වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
මල්වරය හා වත් පිළිවෙත්
මැයි 3, 2019
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය.
මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය සැපවත් කරන නිරෝගී කරවන මහඟු අවස්ථාවකි. එබැවින් මල්වරයේ දී ඉටු කළ යුතු වත් පිළිවෙත් ගැන දෙමව්පිය වැඩිහිටියන් මනා අවබෝධකින් කටයුතු කළයුතු අතර දැරියට යම් අවබෝධයක් ලබාදිය යුතු ය.
අපේ ජනසමාජයේ බොහෝ විට ගෙටවීමේ නැතහොත් මල්වරවීම පිළිබඳ කටයුතු එදා සිට පැවත ආ වත්පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරනු ලැබීය. මේ නිසා ඔවුන්ට නිරෝගීතාවය මෙන්ම සැපවත් ජීවිතයකට අවස්ථාව ලැබිණ. එදා මල්වරවීමට ආසන්න දැරිය ගැන දෛවඥවරයකුට ජන්ම පත පෙන්වා දිනවකවානු දැනගත්හ. ඒ අනුව දැරියට ලබා දිය යුතු උපදෙස් මෙන්ම ආරක්ෂාවද ලබාදුන්හ.
මල්වරයේ දී පළමුව සිදුවන රජස් වීම කිල්ලක් ඇතිවන බවත් එම මල්වර කිල්ල දින පහළොවක් පමණ පවතින බැවින් ඉන් පසු මාසික රජස්වීම ස්නානය කරන තෙක් පවතින බැවින් දැරිය හොඳින් රැක බලාගත්තාය. මල්වර කාලසීමාවේ දී විශේෂයෙන් දැරිය තනිනොකොට තෙල්කෑම, පුළුටුකෑම, මස් මාංශ, බිත්තර, කිළිමාළු නොදීමෙන් රැක බලාගත්තේ බෙහෙවින් දැරියට අමනුෂ්‍ය දෝෂ, යක්ෂ භූත, ප්‍රේත, පිසාදීන්ගේ ඇල්ම බැල්ම ඇතිවේ යැයි කියන හේතුවෙනි. ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකන මල්වරවීමේ අවස්ථාව එදා ජන සමාජය බෙහෙවින්ම ආරක්ෂා කරගත්හ. මල්වරවීම නැතහොත් කොටහළු වීමේ දී කිලි තහංචියක් ලෙස සලකා නොයෙකුත් ආහාර වර්ග නුදුන්හ. ඒ අනුව තෙලෙන් බදින ලද ආහාර පුළුස්සන ලද ආහාර, මස්, මාළු වර්ග මෙන්ම කිලියැයි සලකන සියලුම ආහාරවර්ගද ගෙදරට පවා නොගත්හ. එළවළු අතර අළුකෙසෙල්, අළු පුහුල්, ද නුදුන් අතර මෝර මාළු, තෝර මාළු, මගුරු මාළු මෙන්ම මස්, ඌරු මස් ද කිළි ආහාර ලෙස දැරියන්ට නුදුන්හ. එමෙන්ම කිරිවර්ග, බිත්තර, මිටිකිරි යෙදූ ආහාර ද නුදුන් අතර දියකිරි යොදා පිසූ පතෝල වැටකොළු ආදී එළවළු සහිත බත් කෑමට සූදානම් කළ අතර කායම් හොද්ද මිරිස් අඩුවෙන් යෙදූ මිරිස් හොදි ලබාදුනි. මෙසේ කෑම වර්ගවලින් දැරිය ආරක්ෂා කළේ යම් යම් ශාරීරික ආබාධවලින් වළක්වා ගැනීමට හා පළමු රුධිරය වහනය හේතුකොට යම් නොසලකා හැරීමක් වුවහොත් අමනුෂ්‍ය උපද්‍රවලට හේතුවක් වන නිසාත් ය.
ප්‍රවේසම් වියයුතු ප්‍රවේසම් කළයුතු මල්වර දැරිය යම් හෙයකින් ඒ දිනයන්හිදී තෙල්කෑම තෙල් බැදුම් කෑම මෙන්ම කිළියැයි සඳහන් කෑම තහංචියකින් තොරව කෑමෙන් යම් අමනුෂ්‍ය දෝෂ කළුකුමාර දිෂ්ටිය හේතුවෙන් ඔසප් කාලයේ දී අධික උදර වේදනාව, යටි බඩේ වේදනාව, ක්ලාන්ත ගතිය, වරින්වර ඇතිවන හිසකැක්කුම මෙන්ම කෑම අපි්රයතාවයද ඇතිවිය හැකිය. මල්වරයේ දී සිදුවන යම් දෝෂ හේතුවෙන් මතුකාලයේ දී ශරීරය වැහැරී රූප ශෝභාවද අඩුවේ. තෙල් බැදුම් කෑමට නිතර නිතර පි‍්‍රය වේ. අවේලාවන්හිදී සක්මන් කිරීමටත් වැඩිහිටි අවවාද නුුරස්සන ගතියකුත් පිළිබිඹු වේ. එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවිට සිහිනෙන් බියවීම්, සුළු දෙයකට පවා තැති ගැනීම් ආදියද දැකගත හැකිය. මෙවැනි දැරියන්ට ඇඹුල් පහ මතුරාදීම සුළු ශාන්තිකර්මයක් කිරීම ආරක්ෂා කිරීම් තුළින්ද දෝෂ මග හරවා ගත හැකි ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
ඡ්‍යොතිර් විද්‍යාවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි මොරටුවේ
තිස්ස මහානාම
සටහන
එස්.එස්. ප්‍රනාන්දු
෴ සබැඳි ලිපි ෴
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී...
