ජනවාරි මාසයේ උපන් ඔබ ගැනයි...

ජූලි 21, 2023

පසුගිය සති කිහිපයේදි පෞද්ගලික අංක 1 සිට 9 දක්වා පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු කථා කරමු. අංක විද්‍යාත්මකව කරුණු විග්‍රහයේදි සුර්යා හෙවත් රවි ග්‍රහයාගේ රාශී මාරුව සිදුවන බව සලකන්නේ සෑම මසකම 21 දිනටය. එමනිසා ජනවාරි මාසය ලෙස යෙදෙන්නේ දෙසැම්බර් 21 සිට ජනවාරි 21 දිනටය.මෙම කාල සිමාව රවි ග්‍රහයා මකර රාශි ගතව ගමන් කරන අතර දෙසැම්බර් 21 සිට ජනවාරි 21 දක්වා මකර රාශියේ පූර්ණ බලය ක්‍රියාත්මක වේ. සප්තමයෙන් ජූලි මාසයේ ගතිගුණ එනම් සඳුගේ ගතිගුණ ද ජනවාරියට පැමිණේ. එම නිසා මෙම කාල සිමාව තුළ ඕනෑම දිනයක උපන් අයෙකුට තමාගේ පෞද්ගලික අංකයට අමතරව මකර රාශි අධිපති ශනි ග්‍රහයාගේ සහ සඳුගේ බලය හිමි වන අතර මෙම කාල සිමාව පඨවි තිවංකයටද අයිති වේ.

ජනවාරි මාසය තුළ උපන් පුද්ගලයන් දැඩිව ඉහළ නැඟිමේ අශාවෙන් යුක්තය. එම තත්ත්වය ඔවුන්ට හිමිවන්නේ ස්වභාවයෙන්මය. නමුත් වැඩ කටයුතු කිරිමේදි තනි තීරණවලට වැඩ කිරිමට අවශ්‍ය වේ. එසේ නොවුණ ඕනෑම මොහොතක නියැළෙමෙන් සිටි කටයුතු නතර කරන පුද්ගලයන් වේ. කරුණු එසේ වෙතත් ඕනෑම කාරණයක් සඳහා උපරිම ශ්‍රමදායකත්වයක් මොවුන් ලබාදේ. එසේ ම මෙම පුද්ගලයන් තමන් සම්බන්ධ වන ඕනෑම කටයුක්තක අවසාන ප්‍රතිඵලය බලාපොරෝත්තු වේ. අවසාන ප්‍රතිඵලය නිසැකව දැකිය නොහැකි නම් එම කාරණයට පිවිසෙන්නේ නැත. යමක් ඉටුකිරිමට මොවුන්ට කාලයක් අවශ්‍ය වේ. ඇඟිලි ගැසීම්වලට කැමති නැත. යම් කටයුත්තක් අරම්භ කළහොත් එක දිගට කටයුතු කර අවසන් කරයි. ඔවුන්ට ඒ සඳහා කාලය අවශ්‍යය. එම කාර්ය හදිසි කළහොත් එය ඔහුන් අතින් අසාර්ථක වේ. නමුත් ප්‍රශ්න දිහා ධනාත්මකව බලන ස්වභාවයක් ඔහුන් තුළින් දිස්වේ. කිසිම ක්‍රියාවක අවදානම මෙම මසයේ උපන් පුද්ගලයන් ගන්නේ නැත. එම නිසා සුදුව කොටස් වෙළදපොළ ඔවුන්ට උචිත නොවේ. ණය මුදල් ලබා දීමේදි සැලකිලිමත් විය යුතුය.

ආර්ථිකමය කටයුතු සඳහා නිවාස සහ ඉඩකඩම් කර්මන්තශාලා ගොඩනැඟිලි සෑදිම ගල් අඟුරු ඊයම් සහ යකඩ නිස්සාරණය වැනි පොළවෙන් ලබා ගන්නා සම්පත් පිළිබදව කටයුතු වඩාත් සුදුසු වේ. එමෙන්ම ජනතාව සමඟ රැකියාවන් මොවුන්ව සාර්ථකත්වයට ගෙනයයි. එනම් දේශපාලනය හෝ අනිකුත් වගකීම් සහිත තනතුරු දැරීම ඉතාමත් යෝග්‍ය වේ.

