වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඔබේ විවාහය ප්‍රමාද ද?
දෙසැම්බර් 2, 2022
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී.
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනෙකු ගැළපීම එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු.
විවාහය වූ කලී ආත්මීය බැඳීමකි. ආත්ම හතක බැඳීමක් ලෙස හින්දුන් විවාහය අර්ථ දක්වයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විවාහය වූ කලී ගෞරවනීය බැඳීමක් ලෙස හැඳින්විය හැකි ය.
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට වැදගත් වන්නේ කේන්දරයයි. මිනිස් දිවියේ බොහෝ දේ මේ කේන්දරයේ කොටු 12 තුළ සැඟ වී පවතී. එය පුදුමාකාරයි. ජීවිතයේ දෙවන උපත වන විවාහය ගැනත් මේ කොටුවලින් විග්රහවන්නේ පුදුමාකාර විදිහටයි.
එනිසා විවාහ වී හොඳ නරක සොයනවාට වැඩිය හොඳ නැද්ද විවාහ වීමට පෙර කේන්දරයේ ග්‍රහ පිහිටීම හරහා සුබ අසුබ දැන ගැනීම වඩාත් සුදුසු ය. කේන්ද්‍රයේ කොටු 12න් හත වැටෙන්නේ විවාහයටයි. 8 අයත් වන්නේ විවාහය පවත්වාගෙන යාමටයි. මේ කොටු දෙක පරිවර්තන යෝගයක් සෑදෙන්නේ 7 වැන්නාධිපති 8 වැන්නේ සිටීමත් 8 වැන්නාධිපති 7 වැන්නේ සිටීම නිසාය. වැඩි දෙනෙක් අසන ප්‍රශ්නයක් තමයි 7ට කේතු හොඳ ද කියා කේතු 11ට නම් ඉතාම හොඳයි සල්ලි සෙවීමට ශුක්‍ර සිටියේ කේතු 7 නම් ලිංගිකමය ශක්තිය අඩුවිය හැක. පුරුෂයාගේ කේතු 7 සිට ස්ත්රියගේත් 7 නම් අනෙකා තෘප්තිමත් කිරීමට නොහැකි වේ. සඳු, ශුක්‍ර හරියට හරි සෙල්ලක්කාරයෝ ය.
රවි හෝ කේතු 7 වැන්නේ සිටින කේන්ද්‍රයකට ශනි හෝ ශුක්‍ර 7 වැන්නේ සිටින කේන්ද්‍රයක් නොගැළපේ. රවි, සඳු, ශුක්‍ර ද නොගැළපේ. මේෂ ලග්න හිමියාට 7 වැන්නේ සඳු සිටීම යහපත් වේ. වෘෂභ ලග්න හිමියාට නරකයි. මිථුන, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්නවලට සඳු 7 ගේ පිහිටීම ඉතාම යහපත්ය. විවාහයට මකර ලග්න හිමියාගේ සඳු හතේ නම් ඉතාම ශුභයි. උච්ච නිසා තවද නැකත් අනුව බැලිය යුතුවේ.
කුජ, ශුක්‍ර යෝගය අතිධාවනකාරී වේ. ප්රබලතම යෝගයකි. නමුත් 7 වැන්නට අයහපත්ය. දෙදෙනාගේම කුජ ශුක්රයෝගය පිහිටා තිබේ නම් වයස 90ක් ඉක්ම ගියත් කාමාශාවේ අඩුවක් නැත. රාහු 7 වැන්නේ සිටීමෙන් යුගදිවියේ ඇතුල් පැත්තේ රස වින්දනය ගොරෝසු වේ. සෞන්දර්යාත්මකකම අඩුය. වාදන භාණ්ඩයක් සුසර කිරීම අනිවාර්ය වන්නේ වාදනය කිරීමට අපහසු නිසාය. රාත්‍රියේ දී ද එවැන්නක් අවශ්‍යම වන්නේ ය.
මේ අඩුපාඩුව නිසා විවාහය බිඳ වැටේ. පිරිමියා ඉක්මනින් තෘප්තිමත් වන අතර ගැහැනියට වින්දනයේ රස භාවය නැතිවේ. යුග දිවිය වහා කඩා වැටේ. 7 වැන්නේ ගුරු සිටීමෙන් කල්ගත වීමේ දී අධ්‍යාත්මික පැත්තට නැඹුරුවීම නිසා විවාහයට ගැටලුවක් පැන නගිනු ඇත.
ගුරු ශුක්‍ර සිටීමෙන්ද එවන් ගැටලු කායිකව මානසිකව පැන නගිනු ඇත.
මේ කරුණු අනුව බලන විට ඔබ විවාහවීමට සූදානම් වන්නේ නම් උඩින් පල්ලෙන් පොරොන්දම් පමණක් බලා ලකුණු හරහා විවාහ වීම නුවණට හුරු නොවේ. දැනටමත් ඔබේ විවාහය ප්‍රමාද වී ඇත්නම් කේන්ද්‍රය ගැඹුරින් පරීක්ෂා කර බලන්න.
ඕනෑම කේන්ද්‍රයකට ගැළපෙන කේන්ද්‍ර තිබේ. අවශ්‍ය වන්නේ හරිහැටි ග්‍රහ හැසිරීම් රටාවේ ගැළපීම් ධනාත්මක ලෙස පිහිටා ඇද්ද යන්න පරීක්ෂාකර බැලීමයි. ප්‍රමාදවන බොහෝ විවාහ ගුණ විද්‍යාත්මක ක්‍රමවේද හරහා සාර්ථක කර ගැනීමට හැකිවේ.
