ඔබ උපන් මාසයට හා දවසට අනුව පැලඳිය යුතු මැණික්

අගෝස්තු 23, 2024

 

උපන් මාසය අනුව ඒ ඒ පුද්ගලයාට අදාළ මැණික පැලඳීමේ සිරිත 18 වැනි සියවස වන විට ඉතා ජනපි‍්‍රයව පැවතුණු බව පෙනෙයි. ඒ එක් එක් මාසයට යෝග්‍ය මැණික පැලඳවීම එම පුද්ගලයාගේ සෞභාග්‍යයට හේතුවේ යයි තදබල විශ්වාසයක් ලොව පුරා පැතිර පවතී.

ඇතැම් මාසවලට අදාළ මැණික කුමක්දැයි තීරණය කිරීමේ දී මේ මැණික්වලට අදාළ කරගත් පුරාණ වෘත්තාන්ත සහ කාලයක් තිස්සේ පැවැති විශ්වාසයක් ද ගොනු වී ඇත. නිදසුනක් ලෙස අඹතේස්ත මැණික් පෙබරවාරි මාසයට අදාළ මැණික පුරාතන බැකස් දෙවිඳුන් හා සැබැඳේ. දේව විශ්වාසයන් මැණික්වලට ආරෝපණය වී ඇති බව මින් පෙනෙයි.

නිල් සැෆයාර් සහ මුතු වර්ග දෙක ඖෂධ ගුණයෙන් අනූන යයිද එමෙන්ම විෂ නසන ඖෂධයක් ලෙස ද කලක් සලකන ලදී. පෙරිඩොට් සහ දියමන්ති පාපී බලපෑම්වලින් මිනිසා ආරක්ෂා කරතැයි කියයි. රතුකැටවල සුවිශේෂ වූ අග්නි දහරාවක් අන්තර්ගතව පවතින බව ද විශ්වාසයක් පැවතිණි. රතුකැට තුළ ඇති උණුසුම් රතු දීප්තිය එයට ඉවහල් වී ඇති බව පෙනෙයි. නූතනයේද මේ ජන්ම මාණික්‍ය පලඳින්නා හට ගුප්ත බලයක් ඇති බවත්, එමඟින් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බවත් කියැවෙයි.

උපන් මාසයට අනුව සුදුසු මැණිකත් ඒවායේ සංකේත අර්ථයත් සමඟ මෙලෙස දැක්විය හැකිය.

ජනවාරි මාසය - රබහ (Garnet) චපලබවින් තොරවීම සඳහා යොදා ගනී.

පෙබරවාරි මාසය - අමතේස්ත (Amethyst) නිර්ව්‍යාජත්වය සඳහා යොදා ගනී.

මාර්තු මාසය - බ්ලඩ් ස්ටෝන් දියතරිප්පු (Blood stone or Aquamarine)ධෛර්ය වැඩීම සඳහා

අප්‍රේ්ල් මාසය - දියමන්ති (Diamond) නිර්ද්‍රෝෂ භාවය සඳහා

මැයි මාසය - මරකත (Emerald) ආදරයේ සඵලතාවය සඳහා

ජූනි මාසය - මුතු /චන්ද්‍රකාන්ත හෝ පසිංගල් (Pearl, moon Stone or Alexandrite) සෞඛ්‍යය හා දීර්ඝායුෂ සඳහා

ජූලි මාසය - රතු කැට (Ruby) ආත්ම තෘප්තිය සඳහා

අගෝස්තු මාසය - සාඩොනික්ස් හෝ පෙරිඩොට් (Sardonyx or Peridot) වෙරළු කොළ, කහ කොළ මැණික් විශේෂයකි. විවාහ සතුට හෝ මිත්‍රත්වය සඳහා

සැප්තැම්බර් මාසය - නිල් කැට (Blue Sapphire) පැහැදිලි චින්තනය සඳහා

ඔක්තෝබර් මාසය - ඕපල් හෝ තෝරමල්ලි (Opel or Toarmaline) අපේක්ෂාව/ බලාපොරොත්තු සඳහා

නොවැම්බර් මාසය - පඩියත් (Topa)  විශ්වසනීයත්වය සඳහා

දෙසැම්බර් මාසය - නිල්මිණි, ජාෂූන්, හෝ ලාපිස් ලාකුලි (Turquoise Eircon or lapis laquli) සෞභාග්‍යය සඳහා

 

මීළඟට අපි සතියේ උපන්දිනයට සුදුසු මැණික කුමක්දැයි හඳුනාගනිමු. මෙහිදී පෙරදිග රටවල් හා අපරදිග රටවල් මේ සඳහා උපයෝගී කරගන්නා ඇතැම් මැණික් වර්ගවල සුළු වශයෙන් වෙනසක් දක්නට ඇත. එමෙන්ම බටහිර රටවල භාවිත වන තවත් ක්‍රමයක් ද ඇති බව පෙනෙයි. මේවා අපි පැහැදිලිව හඳුනා ගනිමු.

එහෙත් බටහිර රටවල භාවිතවන ක්‍රමයක් ද ඇත. එයද අපි හඳුනා ගනිමු.

ඉරිදා - දියමන්ති (Diamond)

සඳුදා - පුනක්කන් (Green / yellow moon stone)

අඟහරුවාදා - නිල් මැණික් (Blue sapphire)

බදාදා - රතු ආරනුල් (Red Star Sapphire)

බ්‍රහස්පතින්දා - කනක, වෛරෝඩි  (Chrysolery / cats eye)

සිකුරාදා - පසිංගල් (Alexamdrite )

සෙනසුරාදා - අයොලයිට් (Ayolite)

 

එසේම බොහෝ මැණික් වටිනා ඛණිජ වේ. පොළොවේ සෑදෙන නියත රසායනික සංයුතියක් ඇති අකාබනිකවේ. ඒවායේ වටිනාකම රඳා පවතිනුයේ එහි වර්ණය (Colour) පිරිසුදු බව (Clatity) විශේෂ ප්‍රකාශන ගුණ (Special Phenomena) කැපුම (Cut), කල්පැවැත්ම, (Durability) පිළිගැනීම, (Acceptability) විරලබව (Rarity) මතය

ඡ්‍යොතිෂ්‍ය අනුව ගත් කල ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිත කාලපරිච්ඡේදය තුළ මේ විශේෂ වූ කාලවකවානුවලට අදාළ මැණික් වර්ග භාවිතයෙන් ග්‍රහ අපල උපද්‍රවවලින් මිදීමට යම් අවකාශයක් සැලසේ යැයි දර්ශනවාදයේ උල්පතක් බඳු මහා භාරතයේ ගංගා, සින්දු වැනි මහා ගංගාවලින් පෝෂිත හිමාල අඩවියේ දේවදාර වනාන්තරවල සඳුන් රුක් සෙවණේ විසූ දියුණු මනසින් සැපැරිණු ඍෂිවරුන් පවසා ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.