ඔබ ගැන කියන ඔබේ නමේ මුල් අකුර

අගෝස්තු 23, 2024

 

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. එහි ආරම්භක පියවර ලෙස ඒ පිළිබඳ හඳුන්වාදීමත්, ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුරෙන් සහ ර්‍ණ අකුරෙන් නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තරත් පසුගිය කලාපයෙන් සාකච්ඡා කරන ලදී. ඉංග්‍රීසි භාෂාවේ ඛ්, ච්, ඡ්, ජ් යන අක්ෂරයන්ගෙන් නම් පටන් ගන්නා අය පිළිබඳ විස්තර මේ ලිපියෙන් පැහැදිලි කිරීමට අදහස් කරමි.

පළමුවෙන්ම ඛ් අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කොයි ආකාරයෙන්ද යන්න සලකා බලමු. ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඛ් අකුරෙන් නම් ඔබ තුළ මෙවැනි ගති ලක්ෂණ බොහෝවිට පිහිටයි.

ඔබ ධනාත්මක සුබවාදී ආකල්පවලින් යුතු පුද්ගලයකු වෙයි. සෑම දෙයකම හොඳ පැත්ත දකියි. ඕනෑම දෙයක් යහපත් පැත්තට හරවා ගැනීමේ දක්ෂතාවය ද පවතී. කුමන කලබලකාරි අවස්ථාවක වුවද සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ හැකියාව පවතී. මේ අයට බොහොම පිරිසුදු හදවතක් ඇත. තමන් කරන දේ අවංකව කරයි. එමෙන්ම විවෘත අදහස්වලින්ද යුක්ත වෙයි. තමා ගේ අදහස කෙලින් ඉදිරිපත් කරයි. තම හැඟීම් පැහැදිලිව ඉදිරිපත් කිරීමට දක්ෂ වෙයි. තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හොඳීන් සොයාබලා නොපිරිහෙළා ඉටු කිරීමට කැප වෙයි. මේ අය නිතරම සැහැල්ලුවෙන් ජීවත් වීමට ප්‍රිය කරයි. හොඳ ඉදිරිපත් වීමේ හැකියාවක් ද මොවුන්ට ඇත. එමෙන්ම දුර දක්නා නුවණකින් යුතුව කටයුතු කරන මොවුන් කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි. එමෙන්ම නිතරම සැලසුමකට අනුව කටයුතු කරන ගතිය ද මොවුන් තුළ පවතී.

මොවුන්ගේ එක් දුර්වලතාවයක් වන්නේ එක සිතිවිල්ලක එක දිගට ක්‍රියාත්මක වීමේ නොහැකියාවයි. තම අදහස් විටින් විට වෙනස් කිරීමට පෙලඹෙයි. එමෙන්ම තමන්ගේ හැඟීම සහ මතය නිතරම නිවැරැදි යැයි සිතීම ද මොවුන්ගේ දුර්වලතාවයක් වෙයි. නම්‍යශීලී ගතිය වර්ධනය කරගැනීම ඉතා වැදගත් බව සිතන්න.

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ ච් අකුරෙන් නම් ඔබේ චරිත ස්වභාවය සහ ගතිගුණ ඒ අනුව සඳහන් කළ හැකිය.

තමන් නිවැරැදි යැයි සිතා බොහෝ විට කටයුතු කරයි. අන් අයව පාලනය කිරීමේ විශේෂ හැකියාවක් මොවුන්ට හිමිවෙයි. සෑම තැනකම මතු වී කැපී පෙනෙන ස්වභාවයෙන් යුක්තයි. ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට කැමැති වෙයි. අන් අයගේ ගෞරවය සහ පිළිගැනීම ඉහළින් අපේක්ෂා කරයි. යම් දෙයක් කිරීමේ දී එය කළ හැකි පහසුම සහ සුදුසුම ක්‍රමය මොවුන්ට නිරායාසයෙන්ම වැටහෙන ගතියක් පවතී. කිරීමට නොහැකි සෝබන වැඩවලට මොවුන් කැමැති නැත. ප්‍රයෝජනවත් ලෙස කාලය ගත කිරීමට කැමැතිය. ප්‍රායෝගික ගති පැවතුම් ඇත. ඕනෑම දෙයක් ඉතා හොඳීන් සැලසුම් කිරීමේ දක්ෂතාවයෙන් යුක්තයි. අධ්‍යාපන කටයුතුවලටද උනන්දුව ඇත. අලුත් දේවල් ඉගෙනීමට මෙන්ම යම් යම් දේ පිළිබඳ කුතුහලයෙන්ද යුක්ත වේ. මොවුන්ට වැඩක් පටන් ගත් විට එය කෙසේ හෝ අවසන් කිරීම එකම අභිප්‍රාය වේ. වැඩ කිරීමේදී එක දිගට කරනවා සේම නිකන් සිටීමට සිතුණ විට ද එසේ සිටීමට මොවුන් පෙලඹේ.

