ජනපි‍්‍රය ගායන තරුවක්වීමට ඇති හැකියාව ඡ්‍යොතිෂය තුළින් හඳුනාගන්න

ජනවාරි 11, 2019

විවිධ අංශ හෝ කේන්ද්‍රවලින් තරු බවට පත්වී එය වෘත්තීයමය ජනපි‍්‍රයතාවයක් මත වර්ධනය කර ගැනීමට වත්මන් තරුණ පරපුර ඉහළ පරිශ්‍රමයක් දරන අතර ඒ සඳහා ම සැලසුම් කරන ලද තරු තේරීමේ වැඩසටහන් දැනට සෑම රුපවාහිනී නාලිකාවකම පාහේ ක්‍රියාත්මක වන අතර එය පේ‍්‍රක්ෂකයන් අතරද බෙහෙවින් ප්‍රචලිත වෙමින් පවතී.

බොහෝදෙනකුගේ සැඟවී ඇති ස්වයං හැකියාවන් සහ කුසලතාවයන් වර්ධනය කර ගනිමින් ඉදිරියට යාමටද බෙහෙවින් උපකාරි වී ඇත. තරු වැඩසටහන්වලින් ඉදිරියට පැමිණි බොහෝ දෙනෙක් දැනටමත් ලංකාවේ කලා ක්ෂේත්‍රයට ඉහළ දායකත්වයක් දක්වන බව පෙනේ. මෙම වැඩසටහන් අතුරින් ප්‍රධාන තැනක් හිමිවී ඇත්තේ ගායන ක්ෂේත්‍රයට වීම විශේෂ ලක්ෂණයකි. ගායන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය තරුවක් බවට පත්වීමේ අපේක්ෂාවෙන් බොහෝදෙනෙක් ඉදිරිපත්වන නමුත් ඉදිරියට යාමට හැකියාවක් හෝ අවස්ථාවක් ලැබෙන්නේ සුළුපිරිසකට බව අප කවුරුත් දන්නා දෙයකි. වෛදික ඡ්‍යොතිෂයට අනුව මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ජන්මපත්‍රයේ ඇති ග්‍රහ පිහිටීම් ය.

යම් ජන්මියකු හට ලැබෙන සහජ හැකියාවන් ජන්ම පත්‍රයෙහි ලියවී ඇත. ගායන ක්ෂේත්‍රය තුළ දීප්තිමත් තරුවක් වීම සඳහා ද සුවිශේෂි ග්‍රහ පිහිටීම් කිහිපයක් පැවතිය යුතු බව ඡ්‍යොතිෂයෙන් පෙන්වාදෙයි. ගායන තරුවක් වීම සඳහා හැකියාවන් හෝ කුසලතාවයන් රැසක් තිබිය යුතු අතර ඒවා අතුරින් කටහඬට ප්‍රධාන තැනක් හිමිවේ. ආකර්ෂණීය කටහඬට ගායන ලෝකයේ ප්‍රධාන තැනක් ලැබෙන අතර ගායනය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතු වේ.

ගායනය හැසිරවීමට අදාළ මූලධර්ම, ස්වර, ස්වර සංකලනය සහ මාධුර්යය, මෙහිදී මූලික වේ. එමෙන්ම සංගීතය සහ සංගීත භාණ්ඩ පිළිබඳව ප්‍රබල අවබෝධයක් අවශ්‍ය වේ. වාදන හැකියාවක් පැවතිම වෘත්තීයමය ගායකයකු ලෙස ඉදිරියට යාමට බෙහෙවින් උපකාරි වේ. එසේම වර්තමානයේදී ජනපි‍්‍රය වී ඇති ගීත මෙන්ම අතීතයේ සිට ගායක ගායිකාවන්ගේ ගීත සහ ඒවායේ ඇති සුවිශේෂි ලක්ෂණ පිළිබඳව අවබෝධය වැදගත් වේ. චිත්‍රපට ගීත, නාට්‍ය ගීත, සරල ගී, නාඩගම් සහ ගැමි ගීත ගැනද තිබෙන අවබෝධය ඉදිරියට යාමට හේතු වන අතර නූතන රැල්ලට අයත් ගීත, පද රචනා සහ ගායක ගායිකාවන්ගේ ලාක්ෂණික ගතිලක්ෂණ ගැනද දැනුමක් තිබිය යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ වත්මන් පේ‍්‍රක්ෂකයන්ගේ පි‍්‍රයමනාපකම් පිළිබඳව ඇති අවබෝධයයි.

කටක ලග්න ජන්මීන්ගේ ජන්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.