විවාහ දෝෂ 20ක් තිබෙන අතර විවාහයට දෙදෙනකු ගැළපීම් එතරම් පහසුම වැඩක් නොවේ. මේ සියලුම ග්‍රහදෝෂ බිඳෙන ක්‍රමවේදයන්ද තිබෙන බැව් සනිටුහන් කරමු. මූලිකම කරුණ වන්නේ පිරිමි සංඛ්‍යාව අඩුකමයි. කාන්තා සංඛ්‍යාව වැඩිය.
සාර්ථකම යුග දිවියක් ගත කිරීමට ඡ්‍යොතිෂමය මඟක් ඇති බැව් දක්වමු.
ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී. හෙන්රි බෙම්මුල්ල
෴ සබැඳි ලිපි ෴
සිහිනයක් නොදුටු අයෙක් මෙලොව නොමැත. එය අනාගත සිදුවීම්වල පෙර නිමිති සේ බොහෝ දෙනා අදහස් කරන අතර ඇතැම්හු හොඳට බඩපුරවාගෙන නිදාගත් විට, දවසේ කළ කී දෑ ඔළුවේ...
2024-09-12 18:30:00
ඉසිවරයකු වගේ සැමගෙම දුක දැනුණා ඉටු දෙවියකු වගේ සැමටම පිහිට වුණා පිටු පෙරළාපු පොත පත අද මුළු ගැනුණා අයියේ නුඹ කොහිද නෙත කඳුළැලි පිරුණා සැමටම හොරා ඔබ...
2024-09-12 18:30:00
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරහතර කේන්දරේ පාළු වුණාට බය වෙන්න එපාවර්තමානයේ හතර කේන්දරයේ පාළු වීම යැයි කියන කේමද්රම යෝගය බොහෝ දෙනෙකුට පිහිටන...
2024-09-12 18:30:00
බිනර මස මුල් සතියේ දිනක කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිද හෝරාවක් භාවනානුයෝගීව ද, තවත් අඩහෝරාවක් යෝගී අභ්‍යාසවලද...
2024-09-12 18:30:00
ශීතකරණය අක්‍රිය වුවහොත් ජීවිතය අඩාළ වූවායැයි සිතන තත්ත්වයට අද අප පත්ව සිටින මුත්, දැනට අඩසිය වසකට පෙර දවස මෙරට වැසියෝ, එනම් හැත්තෑවේ දශකය අවසන්...
2024-09-12 18:30:00
පුනර්භවය ගැන විවිධ තොරතුරු කාලෙන් කාලයට අසන්නට ලැබෙනවා. මේ එවන් පුනර්භවය පිළිබඳ වර්තමානයේ අසන්න ලැබෙන අලුත්ම කතාවයි. මේ කතාව අපට ඇහෙන්නේ ඔස්ට්...
2024-09-12 18:30:00
එක්තරා පඬිවරයකු වෙත පැමිණි ගෝලයකු තමන්ට දියුණු විය යුතු බව පවසා එයට ක්‍රමවේදයක් පවසන ලෙස ඉල්ලා සිටියා. පඬිවරයා පළමුව විමසුවේ ඒ සිසුවාට අවශ්‍ය ලෞකික...
2024-09-12 18:30:00
මෙතෙක් කතාවසංචාරකයකු මෙන්ම ලේඛකයකුද වන එක්තරා පුද්ගලයකු ජර්මනියේ ප්‍රාදේශීය හෝටලයක ලැගුම් ගන්නා අතර සවස් යාමයේ වට පිටාවේ ඇවිදින්නට යයි. මේ...
2024-09-12 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-09-12 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව පැවසිය හැකි...
2024-09-05 18:30:00
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත...
2024-09-05 18:30:00
වාද්දුවේ සිගේරා රූපශ්රීප්රශ්නය වෛද්යචාර්යතුමනි,තිස්තුන් හැවිරිදි මා සංචාරක නිකේතනයක සේවය කරන සේවකයෙකි. කෑම කෑවාට පසුව ඇඹුල් රස උගුරට එන...
2024-09-05 18:30:00
බිනර මස එළැඹුන එක්දිනක හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව පුරා හෝරාවක් ගත කළ...
2024-09-05 18:30:00
සැප්තැම්බර් 06(පෞද්ගලික අංකය 6)ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. ඒ නිසාමද මන්දා වන ඹබරෙක් වගේ තරුණ වියට පා තැබීමත් සමඟ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙමංසලක කුමන...
2024-09-05 18:30:00
ඈත එපිට දවසක එක්තරා රටක කුරිරු රජ කෙනෙක්ට පුදුම කුතුහලයක් ඇති වුණා. ඒ තමන්ගේ රාජ්‍යයේ සතුටින් සහනයෙන් දිවි ගෙවන කවුරුන් හෝ සිටිනවාද කියා දැනගන්න....
2024-09-05 18:30:00
වඳුරන්, රිළවුන්, ඌරන්, වලසුන්, දිවියන් දැකීම සම්පත් විනාශය, රාජ දඬුවම්, කරදර, බරපතළ විපත්තම රැවුල, හිසකෙස්, අනිකකු විසින් උදුරාලීම, කැපීම අපමණ...
2024-09-05 18:30:00