රවි සමඟ යෝගවන ග්‍රහයන් නිසා ඇතිවන සුබ අසුබ

දෙසැම්බර් 28, 2018

"ලග්න කේන්ද්‍රයේ රජු වශයෙන් හඳුන්වන රවි ග්‍රහයා ග්‍රහ ලොවේ පියා ලෙසද හඳුන්වයි. ජීව බලය රෝග නාශක බලය පමණක් නොව නිර්භීතකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය,බලය, ප්‍රධානත්වය,ක්‍රියාශූරත්වය, ගෞරවය, භක්තිය, අවබෝධය,ඥානය ආදි සියලු උසස් ගති ගුණ හිරුගෙන් ලැබෙන බැවින් හිරු ප්‍රධාන වෙයි. උෂ්ණ වුවත් අඟහරු මෙන් සැර නොවේ"

මනුෂ්‍ය ශරීරයේ හෘදය වස්තුව, කට, ඇස්, ලේ, මොළය . ඇලදිව, ඇට ආදියට අධිපති වේ. රවි ඒ ඒ රාශිවල ගමන් කරන විට ඒ ඒ රාශින්ගේ ගතිගුණ ප්‍රකටව පෙනේ. එම නිසා යමෙකු උපදින විට රවි බලවත්ව කේන්ද්‍රයේ බලවත් ස්ථානයක සිටියහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බලවත් වේ.

රවි සඳු හා යෝග වූ විට නොයෙක් අයුරින් කාර්මික අංශයේ දැනුම ලබාදෙයි. එහෙත් මිල මුදල් ධන ධාන්‍ය සම්පත් වලින් අඩුවක් පෙන්නුම් කරයි. කාමුක සිතිවිලි ඇති කරන අතර, මහලු ස්ත්‍රීන් පුරුෂයන් කරා යාමට ද මැලි නොවේ.

ලග්නයේ මෙම යෝගය යෙදුණහොත් කිසිවෙකුට උදව් නොකරන ආත්මාර්ථකාමී අයෙකු වෙයි. දෙවැන්නේ යෙදීමෙන් හදිසි ධනය බලය ඉඩකඩම් ලැබෙන තත්ත්වයකට පත් කෙරේ. එමෙන්ම තුන්වැන්නේ යෙදීමෙන් සහෝදරාදීන්ගේ දියුණුවක් ඇතිකරන අතර, රජයේ නිලධාරින්ගේ සැලකිලිද ඇතිකරයි. හතරවැන්නේ යෙදීමෙන් බොහෝ හික්මීමෙන් යුතු අයෙකු වනු ඇත. පස්වැන්නේ යෙදීමෙන් අධ්‍යාපනය උසස් ලෙස ලැබීමට වාසනාව තිබුණත් එයින් ඵලක් නොගනී. හයවැන්නේ යෙදීමෙන් මානසික වශයෙන් අසහනයට පීඩාවට පත්වනු ඇත. හත්වැන්නේ යෙදීමෙන් විවාහ ජීවිතයේ බලාපොරොත්තු නොවූ පෙරළි ඇතිවනු ඇත. අටවැන්නේ යෙදීමෙන් දරුවන්ට යහපත් නොවන අතර බාලකාලයේ ආයුෂ හීනවීම වැනි බලවේග යෙදෙනු ඇත.

09 වැන්නට යහපත් වන අතර, දෙමව්පිය උරුමහිමිකම් ලැබීමට වාසනාවක් ඇතිවනු ඇත. දහවැන්නේ යෙදීමෙන් හික්මීම, ආගමික භක්තිය, ඇති කරයි. එකොළොස් වැන්නේ යෙදීමෙන් ධනය ලැබේ. එහෙත් චංචලය. 12 වැන්නේ යෙදීමෙන් ලෙඩදුක් ඇති අයෙකු වනු ඇත.

ඡ්‍යොතිෂවේදී

ගීතිකා සමරතුංග

0722144435

සටහන – ධම්මිකා රාජපක්ෂ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.