මොවුන් තුළ ඉතා හොඳ පිළිවෙළක් පවතී. තමන් සිතාගත් පරිදි ම සියලු කටයුතු සිදු විය යුතු යැයි ඔවුහු සිතති. එසේ වූ විට සතුටු වෙනවා සේම එසේ නොවූ විට පසුතැවිලි වෙති. කෑම බීම ඇඳුම් පැලඳුම් ගමනබිමන තුළද පිළිවෙළක් පවතී. පිරිසුදුකම සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දක්වයි. අපිරිසුදු අපිළිවෙළ සහගත තැන්වල ජීවත් වීමට සහ කටයුතු කිරීමට මොවුන් කිසිසේත්ම කැමැති නැත. සෑම අවස්ථාවකම ක්‍රමානුකූලව කටයුතු කරයි. ඒ ඒ අවස්ථාවේ දී කළ යුතු දේ කිරීම සිරිත වේ. ප්‍රමාදය හෝ පාඩු වීම පිළිබඳ පසුතැවිලි නොවෙයි. දුර දිග සිතා බලා තීන්දු තීරණ ගැනීම මොවුන්ගේ ස්වභාවයයි. උපක්‍රමශීලීව කටයුතු කරයි. මොවුන් බුද්ධිමත් පුද්ගලයන් ලෙස හැඳීන්විය හැකිය. තම අධ්‍යාත්මය කිලිටි කරගැනීමට කැමති නැත. පිරිසුදු හදවතින් යුක්ත වේ. සංවේදී සිතකින් යුතු මොවුහු සමාජය පිළිබඳ කරුණාවකින් කටයුතු කරති. තමන්ගේ මෙන්ම අන් අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සැලකිලිමත් වෙති. කාටවත් කරදරයක් නැතිව ජීවත් වීම මොවුන්ගේ අපේක්ෂාව වන අතර තමන්ට කරදර කරන අයට සුදුසු දඬුවමක් දීමට ද අමතක නොකරති. ආවේගශීලීව යම් යම් තීන්දු තීරණ ගත්තත් පසුව ඒවා හොඳීන් සිතා බලා වෙනස් කිරීමටද පසුබට නොවෙති. මොවුන් හැඟීම් සහ සිතිවිලි පාලනයෙහි ඉතා දක්ෂ වෙයි. කාගේවත් පාලනයකට යටත් වීමට අකමැති වුවත් තමන් විසින් ස්වයං පාලනයකින් යුක්තව කටයුතු කිරීමට වගබලා ගනී.

ජීවිතේ පුංචි තැනින් පටන් ගෙන ඉහළ තැනකට ගමන් කිරීම මොවුන්ගේ ස්වභාවයයි. කිසිම දෙයක් නැතුව ආරම්භ කරන මොවුහු හෙමින් සැරේ සාර්ථකත්වය කරා පියවරෙන් පියවර ගමන් කරති. ලේසියෙන් කිසිවකු විශ්වාස කරන්නේ නැත. සැබෑ මිතුරන් වෙනුවෙන් කළ යුතු සියලු දේ කිරීමට පසුබට නොවේ. සැබෑ මිතුරන් සහ මිතුරු වෙසින් සිටින්නන් පහසුවෙන් තේරුම් ගැනීමට මොවුන්ට හැකියාව ඇත. තම අවස්ථාව එනතුරු ඕනෑ තරම් කාලයක් ඉවසා දරා සිටීම මොවුන්ගේ සිරිතයි. හදිසි අවස්ථාවල ඉක්මන් කලබලකාරී ගතිය දුර්වලතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. ක්ෂණික කෝපය ද පාලනය කර ගැනීම හොඳයි. එහෙත් එය වැඩි වෙලා පවතින්නේ නැත. කිපුණු විට ඉතාම දරුණු වෙනවා සේම සන්සුන් වූ විට ශාන්තුවරයකු හා සමාන වේ. එම දුර්වලතා මඟහරවා ගැනීමට උනන්දු වන්න. තම සහජ හැකියාවන් සහ උත්සාහයත්, උනන්දුවත් මත මොවුන් ජීවිතයේ සාර්ථකත්වය කරා කෙසේ හෝ ගමන් කරයි.

ඔබේ නම පටන් ගන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඡ් අකුරෙන් නම් ඔබගේ චරිතය තුළ මෙවැනි ගති ලක්ෂණ පිහිටනු ඇත. මෙහිදී ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඔබගේ නම ඡ් අකුරෙන් පටන් ගන්නවා සේම එම නම ඔබ නිතර භාවිතා කරන නමක් විය යුතු බවයි. එසේ වූ විට පමණක් මෙම කාරණාවන් වැඩි වශයෙන්ම ඔබ සම්බන්ධව ක්‍රියාත්මක වෙයි.

