කර්තෘට ලියුම්

සැප්තැම්බර් 13, 2024

පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුර

හතර කේන්දරේ පාළු වුණාට බය වෙන්න එපා

වර්තමානයේ හතර කේන්දරයේ පාළු වීම යැයි කියන කේමද්‍රම යෝගය බොහෝ දෙනෙකුට පිහිටන යෝගයක්. මේ යෝගය දකින බොහෝ දෙනෙකු පවසන්නේ හතර කේන්දරේ පාළු වූ අයවලුන් නිවසක නොසිට මහණදම් පිරීය යුතු බවයි. අනෙක් අතට හතර කේන්දරයේම කිසිදු ග්‍රහයෙකු නොමැති වීම එදා මෙන්ම අදත් සමාජයේ බොහෝ දෙනා බියට පත් වන කාරණාවක්. එවැනි කේන්ද්‍ර පිහිටන අය ඉතාම අවාසනාවන්ත බවත්, අන්ත දුගී අසරණව උන්හිටි තැන් පවා අහිමි වන බවත් බහුතර මතයයි. මේ පිළිබඳ සුබසෙතට සමීප පාඨක මානෙල් කුමාරි කර්තෘට ලියුම් මඟින් පැනයක් යොමු කර තිබුණි.

එබැවින් ඇයගේ මෙන්ම සුබසෙත පාඨක ඔබ සියලු දෙනාගේ දැනගැනීම උදෙසා ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ලෙස්ලි ජයසිංහ මහතා හතර කේන්දරේ පාළුවීම පිළිබඳ ශ්‍රී නාරායන් පඬිතුමා විසින් රධභප ඩධපධඵජධනඥ නමැති ග්‍රන්ථයේ සඳහන් පරිදි ලබා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමු.

පසුගිය සතියේ සුබසෙත පුවත්පතට ලිපියක් එවූ මානෙල් කුමාරි මහත්මියගේ මෙන්ම මේ පිළිබඳව අනිසි බියක් ඇති කරගෙන සිටින සියලු දෙනාගේ සුබසෙත උදෙසා මේ පිළිබඳව තාර්කිකව අදහස් ගෙන ඒමට අදහස් කළා. හතර කේනදරය නම් 1, 4, 7, 10 යන තැන් හතරයි. යම්කිසි කේන්දරයක 1, 4, 7, 10 යන ස්ථානයක ග්‍රහයන් නොමැති නම් එය හතර කේන්දරේ පාළු වීම ලෙසින් හඳුන්වනවා. අතීතයේ හතර කේන්දරේ පාළු නම් ඒ අය මහණදම් පිරීමට සුදුසු යැයි කියනවා . ඕනෑම කේන්දරයක ඉහත සඳහන් භාවයන් සතර ඉතා වැදගත් බව සත්‍යයක්. එහිදී එක් එක් භාවයන් මඟින් අතිශය වැදගත් ස්ථාන හතරක් අනාවරණය වෙනවා.

පළමුවැනි භාවය- කේන්දරයක ලග්න ස්ථානය වන මේ භාවයෙන් ජන්මියාගේ පෞරුෂත්වය, ශරීරය, ශක්තිය, තරාතිරම, ගෞරවය,ආත්ම ගරුත්වයේ නිවේදනය කරනවා.

හතරවැනි භාවය- නිවාස, ඉඩකඩම්, මව, යානවාහන ගෘහ ජීවිතයේ උරුමකම් නිවේදනය කරනවා.

හත්වැනි භාවය- හත්වැන්න කාමස්ථානයයි. විවාහය බිරිඳ හා සැමියා, ගිවිසුම් හවුල්කරුවන්, ගනුදෙනු වැනි කරුණු මෙයින් අදහස් කරනවා.

දස වැනි භාවය- දස වැන්න හෙවත් කර්මස්ථානය තුළින් වෘත්තීය, නිලය, තනතුරු උසස්වීම් ගැන නිවේදනය කරනවා.

මෙහිදී හතර කේන්ද්‍රයේ පාළු වීමේදී ඉහතින් සඳහන් කළ ස්ථාන හතරෙහි කිසිදු ග්‍රහයකු නොමැති වීමෙන් කෙනෙකුගේ හිතට එන්නේ සියලු සැප සම්පත් නොමැති වන බවයි. එහිදී ඉහත භාවයන්වලින් සඳහන් කළ කරුණු කාරණා ඉටු නොවන බව අදහස් කෙරෙනවා. එහෙත් මේ දෝෂය මේ සියලු දෙනාටම පලදෙන්නේ එකම ආකාරයකට නෙවෙයි.

