නැකැතට අරඹා නැකැතට නිම කළ දළදා පෙරහර

අගෝස්තු 23, 2024

මෙවර රන් දෝලි පෙරහර 19 වැනිදා සවස 6.57ට උතුරු දිශාභිමුඛව පිටත් විය. චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කළ පසු දියකැපීමේ පෙරහර එදිනම රාත්‍රී 12.24ට උතුරු දිශාභිමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර සහ සිව් දේවාලයන්හි පෙරහර සමඟ පිටත්ව ගෙඩිගේ රජමහා විහාරයට ගොස් සිරිත් ප්‍රකාර දළදා කරඬුව එහි තැන්පත් කොට, දේව පූජා පැවැත්වීමෙන් පසුව, ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය පවත්වන ලදී.

20 වැනි දින දහවල් 12.46ට උතුරු දිශාභිමුඛව ගණ දෙවි කෝවිලෙන් පිටත් වී මාලිගා චතුරශ්‍රය තෙවරක් පැදකුණු කර සවස 5.27ට උතුරු දිශාව බලා පෙරහර ගෙවැදීමෙන් අනතුරුව මෙවර මහ නුවර ඇසළ මංගල්‍යය නිමාවට පත්විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.