වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබේ සහකරුවාත් මේ වගේද
නොවැම්බර් 26, 2021
හතර වරිගයටම වග කියන හතර වර්ගයක පිරිමි ගති ලක්ෂණ
පිරිමියා සහ කාන්තාව අතරින් කායික ශක්තියෙන් ඉහළ තැනැත්තා පිරිමියා වුවද වත්මන් කාන්තාව තම බුද්ධි මහිමයෙන් කැපවීමෙන් අධ්‍යාපනයෙන් ලබා ඇති තත්ත්වය පිරිමියා අතික්‍රමණය කරන (ඉක්මවා යන) බව පැහැදිලි සත්‍යයකි.පිරිමි මූලික සමාජය තුළ කාන්තාව ප්‍රබල වී සිටියද ඇතැම් කටයුතු වලදී පිරිමියාගේ දායකත්වය ඉහළින්ම කැපී පෙනෙයි.
මේ විමසුම ඡ්‍යොතිෂයට අනූව පිරිමින්ගේ ගති ලක්ෂණ පිළිබඳයම් අවබෝධයක් ඔබට ලබාදීම පිණිසයි.
ඡ්‍යොතිෂයට අනූව ලෝකයේ වෙසෙන පිරිමි ඔවුන්ගේ දේහ ලක්ෂණයන් අනූව වර්ග හතරකට බෙදනු ලැබෙයි.හැඩරුව, ගතිගුණ දෙස ඉතා වුවමනාවෙන් ඔබ විමසා බැලුවහොත් ඔබ විමසන පුරුෂයා කෙබඳු අයුරක පුරුෂයෙක්ද යන්න මේ අනුව වටහා ගත හැකිය.
“ශෂ” වර්ගයේ පිරිමි
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් වර්ග කිරීමේදී මුල්ම කොටසට අයත් වන්නේ “ශෂ”පුරුෂයාය.මේ “ශෂ” පුරුෂයාගේ මුහුණ රවුම් වටකුරු හැඩයක් ගනියි.උස මධ්‍යම ප්‍රමාණයකින් යුක්තය.දෑත් වල ඇඟිළි අතර ඉතා විශාල හිඩැස් දැකිය හැකිය.දෑස් රතුපැහැයෙන් යුක්තය.පපුවේ සහ පිටේ පවා රෝම සහිත සිරුරක් හිමි “ශෂ” වර්ගයේ පුරුෂයා ඉතාම යුක්තිගරුකය.මානව දයාවෙන් යුක්තය.අන්‍යයන්ගේ සැපය වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කරනු ලබයි.එසේම ශෂ වර්ගයේ පුරුෂයාට කරදර කම්කටොලු ගෙනදීමට පියවර ගන්නා අන්‍යයන් බුද්ධියෙන් මට්ටු කරන්නට තරම් මානසික තත්වයක් හා ශක්තියක් ශෂ වර්ගයේ පුරුෂයා සතුය.
එකවිට කාර්යයන් කීපයක් කිරීමට දක්ෂ “ශෂ”වර්ගයේ පුරුෂයා තමා අතින් අතපසු වීමකින් හෝ සිදුවූ වරදක් වුවද වගකීමෙන් බාරගනියි.තමා නොකළ වරදක් තමන් වෙත පටවන්නේ නම් තදින් කිපෙයි.ජීවිතයේ සියලුම කටයුතු පිළිවෙලකට කරන මේ “ශෂ” වර්ගයේ පිරිමියා ඡ්‍යොතිෂයේදී ඉතා සාර්ථක දැහැමි,පරාර්ථකාමී යහපත් පුද්ගලයකු ලෙස අර්ථ දක්වන අතර ඒවැනි පුරුෂයකු තම විවාහක බිරිඳට සහ දරුවන්ට බොහෝ සේ ආදරය කරයි.තම බිරිඳට අවශ්‍ය සියලු සැප සම්පත් තමාට හැකි ආකාරයෙන් උපරිම ලෙස ලබාදීමටද “ශෂ” වර්ගයේ පිරිමියා කිසිවිටෙකත් පසුබට නොවෙයි.ඒමෙන්ම “ශෂ” වර්ගයේ පිරිමින් විවිධ කලා කටයුතු වල නිරත වන අතර ඔහු අන්‍යයන්ගේ පීඩිත බව කෙරෙහි දැඩි ලෙස කම්පා වන්නෙකි.අන්‍යයන්ට කිසියම් විපතක් වී නම් නොපැකිළවම උපකාර කිරීමට දෙවරක් නොසිතයි.