හතර කේන්දරය පාළුවීම් භංග වන අවස්ථා පහතින් දක්වමු.

ඕනෑම කේන්දරයක 1,4,7, 10 යන ස්ථානවල යුරේනස්, නෙප්චූන් වැනි ග්‍රහයන් තැන්පත් වීමෙන් ඒ තැන්වල එම

දෝෂය භංග වෙනවා. එමෙන්ම 1, 4, 7, 10 යන ස්ථානවල ස්ථානාධිපතියෝ 5,9 ස්ථානවල උච්චව හෝ ස්වක්ෂේත්‍රව තැන්පත් වී සිටී නම් එහිදී ද හතර කේන්දරේ පාළු වීමක් සිදු වන්නේ නැහැ. ලග්න කේන්දරයේ 1,4,7,10 ස්ථාන පාළු වී, නවාංශක කේන්දරේ 1,4,7,10 ස්ථානවල ග්‍රහයන් තැන්පත් වී සිටී නම් හතර කේන්දරේ දෝෂ භංග වීම සිදුවනවා. ඒ වගේම චන්ද්‍රයාගෙන් 1,4,7,10 ස්ථානවල ග්‍රහයන් තැන්පත් වීම ද මේ හතර කේන්දරයේ දෝෂය අහෝසි කරනවා. ලග්නාධිපති නවාංශක කේන්දරයේ 1,4,7,10 ස්ථානයක ලැගුම්ගෙන තිබීම ද මේ දෝෂය භංග වීමට හේතු වෙනවා. ලග්න කේන්දරේ හතර වැන්නාධිපති නවාංශක කේන්දරයේ 5, 9 ස්ථානවල තැන්පත් වීමත් හතර කේන්දරේ පාළු වීම භංග කරනවා. ඒ වගේම ක්‍රිෂ්ණමූර්ති සිද්ධාන්තය අනුව හතර කේන්දරේ පාළු වීම බැහැර කර තිබෙනවා.

ඉහත සඳහන් පිහිටීම් එකකින් හෝ හතර කේන්දර පාළු වීමේ ‍දෝෂය භංග වේ නම් ඔබ කිසිසේත්ම හතර කේන්දර පාළු දෝෂයට අනියත බියක් ඇති කර ගත යුතු නැහැ.

කේන්දරය අතට ගත් සැණින් මෙය හතර කේන්දරය පාළු එකක් යැයි නොකියා දක්ෂව, බුද්ධියෙන් විමසා බැලීමෙන් සේවාවදායකයාගේ මේ පිළිබඳව පවතින බිය පහව යනවා. එමෙන්ම හතර කේන්දරය පාළු වූ තරමින් කෙනකුගේ ජීවිතය අසාර්ථක වන්නේම නැහැ. එනිසා ඔබේ හතර කේන්දරය පාළු වී ඇති බව බැලූ බැලුමට පෙනේ නම් එයින් පසුබට නොවී සුදුසු පරිනත ඡ්‍යොතිෂවේදියකුගෙන් උපදෙස් ලබා ගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.

 

සටහන- ඉෂාරා විජේරත්න

-------------------------------

කාල සර්ප යෝගය

චාලට් - හලාවත

කර්තෘ තුමියනි,

මගේ පුතාගේ ජන්ම පත්‍රයේ කාල සර්ප යොගයක් යෙදී තිබෙන බැවින්.එය ඉතා අවාසනාවන්ත යොගයක් ලෙස පවසයි.එය ඇත්තක්ද?. කරුණාකර මේ පිළිබදව දැනුවත් කිරීමක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

හෂානා - කළුතර

මහත්මියනි,

මේ ලිපිය ලියන මාගේ කේන්දරයේ කාල සර්ප යෝගය තිබෙන බව මා හට කේන්දර පරීක්ෂාවකදී දැන ගන්නට ලැබුණා. කාල සර්ප යෝගය ඇති විට පුද්ගලයකුගේ ජීවිතයේ බලාපොරොත්තු ඉටු නොවන අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවෙන බව බොහෝ ඡ්‍යොතිෂවේදීන් පවසනවා මම අසා තිබෙනවා. එමෙන්ම කාල සර්ප යෝගය යෙදීමෙන් අධ්‍යාපනය, විවාහය, රැකියා අසාර්ථක වන බවත් කියනවා. ඒ අතර කාල සර්පයෝගය තිබෙන අය ජීවිතයේ ඉතාම ඉහළට යන බවත් පවසනවා. ඡ්‍යොතිෂ සිද්ධාන්ත අනුව සුබසෙත පුවත්පත මාර්ගයෙන් මෙයට නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.