මවයි පියයි දරුවො දොළොස් දෙනයි

ජනවාරි 11, 2019

මම හොඳටම දන්නව ඔබට ඔබේ පුංචි කාලේ සිහියට නැඟුණු බව .ඒ කාලේ තුන්වන පන්තියේ සාහිත්‍ය පාඩමේදී තේරවිලි කියාදුන් තනිකරලට කොන්ඩෙ ගොතාගෙන පන්තියට ආ ධම්මිකා ටීචර් . ඉහත සඳහන් ප්‍රශ්නය ඇසුවාම ගොඩක් ළමයින් අත්දෙකම ඔසවාගෙන පිළිතුරට සූදානම් වූ හැටි අද වගේ මතකයි.

නමුත් කීපදෙනෙක් ඇස්බෝල උඩ තියාගෙන කල්පනා කළේ රටක් රාජ්‍යයක් නැති වුණා වගේ. ටීචර් උත්තරය කියන්න කලින් කිව්වේ පිළිතුරු ඇගේ ඔළුව උඩින් බලපුවාම පෙනෙනව කියලා. එහෙම කිව්වේ පන්ති කාමරයේ බිත්තියෙ ගහල තිබුණු බිත්ති ඔරලෝසුව බලාගෙන නොවෙයි. එතකොට නම් ඔක්කොටම වගේ පිළිතුරු වැටහුණා. ඡ්‍යොතිෂයෙ අම්මයි තාත්තයි දරුවො දොළහ නම් ඔරලෝසුව නොවේ. මේ කියන අම්මා – තාත්තා, දරුවෝ ඔය අය දන්නව වුනත් ඒ අයගේ විස්තර හරිහැටි දන්නේ නැහැ. මේ කියන අම්මා නිළියක්. නිළියෝනේ එක එක චරිත මාරු කර කර රඟපෑම් කරන්නේ. නිළියකට අමතරව එක එක්කෙනාගේ ඉතා ගැඹුරින් හිත ඇතුළේ තිබූ රහස් එළියට ගන්න විශේෂ හැකියාවක් තිබෙනවා. අහල ඇතිනෙ හඳපානේ ඉන්න කොට රහස් එළියට ආ හැටි.මේ අම්මගෙ ජීවිතය ආලෝකමත් කරන්නෙ තාත්තා. තාත්තාගේ ආලෝකය අම්මා වෙත වැටුනාම සෞම්‍ය ආලෝකයක් විහිදනවා. කවුරුත් හිතන්නෙ අම්මා ආලෝකය විහිදනව කියලා.

භාරත භාෂ්කර ශිරෝමනි සම්මානලාභී ඡ්‍යොතිර් විද්‍යා සහතික

ගුප්ත විද්‍යාධර මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

0722174553/0779870007

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.