“මෘග” වර්ගයේ පිරිමි
දෙවැනි වර්ගයේ පිරිමියා හඳුන්වනු ලබන්නේ “මෘග”පුරුෂයා වශයෙනි.වචනයේ හැඩය, උච්චාරණය, පරිහරණය අනූව මෘග යන වචනය තුළ තිරිසන් බවක් පෙන්නුම් කළත් ජ්‍යොතිෂයට අනූව “මෘග” පුරුෂයා හොඳ පුරුෂයෙකි.ඔහුගේ ගතිගුණ බොහෝ දුරට “ශෂ” වර්ගයේ පිරිමියාට සමානය.
“මෘග” වර්ගයේ පිරිමියාද බිරිඳට සහ දරුවන්ට පණ සමව ආදරේ කරයි. අන් දරුවන්ද තම දරුවන් සේ සලකයි.වංචාකාරී නැත.බිරිඳගේ හා පවුලේ ගරුත්වය සුරකින විශ්වාසවන්තයෙකි. මොහුගේ ස්වරූපය වන්නේ නිතර නිතර වටපිට බැලීමය. සිත එක අරමුණක නතරව පවතින්නේ නැත. එහෙත් සැක උපදවාගතයුතු නැත. කාය බලයෙන් ශක්තිමත් මේ පුරුෂයාගේ අතපය ඉතා හොඳීන් පූර්ණව පැහැපත්ව වැඩී තිබේ.සිනහවකින් පිරුණු මුව මඬලක් “මෘග” වර්ගයේ පිරිමියාට ඇති අතර නිතර නිතර ආහාර ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.ආහාර ගන්නා විට එකවර විශාල ආහාර ප්‍රමාණයක් ගැනීමද “මෘග” පුරුෂයාගේ ලක්ෂණයකි. මේ නිසාම ලෙඩ රෝග වලට බහුලව ලක්වේ. කරුණාවන්තව පැහැදිලි කිරීම් මඟින් එම තත්ත්වය වලකා ගත හැකිය.
“වෘෂභ” වර්ගයේ පිරිමියා
“වෘෂභ” වර්ගයේ පිරිමියා ලෙස හඳුන්වන තුන්වන වර්ගයේ පිරිමියා එතරම් විශ්වාසවන්ත පුද්ගලයකු නොවේ.නමුත් “වෘෂභ” යන වචනය යෙදුණද මේ “වෘෂභ” පිරිමියා අණුවණ අයකු නොවේ.නමුත් අලසය.ශරීර සෞඛ්‍ය පිළිබඳව එතරම් සැලකීමක් දක්වන්නට “වෘෂභ” පිරිමියා කටයුතු නොකරන නිසා ඔහු නිතරම රෝගියකු බවට පත්වේ.ඡ්‍යොතිෂය නියමයන්ට අනූව මොහු හොඳ වර්ගයේ පිරිමියකු ලෙස සලකන්නේ නැත.වෘෂභ වර්ගයේ සමග විවාහ වන කාන්තාව ඉතා කෙටි කාලයකදී ඔහුව ප්‍රතික්ශේප කිරීම සාමාන්‍ය තත්ත්වයකි. විශාල හිසක්ද, රවුම් මුහුණක්ද, ඇති “වෘෂභ” පිරිමියාගේ දත් ඉතා කෙටිය.ඇඟිලි මහත්ය.උදරය රවුම්ය.රතුපාට අල්ලක් ඇති “වෘෂභ” පුරුෂයා ලෝකයට පෙනෙන්නට සිල් ගන්නෙක් පමණි.මොවුන්ගෙන් ප්‍රවේශම් වන්න ,කාන්තාවනි එවැන්නෙක් විවාහය සඳහා තෝරා ගන්නවාට වඩා අවිවාහකව සිටීම මැනවි.
