කර්තෘට ලියුම්

අගෝස්තු 30, 2024

හතර කේන්දරේම පාළුයි

 

මානෙල් කුමාරි

 

 

 

මෙම ලිපිය ලියන මාගේ කේන්දරයේ එක ,හතර, හත, දහය යන ස්ථානවල ග්‍රහයෝ පිහිටා නොමැත. මේ තත්ත්වය හතර කේන්දරය පාළු වූවක් ලෙස මම අසා ඇත්තෙමි. එමෙන්ම එය කෙනෙකුට අවාසනාවන්ත තත්ත්වයක් ලෙසත් තවත් සමහරු එවන් අවස්ථාවක බිය විය යුතු නැති බවත් මා හට සමහරු කියා ඇත. සමහර ඡ්‍යොතිෂයවේදීන් පවසන්නේ හතර කේන්දර පාළු වූ අය නිවසක නොසිට මහණදම් පිරිම වැනි ආගමික පැත්තකට යොමු වීම සුබ බවයි. එහෙත් ඒ ගැන නිසි පිළිතුරක් තාම මා වෙත ලැබී නැත. මීන ලග්න හිමි මා කාන්තාවකි. මේ බව දැන ගත් දා සිට විවිධ අයගෙන් කේන්දර බලා පලාපල විමසුවද බලාපොරොත්තු වූ පරිදි පිළිතුරක් නොලැබුණි. ඔවුන් පැවසුවේ බියවීමට දෙයක් මෙහි නොමැති බවයි. සුබසෙත පුවත්පත ඔස්සේ මෙයට පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

--------------------

 

 

 

අමතාමෘත චූර්ණයෙන් නිරෝගී වන්න

 

අද සමාජයේ බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධවලට ගොදුරුවී තිබේ. ඔබටත් මේ රෝගවලින් මිදීමට සුබසෙත පුවත්පතේ පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස අත්දුටු අමතාමෘත චූර්ණය ඉදිරිපත් කරමි.

තෙල් සුණු හෙවත් කුඩු පලම් 64ක් ගෙන නෙල්ලි ඉස්මේ බහා අඹරා අව්වේ වියළා නැවත එය නෙල්ලි ඉස්මේ බහා අඹරා වියළා ගන්න. මෙසේ 7 වරක් හෝ 21 වරක් නෙල්ලි ඉස්මේ බහමින් අඹරා වියළා පසුව ගිතෙල්, මී පැණි නැළිය බැගින් ද තිප්පිලි කුඩු පලම් 08ක් ද සීනි පලම් 16ක්ද මේ සියල්ල එකට දමා අනා පිරිසුදු වළඳක දමා පිටින් මැටි බැඳ එයට දමා මාස 06ක් ද තබාගෙන පසුව රැගෙන හුළං නොවදින සේ තබා ගෙන උදේ, සවස නෙල්ලි ගෙඩියක් තරම් වළදා එළකිරි බොන්න.

මෙහි ගුණය - විශේෂයෙන්ම ස්ත්‍රින්ගේ සෝම රෝගයට අත්දුටුවයි. සෝම රෝගය යනු ඇඟ උණු කරවා යෑම, පුරුෂ පක්ෂයටද හොඳයි. ශරීරය වර්ණවත් වීම, කාය බලය වැඩි වීම, කෙස් දිගුවීම, අකාලයේ සුදු නොවීම, නොවැටීම, සිහිය හොඳවීම සහ දහ අට වැදෑරුම් කුෂ්ඨ රෝග දුරුවීමද වේ.

සැලකිය යුතුය. පලම් 01කට කළන් 12කි. එවිට පලම් 64ට කළන් 708 යි. නැළියට පත 04කි.

 

ඡ්‍යොතිෂ හා වාස්තුවිද්‍යාවේදී

ඒ.එම්. කිත්සිරි බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.