මොවුන්ගේ අදහස් සෑම විටම විද්‍යාත්මක මෙන්ම දාර්ශනික වේ. සමාජීය සහ ආගම පිළිබඳව තරමක් වෙනස්ම මතයක් දරන පුද්ගලයන් වේ. එමෙන්ම ලෝකය දෙස බලන්නේ සැකයෙනි. නමුත් බුද්ධිමත් භාවය සඳහා විශේෂ සැලකිල්ලක් දක්වයි. අදහස් ප්‍රකාශ කිරිමට බිය නොවේ. පිළිවෙලට වැඩකරන බොහොම සංවිධානාත්මක ඉතාමත් සංවේදි පුද්ගලයෙක් ජනවාරි මාසයේ බිහිවේ. ජනවාරි මාසයේ උපන් අයගේ ආර්ථිකමය දියුණුව ප්‍රබල කැපකිරිම් මගින් සහ පෞද්ගලික හැකියාව මත වර්ධනය කර ගත හැක. මේ සඳහා මාසයේ බලය හිමි ශනිගේ උපකාරය ලැබෙන්නේ නැත. ඒ වෙනුවට ආර්ථිකමය බාධාකිරිම් මෙන්ම අවහිර කිරිම් සිදුවේ. ජිවිතයේ මුල් කාලයේ එවැනි බධාකිරිම් රාශියකට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් වයසේ එකතුව 4 සහ 8 වන විට ගැටලු මතුවේ. එනම් අවුරුදු 4,8,13,17,22,26,31,35 අදි් වශයෙන් එම වයසේදි අයහපත් අමිහිරි අත්දැකීම්වලට මුහුණ පෑමට සිදුවේ.

මෙම මාසයේ උපන් පුද්ගලයන් බොහෝ විට ශක්තිමත් සිරුරකට හිමිකම් කියයි. උස මහත පෞරුෂත්වයකින් යුක්ත වේ. නමුත් එහෙත් මිටි අයද සිටියි. නමුත් ජනවාරියට සඳු සම්බන්ධ වන බැවින් මනසේ පවතින තනිකම වැනි කාරණයන් හේතුවෙන් අවසානයේදි ප්‍රතිඵලයක් ලෙස මානසික අව පීඩනය සහ කලකිරිම් ජීවිතයේ වරින් වර දැකිය හැකිය. මෙම මාසය ශනි බලවත් මාසයක් හෙයින් සහ පඨවි තිවංකයේ නිසා ඇට සැකිල්ලේ ආබාධවලට ගොදුරු වේ. එසේම පිත්තාශයේ ආබාධ, ආමාශයේ තුවාල, ජීර්ණ පද්ධතියේ ආබාධ, ආහාර මාර්ගයේ ගමන අවහිර වීම් වැනි අසනීපවලට ගොදුරු වීමේ වැඩි ඉඩ කඩක් තිබේ. අක්මාවේ රෝග සදා ගනි. කොන්ඩය ගැළවී යයි. සඳු ග්‍රහයාගේ බලපෑම පවතින හෙයින් සෙම්රෝග බහුලව සෑදේ. ඇදුම රෝගය සහ ශ්වසන පද්ධතිය සම්බන්ධ අනිකුත් ආබාධ ද ඇතිවිය හැකිය. සිසිල් කාලගුණය ජනාවාරි අයවලුන්ට අපහසුතා ඇති කරන හෙයින් වියළි කාලගුණය ඉතාම යහපත් වේ. එමෙන්ම යහපත් සෞඛ්‍ය සඳහා ධනාත්මකව සිතීම, පී‍්‍රතිමත්ව සිටීමේ ක්‍රමවේද අනුගමනය කිරිම, ප්‍රමාණවත් ව්‍යායාම, යහපත් ආහාර රටාවන් ඉතාම සුදුසු වේ.

මෙම මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව පඨවි තිවංකයට අයත් ජනවාරි අයවලුන් සහ අප්‍රේල් 21 සිට මැයි 21,අගොස්තු 21සිට සැප්තැම්බර් 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් ජූලි 21 සිට සැප්තැම්බර් 21 දක්වා අයවලුන්ද සුදුසුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.