අපරදිගයන් සොරාගත් පෙරදිග සංඛ්‍යා විද්‍යාව

ජූලි 21, 2023

ජයභූමි ශාස්ත්‍රය මහ නක්ෂත්‍රයටත්, සූක්ෂම නක්ෂත්‍රයටත් යන දෙකටම පොදු වන්නේ මුත් එය සූක්ෂම නක්ෂත්‍රයෙහි, සිංහල උමා ඡ්‍යොතිෂයෙහි මනාව ඉගැන්වේ. “කිරි ගහට කෙටුවා” සේ ප්‍රතිඵල ගෙන දෙන්නේමය. වර්තමානයේදී මහ ඡ්‍යොතිෂයට එක්ව ඇති මරු – යෝගිනි, රාහු කාලය ආදි සංකල්ප බොහොමයක් සාකච්ඡාවට බඳුන් වනුයේ සිංහල උමා ඡ්‍යොතිෂයෙහිය. වර්තමානයේ බොහෝ දෙනා ඊට චූල ඡ්‍යොතිෂය යැයි කියයි. එහෙත් එසේ පවසන බොහෝ දෙනා චූල ඡ්‍යොතිෂය හඳුනන්නේදැයි සැකයක් පවතී. එය වෙනම කතාවකි.

සිංහල උමා ඡ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම “සංඛ්‍යා විද්‍යාව සහ ස්වර ශාස්ත්‍රය” පදනම් කොටගෙන නිර්මාණය වී ඇති අතර එය අද්භූත ශාස්ත්‍රයක් වන්නේමය. වාස්තු විද්‍යාව, ඡ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය යෝග විද්‍යාව ආදි බොහෝ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය මූලික ශක්තිය ලබා දෙනුයේ මෙකී උමා ඡ්‍යොතිෂය ඇසුරිනි. විශ්වයේ අපට අසන්නට ලැබෙන හඬවල් බොහෝය.

ශබ්ද බොහෝය. ඒ සමහර ශබ්දවලට ‘සංකේත’ නැත සමහර ශබ්දවලට සංකේත ඇත. එකම ශබ්දයට වුවත් ඒ ඒ සංස්කෘති අනුව ලබාදෙන සංකේතය වෙනස්ය. අප ‘අ’ ශබ්දයට දෙන රූපය සංස්කෘත බසින් ැ හැඩය ගනී. ඉංගී‍්‍රසියෙන් “ඒ” හැඩය ගනී. පුරාණ රාවණ හෝඩියෙහි “අ” ශබ්දය “-” ඉරි කැබැල්ලකි. “අ” සහ “උ” ශබ්ද එක්වී “ඔ” ශබ්දය නිර්මාණය වන බව වාග් විද්‍යාඥයන් පවසයි. සංස්කෘත ැ සහ ැ (අ සහ උ) එක්ව සෑදෙන “ඔ” ශබ්දයේ රූපය ැ වේ. ය “ඕ” ය. අපට “ඔ” “ඕ” දෙකක් ඇත. රාවණ අක්ෂරවල එය හාත්පසින් වෙනස්ය. වෙනත් භාෂාවන්හි එය තවත් ස්වරූපයක් ගනී. මෙහිදී ශබ්දය ම ප්‍රධාන තැනක් ගනී. ශබ්දය පරා, පත්තී සහ මධ්‍යම වශයෙන් තුන් ආකාරයක් වන නමුත් එය සත්‍ය වශයෙන්ම ‘සප්තාංගයක් වන බව යෝග දර්ශනයෙහි සඳහන් වෙයි. ඉඳින් උමා ඡ්‍යොතිෂයෙහි සෑම ජයභූමියක් තුළම ශබ්දයක් සහ සංඛ්‍යාවක් පවතී. එයම විලෝමයෙන් විමසුවහොත් ඕනාම ශබ්දයක, ඕනාම සංඛ්‍යාවක ජයභූමියක් වේ. මෙය අතිශය සංකීර්ණ එහෙත් අතිශය සරල ගණිත ක්‍රමයක් වන අතර අපගේ අධ්‍යයන සීමාව බොහෝ කෙටිය.

දැන් අප ඔබගේ උපන් දිනය විමසමු. එහි අංක ගොන්නක් තිබේ. ව්‍යවහාරික ක්‍රමයෙන් 1980 ජනවාරි 08 උපන්නා යැයි සිතමු. එවිට 1980/01/08 ලෙස හෝ 01/08/1980 ලෙස හෝ වෙනයම් ආකාරයකට ඔබ එය ලියනු ඇත.