2024-09-12 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව පැවසිය හැකි...
2024-09-05 18:30:00
මේ භයංකාර මිටියාවතට පා නොතබන ලෙසට කළ කිසිදු යාඥාවකින් පලක් නොවූ තැන මහලු අශ්ව රථ රියදුරා මගෙන් සමු ගත්තේ කිව නොහැකි තරම් සානුකම්පිත බැල්මක් මා වෙත...
2024-09-05 18:30:00
වාද්දුවේ සිගේරා රූපශ්රීප්රශ්නය වෛද්යචාර්යතුමනි,තිස්තුන් හැවිරිදි මා සංචාරක නිකේතනයක සේවය කරන සේවකයෙකි. කෑම කෑවාට පසුව ඇඹුල් රස උගුරට එන...
2024-09-05 18:30:00
බිනර මස එළැඹුන එක්දිනක හිමිදිරි පාන්දර බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව පුරා හෝරාවක් ගත කළ...
2024-09-05 18:30:00
සැප්තැම්බර් 06(පෞද්ගලික අංකය 6)ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. ඒ නිසාමද මන්දා වන ඹබරෙක් වගේ තරුණ වියට පා තැබීමත් සමඟ ලෞකික හා ආධ්‍යාත්මික යන දෙමංසලක කුමන...
2024-09-05 18:30:00
ඈත එපිට දවසක එක්තරා රටක කුරිරු රජ කෙනෙක්ට පුදුම කුතුහලයක් ඇති වුණා. ඒ තමන්ගේ රාජ්‍යයේ සතුටින් සහනයෙන් දිවි ගෙවන කවුරුන් හෝ සිටිනවාද කියා දැනගන්න....
2024-09-05 18:30:00
වඳුරන්, රිළවුන්, ඌරන්, වලසුන්, දිවියන් දැකීම සම්පත් විනාශය, රාජ දඬුවම්, කරදර, බරපතළ විපත්තම රැවුල, හිසකෙස්, අනිකකු විසින් උදුරාලීම, කැපීම අපමණ...
2024-09-05 18:30:00
නිවෙසක හෝ යම් ස්ථානයක වාසනාව, සෞභාග්‍යය, සතුට වගා කර ගැනීම සඳහා අතීතයේ සිටම භාවිත කළ, ප්‍රබල සංකේතයක් ලෙස වාලම්පුරි හැඳින්විය හැකිය. විෂ්ණු දෙවියන්...
2024-09-05 18:30:00
ජානකී නවෝද්‍යා දෙල්ගොඩ ප්රශ්නයවෛද්යතුමනිමම විසි හය හැවිරිදි වෙළෙඳ ව්‍යාපාරයක සේවය කරන අවිවාහක කාන්තාවකි. මගේ වම් අතේ වැළමිටෙන් පහළ සහ බෙල්ලේ...
2024-08-29 18:30:00
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත...
2024-08-29 18:30:00
හතර කේන්දරේම පාළුයි මානෙල් කුමාරි මෙම ලිපිය ලියන මාගේ කේන්දරයේ එක ,හතර, හත, දහය යන ස්ථානවල ග්‍රහයෝ පිහිටා නොමැත. මේ තත්ත්වය හතර...
2024-08-29 18:30:00
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපට එදිනෙදා හමුවෙන අය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගත හැකිනම් ඔවුන් හා කටයුතු කිරීමට වඩාත් පහසු වෙයි. මේ සඳහා එක් එක් අය...
2024-08-29 18:30:00
මනුෂ්‍යයන් විසින් ගොඩනඟනු ලැබූ මුත් භූතයන් විසින් අරක් ගන්නා ලදුව මොන විදියකින්වත් කිසිවෙකුට සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ නොදුන් අද්භූත මන්දිර ලොව පුරා...
2024-08-29 18:30:00
අගෝස්තු 24(පෞද්ගලික අංකය 6)24 දිනෙක උපත ලද ඔබ තැනට සුදුසු ලෙස කතා කරන්න දන්න, සාර්ථක යුග දිවියක් ගත කරන කෙනෙක්. ඉහළ නිළතල ආදියද ඔබව සොයා එන...
2024-08-22 18:30:00
තලගොබය කපා, කූර හැර “වඩිය” බැඳ නියමිත ඖෂධයොදා තම්බා පවනේ වියළා ගන්නා හැටි පසුගිය සතියේ දැන ගතිමු. දැන් කොළ ළා කහ පැහැයෙන් යුතුව අවුල් වූ පිදුරු...
2024-08-22 18:30:00