්වන් අහස, තාරකාවන්ගේ ආලෝකය පැතිරීම දැකීම.

බොහෝ යස ඉසුරු සම්පත් ගෙන දීම.

තමා නෙළුම් කොළයක කෑම කනු දක්නට ලැබීම.

ගෞරව නම්බුනාම උසස් නිලතල ලබා දේ. කිරි

 

එළදෙනුන්, සුදු ගවයින්, සුදු නාගයින් දැකීම.

ඉතාමත් වාසනාවන්තභාවයක් ලැබීම.

තමන්ගේ ශරීරයෙන් මදුරුවන් ලේ උරාබීම.

යහපත් සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම.

සිහිනයෙන් නෙළුම් මල් කඩාගෙන සිනාසිසී සතුටුවීම.

ඉතාමත් ඉහළ සැප සම්පත්, තනතුරු, ගෞරව ලැබේ.

 

තූර්ය භාණ්ඩ පරිහරණය දැකීම.

රජයේ ගරු සැලකිලි ලබාදෙන ඉහළ පෙළේ ගෞරවනීය රාජ්‍ය උත්සවයකට සහභාගිවීම.

 

මව්වරුන් කිරි දෙනවා දැකීම.

සිතන පතන සම්පත් ලබාදේ.

 

තමාම මුදුවක් පලඳිනවා දැකීම.

තමා පි‍්‍රය අයෙකු සමඟ එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු කටයුතු කරගත හැකි බව.

 

මල් පූජා කිරීම දැකීම.

සම්භාව්‍ය ඉහළ පෙළේ අය සමඟ සබඳතා එකමුතුකම් පැවැත්වීම.

 

 

ගෝනුස්සන්, උරගයින්, කූඩැල්ලන් තම ශරීරය කනවා දැකීම.

වාසනාවන්ත පුත්‍රයකු සමඟ මහා සම්පත් ලැබීම.

 

සාගරය, ගංගා ගැලීමද, ජලයේ පිහිනීමද දැකීම.

සිතන පතන සැප සම්පත්, ධන සම්පත් ලබා දීම.

මැසි මදුරුවන් ඇඟ පුරා ලේ බීම, මීමැස්සන් දැකීම

අප්‍රමාණ සැප සම්පත් ලබා දෙයි.

 

පුරාණ වෙහෙර විහාර දාගැබ් දැකීම.

තමා ප්‍රභූවරයෙකු බවට පත් කරයි. උසස් තනතුරු ලබන අතර දස දෙස කීර්තිය ප්‍රසිද්ධිය පැතිරේ.

සුදු නයින් සිහිනෙන් පෙනීම.

යහපත් පින්වත් පුතෙකු ලැබීම.

සුදු ගෙඩි, සුදු අසුන්, සුදු නෙළුම්, කිරි දැකීම.

ඉතාම වාසනාවන්ත කාල පරිච්ඡේදයක උදාව.

 

දෙවියන්, බමුණන්, ගවයින්, සුජීවවත් නෑ මිතුරන් රජ, යුවරජ, මැති ඇමැතිවරුන් සත් පුරුෂයින් මෙන්ම හොඳින් ඇවිළෙන ගින්න,

පිරිසුදු නිර්මල පොකුණු දැකීම.

ආයුෂ, නිරෝගි සුවය ලබාදේ.

 

සුදු වස්ත්‍ර හැඳි මහා පරිවාර ඇති කන්‍යාවන් හා කුමරුවරුන් ගිනිගෙන දිලිසෙන සිරුර ශෛලමය ප්‍රසාද පල සහිත ගස්, සිංහයන් ඇතුන් පිට නැඟීම, ගව අශ්ව වාහනයකට නැඟීම, නොවටනා නෑයන් සමඟ යාම, මිය යෑම, හැඬීම, වැටී නැඟී සිටීම, සතුරන් වැඩිවීම ආදිය දැකීම. ආයුෂ වර්ධනය, නීරෝගි සුව, සම්පත් සෞභාග්‍ය උදාව

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.