මෙසේ කවරාකාරයකට හෝ ලියා උපන් දින සංඛ්‍යාව තුළ සඳහන් ඉලක්කම් තනි අගයකට ගෙන ඒමෙන් එම සංඛ්‍යාවේ මඪඡපචතඪධද අංකය ලැබෙන බව ඔබ දනී. එය දෛව අංකය, වාසනා අංකය ආදි නොයෙකුත් නම්වලින් හඳුන්වනු ලබන බව ද නොරහසකි. ඒ නූතන ප්‍රකට බටහිර විද්‍යාව අනුවය. ඕනැම සංඛ්‍යාවක් නවයෙන් බෙදා ලැබෙන ශේෂය සහ එම සංඛ්‍යාව තනි අගයකට ගෙන ඒමෙන් ලැබෙන අගය සමානය. 1980 18 නවයෙන් බෙදා ලැබෙන ශේෂයක් නැත. එබැවින් පිළිතුර ‘9’ වේ. 1980 18 - 27 -2+7- 9

1981 18 - 1 +9+8+1+1 +8+ - 28 - 2 +8 = -10 - 1 +0 -1

මෙයම 1981 18 / 9 ශේෂය එකක් වේ. ඉඳින් කවරම සංඛ්‍යාවක් කවරාකාරයෙන් ඉලක්කම් මිශ්‍රකර නවයෙන් බෙදුවත් ශේෂය වශයෙන් ලැබෙන පිළිතුර එක හා සමාන වේ.

මා මෙහිදී මතු කරන්නට යනුයේ මෙසේ පෙරදිග සංඛ්‍යා විද්‍යාවයි. පෙරදිග සංඛ්‍යා විද්‍යාව තුළ එන විෂය කොටසක් බටහිර අංක විද්‍යාව වශයෙන් ප්‍රකට වී තිබුණ ද එහි සාරය සැඟවී ඇත. ඉඳින් බටහිර අංක විද්‍යාව ගැන සාකච්ඡා කරන ලියැවුණූ කිසිදු ගතෙක ලියවිල්ලක නවයෙන් බෙදන කතාව සඳහන් වී තිබේදැයි විමසන්න. ඔබට නොලැබෙනු ඇත. අදින් පසුව මෙම ලිපිය විමසීමෙන් පසුව එය සාකච්ඡාවට බඳුන් විය හැකිය. එතෙක් ඊට පෙර මූලාශ්‍රයක් වේ නම් එය ඉදිරිපත් කිරීමට බටහිර අංක විද්‍යාධාරින් සමත් විය යුතුය.

ඉඳින් උපන් දින සංඛ්‍යාව නවයෙන් පමණක් නොව අටෙන්, හතෙන්, හයෙන්, පහෙන්, හතරෙන්, තුනෙන් සහ දෙකෙන් ද බෙදෙන අතර සංඛ්‍යාව සංඛ්‍යාව සේ මූර්තිමත් කරමින් සංඛ්‍යාවක් තුළ ප්‍රකාශන නවයක් නව ආකාරයකට නොව විවිධාකාරයෙන් සිදුවන බව මෙතෙක් ඔබ නොදැන සිටියා විය හැකිය. එහෙත් ඒක අටෙන් බෙදා ගුරුළුවට යොදනු ලබන සැටි 2010 දී පමණ මා විසින් පළමුවරට රූපවාහිනී මාධ්‍යයකින් හෙළිකළ බව මතකය. සමහරෙකුට එය ගැටලුවක් විය හැකිය. ඒ උපන්දිනය ද සංඛ්‍යාවක බව නොදන්නා නිසාවෙනි. එය ව්‍යවහාරික ක්‍රමයෙන් හෝ අන් යම් ක්‍රමයකින් ලියැවිය හැක. ඔබ බුද්ධ වර්ෂ භාවිත කිරීමට පෙර භාවිත කළ වර්ෂ ගණනින් එය ලිවිය යුතු යැයි තර්ක කළ හැකිය. එය කලියුග වර්ෂයෙන් ද ලිවිය හැකිය. මේ සියල්ල සම්මුතිය. වැදගත් වන්නේ න්‍යාය ධර්මයය. ඕනෑම සංඛ්‍යාවක් අටෙන් බෙදා ලබන ගුරුළු අංකයය. එය ලබාගන්නා ආකාර කීපයක් ඉපැරැණි යාමල ග්‍රන්ථාභ්‍යාන්තරයෙහි දක්නට ලැබේ. ඔබ උපන් දවස අනුවය, දවස හා නැකත අනුවය. දවස නැකත හා රාශිය අනුවය මේ ග්‍රන්ථයෙහි කිතුවස් ගැන සඳහනක් නොවේ. එය සම්මුතිය මේ ග්‍රන්ථයෙහි කිතුවස් ගැන සඳහනක් නොවේ. එය සම්මුතිය බව තේරුම් ගැනීමට මනසක් තිබිය යුතුය. මෙකී උමා ඡ්‍යොතිෂය “පණ්ඩිතයන්ට මිස සෙස්සන්ට නොවේ” යැයි සමහර පුස්කොළ ග්‍රන්ථවල සටහන් වේ.

දැන් මේ සංඛ්‍යා ජයභූමියක් වන්නේ කෙසේද යන්න ඔබට ගැටලුවක් විය හැකිය. තවත් ලිපියකින් ඒ තොරතුරු රැගෙන එනතුරා පෙරකී තොරතුරු මනාව විමසා බලත්වා. එසේම අප නූතන අංක විද්‍යාව නොව පෙරදිග සංඛ්‍යා විද්‍යාව සහ උමා ඡ්‍යොතිෂය පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

 

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.