“අශ්ව” වර්ගයේ පිරිමියා
ජ්‍යොතිෂයට අනූව හතරවෙනුව වර්ග කරන්නේ “අශ්ව” පුරුෂයාය.මොහුද ඡ්‍යොතිෂයට අනූව ඉතා හොඳ පුරුෂයකු ලෙස වර්ග නොකරයි.බිරිඳට දසවධ දෙන පුද්ගලයෙකි.ජීවිතයේ වගකීම් යුතුකම් කිසිවක් මනා ලෙස ඉටු කිරීමට කටයුතු නොකරන “අශ්ව” පුරුෂයාව විශ්වාස කිරීමද අසීරුය.අනුන්ගේ දොස්ම පමණක් දැක තමන් ගැන උසස් ලෙස කතාකරයි.නමුත් “අශ්ව” වර්ගයේ පිරිමින් කඩවසම්ය,පියකරුය.
මොහුගේ අතපය දිගටිය.මුහුණද දිගටිය.දත්ද දිගු හැඩයක් ගනී.හිසකෙස් ඝනව වැඩී ඉලිප්පී පවතී.මහපට ඇඟිල්ල කැපී පෙනෙන ලෙස දිගය.සිරුරේ රෝම නැත.රෝම ඇත්නම් එම රෝම කවදාවත් කළුපාට නැත. තඔ වැනි වර්ණයක් ගනී.
විශේෂ අවධානයට
ඡ්‍යොතිෂයට අනූව පිරිමින් මෙසේ වර්ග හතරකට බෙදා වෙන් කළත් මූලික වශයෙන් පිරිමින් ගැන මෙම සැලකිල්ල යොමු කරනු ලබන්නේ විවාහයේදී පමණක් වන බවද මතක තබාගත යුතුය.
ඡ්‍යොතිෂයේදී පිරිමින් පමණක් මෙසේ වර්ග කළත් ලෝකයේ සිටින පිරිමින් කෝටි ප්‍රමාණයක් ගොඩවල් හතරකට වෙන්කිරීම පිළිබඳව බමුණන් දක්වන්නේ දැඩි විරෝධතාවකි.පිරිමින් මෙසේ ගොඩවල් හතරකට වර්ග කිරීම ගැන ඉපැරැණි ඍෂිවරුන්ද විවිධ මතිමතාන්තර ඉදිරිපත් කොට ඇත්තේ පක්ෂ හා විපක්ෂ වශයෙනි.
මේ කුමන ආකාරයකට පිරිමියා වර්ග කළත් මඟුල් තුලා, සුබ කටයුතු, ව්‍යාපාර ඇරඹීම, යාන වාහන ගේ දොර කටයුතු ඇරඹීම, මිලදී ගැනීම, ආදී කටයුතුවලදී “ඔහු” ගේ ජන්ම පත්‍රය නිවැරදි ලෙස ඡ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවා ගැනීම සිදුකළ යුතුය.
ඒ.සී.එස් නවීලා
෴ සබැඳි ලිපි ෴
අද අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ක්‍රිකට් ලොව සිටි අපූරු මිනිසෙකු ගැනයි. ශ්‍රී ලංකාවේ පවතින කිසිම ක්‍රිකට් ක්‍රීඩාංගණයකට පය නොගැසූ ගුවනින්...
2023-07-27 18:30:00
කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ලට නුදුරුව කබුළුමුල්ල රජ මහ පත්තිනි දේවාලයේ ආරම්භය සීතාවක රාජසිංහ රජ දවස සිදුව ඇති බව සීතාවක යුගය පිළිබඳ ලියවුණු...
2023-07-27 18:30:00
ඒ දෙවැනි ලෝක යුද සමයයි. එකල බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් වූ ලංකාවට ද එහි භීතිය තදින් දැනී තිබුණි. ජපනුන් ලංකාවට බෝම්බ හෙළන බවට...
