වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත...
2024-08-29 18:30:00
හතර කේන්දරේම පාළුයි මානෙල් කුමාරි මෙම ලිපිය ලියන මාගේ කේන්දරයේ එක ,හතර, හත, දහය යන ස්ථානවල ග්‍රහයෝ පිහිටා නොමැත. මේ තත්ත්වය හතර...
2024-08-29 18:30:00
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපට එදිනෙදා හමුවෙන අය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබාගත හැකිනම් ඔවුන් හා කටයුතු කිරීමට වඩාත් පහසු වෙයි. මේ සඳහා එක් එක් අය...
2024-08-29 18:30:00
මනුෂ්‍යයන් විසින් ගොඩනඟනු ලැබූ මුත් භූතයන් විසින් අරක් ගන්නා ලදුව මොන විදියකින්වත් කිසිවෙකුට සැනසිල්ලේ ජීවත් වන්නට ඉඩ නොදුන් අද්භූත මන්දිර ලොව පුරා...
2024-08-29 18:30:00
අගෝස්තු 24(පෞද්ගලික අංකය 6)24 දිනෙක උපත ලද ඔබ තැනට සුදුසු ලෙස කතා කරන්න දන්න, සාර්ථක යුග දිවියක් ගත කරන කෙනෙක්. ඉහළ නිළතල ආදියද ඔබව සොයා එන...
2024-08-22 18:30:00
තලගොබය කපා, කූර හැර “වඩිය” බැඳ නියමිත ඖෂධයොදා තම්බා පවනේ වියළා ගන්නා හැටි පසුගිය සතියේ දැන ගතිමු. දැන් කොළ ළා කහ පැහැයෙන් යුතුව අවුල් වූ පිදුරු...
2024-08-22 18:30:00
ලලනාවකගේ සුන්දර මුහුණත් ඇගේ ගතේ අලංකාරත්වත් නිතැතින්ම සිත ප්‍රබෝධමත් කරයි. පි‍්‍රයමනාප පැහැපත් ආකර්ෂණීය මුහුණක් හා සමක් ඇති ලලනාව අත්තෙන්ම...
2024-08-22 18:30:00
සුබ වැඩවලට සුබ නැකැත්හිසකෙස් කැපීමට සැප්තැම්බර් 06 වැනි සිකුරාදා පෙරවරු 06 පසුවී විනාඩි 41ට උතුරු දිශාව බලා ශුභයි.අස්විද, උත්‍රපල්, උත්‍රසල, හත, සුවණ...
2024-08-22 18:30:00
ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වැනි මාසය සම්පූර්ණවීමේ දී කුස තුළ සිටින දරු සිඟිත්තාගේ හදවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙන් මව සහ දරුවා අතර සම්බන්ධය හේතුකොට...
2024-08-22 18:30:00
කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන්ට තම දායකයන් විසින් පිරිනැමූ ජීප් රථයක් තිබුණද, බොහෝ දුර බැහැර ගමන් සඳහා උන්වහන්සේ වඩාත් ඇලුම් කළේ දුම්රියෙන් යෑමය....
2024-08-22 18:30:00
උපන් මාසය අනුව ඒ ඒ පුද්ගලයාට අදාළ මැණික පැලඳීමේ සිරිත 18 වැනි සියවස වන විට ඉතා ජනපි‍්‍රයව පැවතුණු බව පෙනෙයි. ඒ එක් එක් මාසයට යෝග්‍ය මැණික...
2024-08-22 18:30:00
මෙතෙක් කතාවප්රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත්...
2024-08-22 18:30:00
අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව...
2024-08-22 18:30:00
මෙවර රන් දෝලි පෙරහර 19 වැනිදා සවස 6.57ට උතුරු දිශාභිමුඛව පිටත් විය. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කළ පසු දියකැපීමේ පෙරහර එදිනම රාත්‍රී 12.24ට උතුරු...
2024-08-22 18:30:00
අගෝස්තු 17(පෞද්ගලික අංකය 8)පෞද්ගලික අංකය දෙවැනි පෙළින් 8 වීම නිසා ඔබේ ගති පැවතුම් අගෝස්තු 8 හා 26 යන දිනයන්ටත් දිගුවක්ව පවතිනවා. වක්‍ර ආකාරයට ඔබගේ...
2024-08-15 18:30:00
අපරාදේ කියන්න බෑ ඉන්දියාවේ මගුල් ගෙවල්වලත් අපේ මගුල් ගෙවල්වලත් වෙනසක් නෑ. අපේම සල්ලිවලින්ම කාලා-බීලා අපේ වෙඩින් එකේ අඩුපාඩු ආරාධිතයෝ තැන තැන...
2024-08-15 18:30:00