වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
එය ශ්‍රී ලංකාවේ පිහිටි හද්දා පිටිසර ගම්මානයක් විය. දැනට අඩසියවසකට පමණ පෙර දිනක් මෙකී ගම්මානයට අද්භූත භීෂණයක් උදා වූයේ ය. එය පටන් ගත්තේ රාත්‍රී සුවසේ...
2024-10-24 18:30:00
ආයුර්වේද කීර්ති ශ්‍රී ප්රණාචාර්ය පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මැතිතුමාගේ එකසිය දාහත්වැනි ජන්ම දිනය ඔක්තෝබර් මස හත්වැනිදාට යෙදුණු අතර ගුණානුස්මරණය...
2024-10-17 18:30:00
පසුගිය ජූලි 13 වැනි සෙනසුරාදා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජන රැලියක් අමතමින් සිටියදී ස්නයිෆර්...
2024-10-17 18:30:00
ඔක්තෝබර් 18:(පෞද්ගලික අංකය 9) විමසා බැලීමකින් තොරව ඉදිරියට කඩාගෙන බිඳයන ඔබගේ උපන් දිනයේ අය බොහෝ දෙනකු නීති සහ විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍ය වැනි අංශවලින්...
2024-10-17 18:30:00
පසුගිය සතියේ කර්තෘට ලියූ ලියුමට පිළිතුරකුජ සිකුරු යෝගයවිවාහ ජීවිතය සහ ඡ්‍යොතිෂය අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයකි. එහිදී විවාහයට පෙර තරුණ තරුණියන්ගේ...
2024-10-17 18:30:00
වත්මන් දවස ලාංකේය ජනතාව අතර ජාති භේදයකින් තොරව අතිවිශාලම පිරිසක් ඉමහත් ගෞරවයෙන් පුද සත්කාර තබා අදහන අංක එකේම දේවතාවුන් වහන්සේ ලෙස සලකනු ලබන්නේ ශ්‍රී...
2024-10-17 18:30:00
සත්‍ය තොරතුරක් හෝ සිදුවීමක් පිළිගැනීම, විශ්වාස කිරීම හා අගය කිරීම සිදු වන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රකාශ කිරීමේ හැකියාව හා දැනීම මෙන්ම ඉදිරිපත් කිරීම අනුවයි...
2024-10-17 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 02 භාග වප් අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 08 භාග වප් අව අටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - තුලාකුජ – මිථුන...
2024-10-17 18:30:00
අලි ඇතුන්, වගවලසුන්ගෙන් ද, නයි පොළඟුන්, තඩි පිඹුරන්, විසකුරු සර්පයන්ගෙන් ද, හාවුන්, මුවන්, ඉත්තෑවන්, වල්ඌරන්, ගෝනුන්ගෙන් ද, කොටි ව්යාග්රාදී...
2024-10-17 18:30:00
ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වූ සනත් ජයසූරිය මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කුම්භ ලග්න කේන්ද්‍ර සටහනට අනුව, ඒ මහතාට ඒරාෂ්ටක කාලවකවානුවලදී ලැබුණ සුබ පල...
2024-10-17 18:30:00
වත්මන් සමාජයේ තරුණ අසහනයට බලපාන ප්‍රධානම හේතුව වනුයේ රැකියාවයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් නොලදහොත් ඊළඟ අපේක්ෂාව වනුයේද...
2024-10-17 18:30:00
දිනක් බුදු හිමියන් වෙත පැමිණි රාජ කුමාරයකු මෙසේ විමසීය.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ජීවිතය මහත් දුෂ්කරය. මේ සියලු දුක් ගැහැට තනිවම විඳ දරා ගැනීම...
2024-10-17 18:30:00
මෙතෙක් කතාවචිත්ර ශිල්පියෙකු හා ලේඛිකාවක වූ තරුණ අඹු සැමි යුවළක් තම සිතැඟිවලට මනාව ගැළපෙන ආකාරයේ සුන්දර නිවසක් ගම්බද පළාතකින් මිලට ගෙන එහි පදිංචිය...
2024-10-17 18:30:00
මාසය කුමක් වුණත් ඔබ ඉපදුණේ 1, 10, 19, 28 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 01 යි. ජන්ම අංක එකෙන් උපත ලබන අය රවි ග්‍රහයාගේ ශක්ති බලයට යටත්ව ක්...
2024-10-17 18:30:00
ග්‍රහ අපල දුරුවීමට කළයුතු වත්පිළිවෙත් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයෙහි පැහැදිලිව දක්වා ඇත. ආගමානුකූලව ජීවිතය ගත කිරීම, බෝධිපූජා, දේව පූජා සහ ග්‍රහ පූජාවන්...
2024-10-10 18:30:00
කුජ සිකුරු යෝගය පිළිබඳජනිත් - ගෝණදෙණිය,මහත්මියනි,ඉහත නම් සඳහන් මා මකර ලග්න හිමියෙක්. වරක් කේන්දර පරීක්ෂාවකදී මාගේ කේන්දරයේ කුජ - සිකුරු යෝගය...
2024-10-10 18:30:00