2023-07-27 18:30:00
සීයේ,ඇයි ජානක,මම මේ සීයගෙන් අහන්නෙ සම්බුදු පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ දඹදිව රජදරුවන් සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ...
2023-07-27 18:30:00
අපි නොයෙක් නොයෙක් දේ පරිහරණය කරමු. කොතෙක් පරිහරණය කළ ද තෘප්තියට පත්වීමේ කෙළවරක් නොදන්නා අයකු වෙයි. ඇතැම් වස්තූන් ස්වල්පයක් පරිහරණය කළ හොත් ඉන් සෑහීමට...
2023-07-27 18:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඇයි මේ මිනිස්සු වැල්ලට දුවන්නෙ කියා ඇසුවේ. පන්සලේ සිටින උපාසක මහතාය.ඔව් මාත් මේ ඒ ආරංචියට වැල්ලට යනවා කීවේ සුගතන් මුදලාලීය. ඈත මුහුදෙන් විශාල කොටයක්...
2023-07-20 18:30:00
විද්‍යාලංකාර පිරිවෙනේ උපකුලපතිව වැඩ විසූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සාහිත්‍ය චක්‍රවර්තී යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමිපාණන් වහන්සේ ශාසනික,...
2023-07-20 18:30:00
ජයභූමි ශාස්ත්‍රය මහ නක්ෂත්‍රයටත්, සූක්ෂම නක්ෂත්‍රයටත් යන දෙකටම පොදු වන්නේ මුත් එය සූක්ෂම නක්ෂත්රයෙහි, සිංහල උමා ඡ්‍යොතිෂයෙහි මනාව ඉගැන්වේ. “කිරි ගහට...
2023-07-20 18:30:00
පඬි වදන්අභිධජ මහා රට්ඨගුරු අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියනට අත් නෑර ම අපහසු සිරිතක් වූයේ පොත්පත් කියවීම යි. වයස අවුරුදු 101 දී...
2023-07-20 18:30:00
විශ්ව ශක්තිය පිළිබඳව සැමගේ අවධානය යොමුව ඇති සමයෙක, දැනුවත්ව හෝ නොදැනුවත්ව වුවද අපද ඒ හා සමඟ සහසම්බන්ධව කටයුතු කිරීමෙන් ලබා ගන්නා ප්‍රයෝජන පිළිබඳව ඔබ...
2023-07-20 18:30:00
පසුගිය සති කිහිපයේදි පෞද්ගලික අංක 1 සිට 9 දක්වා පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි ඕනෑම වර්ෂයක ජනවාරි මාසයේ උපන් අයගේ ජිවන තොරතරු...
2023-07-20 18:30:00
මිනිස් සම්භවය සිදුවූදා පටන් අද දක්වාම පරිසරය ජයගැනීම පිණිස මිනිසා විසින් අඛණ්ඩව කරගෙන එනු ලබන ගවේෂණයන් ගේ ප්‍රතිපල ‘දැනුම’ නමින් නැවතත් චක්‍රීයව,...
2023-07-13 18:30:00
අභිසම්භිදානය සියලුම උපද්‍රවවලට මුළුමනින්ම පිහිටවන බුද්ධ යන්ත්‍රයකි. මෙහි ඇතුළත් කරුණු බුදුරදුන් දේශනා කර ඇති බව පිළිගත යුතුම කරුණකි.යන්ත්‍ර රත්නය,...
2023-07-13 18:30:00
කලාසූරී අරීසෙන් අහුබුදු යන නාමය මෙරට වැසියාට හුරුපුරුදුය. ළෙන්ගතුය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය...
2023-07-13 18:30:00
ඇස්වහ කටවහ හෝවහ දෝෂ ඇතිවන්නේ මනුෂ්‍යයාට පමණක් නොවෙයි. එය සතා සිවුපාවුන්ට වගාවන්ට, යානවාහනවලට, ව්‍යාපාරවලට ඉගෙනීමේ කටයුතුවලට, සුන්දරත්වයට,...
2023-07-13 18:30:00