සොහොයුරු මතකය

සැප්තැම්බර් 13, 2024



ඉසිවරයකු වගේ සැමගෙම දුක දැනුණා
ඉටු දෙවි‍යකු වගේ සැමටම පිහිට වුණා
පිටු පෙරළාපු පොත පත අද මුළු ගැනුණා
අයියේ නුඹ කොහිද නෙත කඳුළැලි පිරුණා

සැමටම හොරා ඔබ මරුවා හා යන්න
වරදක් අපෙන් සිදු වූවෙද? පවසන්න
මුළු ලොව හඬා වැටෙනව බෑ ඉවසන්න
අයියේ යළි එන්න අයියේ යළි එන්න

සේවය ඔබේ අගයපු පිට රටුන් පවා
සිහිකර ඔබේ ගුණ සමරති මහද දවා
දැකුමට නොහැකි වී නිසසල සිරුර පවා
නැගණිය උමතුවෙන් වැළපෙයි උදය හවා

කාලා බුලත් විට තොල් දෙක රතු වෙන්න
පාලා සිනාවක් හැමදෙන තුටු වෙන්න
දීලා ගින්දරක් අප හැම හඬවන්න
දාලා ගියෙ ඇයිද අයියේ පවසන්න

ඇසුණොත් ඇසෙන්නේ ඔබගේ සිනා හඬයි
දෙනෙතට පෙනෙන්නේ නිතරම ඔබේ රුවයි
හදවත පෙළන්නේ ඔබගේ වදන් වැලයි
මේ දුක උහුලන්නෙ මාගේ පෙර පවටයි

සිරිමා ලිඳගහවත්ත - ගම්පහ
(ඡ්‍යොතීර්වේදී සුමනසිරි ලිඳගහවත්ත සිහි
කිරීමට නැගණිය විසින් පබඳන ලද්දකි.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.