ඔබගේ වයස කුමක් වුවත් වයසට සාපේක්ෂව ඔබ මේ වන විට ජීවිතේ බොහෝ අත්දැකීම් ප්‍රමාණයක් ලබා තිබිය හැකිය. ජීවිතයේ බොහෝ බැරෑරුම් අවස්ථාවන් වලට මුහුණ දෙන්නට ඔබට සිදුවෙයි. නමුත් සෑම අභියෝගයකටම නොබියව මුහුණ දීමේ ආත්ම ශක්තියක් ඔබ සතුව පවතී. එමෙන්ම ජීවිතේ අමාරු දුෂ්කර කාල වකවානු ඔබට ගෙවීමට සිදුවෙයි. නමුත් එම සෑම දුෂ්කර අවස්ථාවක දී වුණත් සතුටින් ඒ දේවල් වලට මුහුණ දෙන ඔබ තමාගේ අසීරුතාවය කිසිවිටෙකත් පිටට පෙන්නන්නට කැමති නැත. පිටතින් බලන්නකුට ඔබ බොහෝ සතුටින් ජීවත් වෙන පුද්ගලයකු සේ හැඟෙයි. සැබැවින්ම ඔබ බොහොම විනෝදයට සහ සතුටින් කාලය ගත කිරීමට ප්‍රිය පුද්ගලයෙක් වෙයි. කිසි දෙයක් ඕනෑවට වඩා ගණන් ගන්නේ නැත. නිතරම සැහැල්ලුවෙන් සිටීමට කැමති ඔබ තම නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ද කැමැත්තක් දක්වයි. ඔබේ ලෝකයේ නිර්මාණකරුවා වන්නේ ඔබමය. සෑම දෙයකම පිළිවෙලක් ඇතිව කටයුතු කරන ඔබ ලස්සනට අඳීන්නට පළඳීන්නට මෙන්ම අලංකාරයට ජීවත් වන්නට ප්‍රිය කරයි. ගෙදරදොර කටයුතු ද විධිමත්ව සංවිධානය කිරීමේ විශේෂ හැකියාවක් ඔබට ඇත. කාගෙන්වත් දොස් ඇසීමට ඔබ කිසිසේත් කැමති නොවන අතර එහිදී ඔබ බොහෝ කම්පාවට පත්වන අතර සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගෙන නැවතත් සාමාන්‍ය විදියට ජීවිතේට මුහුණදීම ස්වභාවය වෙයි.

මේ අය ජීවිතේ තරුණ වියට පත් වූ විට ප්‍රේම සබඳතා වල නම් අඩුවක් නැත. ජීවිතය තුළ ප්‍රේම සබඳතා කීපයකම අත්දැකීම් ලබන්නට මේ අයට සිදුවීම සාමාන්‍ය දෙයක් වෙයි. විනෝදයට මෙන් ප්‍රේම සබඳතා ඇතිකර ගැනීම සම්බන්ධව නම් මේ අය දෙවරක් සිතිය යුතු වෙයි. ආදරය කුමන පැත්තකට හැරුණ ද මොවුන් එය එතරම් ගණන් ගන්නේ නැත. විවාහය සම්බන්ධව ද මොවුන් වඩාත් කල්පනාකාරී විය යුත්තේ බොහෝ විට විවාහ දෙකක් සිදු වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන බැවිනි. කොහොම නමුත් විවාහ ජීවිතය තුල කල්පනාකාරීව බුද්ධිමත්ව තීරණ ගැනීම මෙන් ම ඉවසීමෙන් කටයුතු කිරීම ද ඉතා වැදගත් වෙයි. බොහෝවිට දෙවැනි විවාහයකට නොගියත් විවාහ ජීවිතය තුළ වෙනත් සබඳතා ඇති වීමේ ඉඩකඩක් දැකිය හැකිය. නමුත් කේන්ද්‍ර ග්‍රහ පිහිටීම් මත මේවා වෙනස් විය හැකි බව සලකන්න. කොහොම නමුත් මොවුන් ඉතා විශ්වාසනීය පුද්ගලයන් ලෙස ද සැලකිය හැකිය. කාටත් අසාධාරණයක් කිරීමට කැමති නැත. ස්වභාවයෙන්ම කඩිසර ගතියද මොවුන් තුළ පවතී. මොවුන් විවිධ හැකියාවන්ගෙන් හා දක්ෂතාවයන්ගෙන් සපිරුණ පුද්ගලයන් වෙයි. යම් දෙයක එක් පැත්තක් පමණක් බලා තීරණ ගන්නේ නැත. සමස්තය දැකීමේ හැකියාවෙන් යුක්තය. විවිධ දේ හැදෑරීමට උනන්දුව සහ ආසාව ඇත. අන් අයට අවශ්‍ය විට උදව් කිරීමට ද ඉදිරිපත් වෙයි. කාල කළමනාකරණය ගැන මොවුන් වඩාත් උනන්දු විය යුතුය. එමෙන්ම තම සිතිවිලි සහ හැඟීම් පාලනය කර ගැනීමෙහි ද දක්ෂ විය යුතුය. නොකල වැරදි වලට දොස් ඇසීමට සිදු විය හැකිය. තම විනය ගරුක බව සහ ආත්ම ගරුත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම වැදගත් වෙයි. කෙසේ නමුත් නොසැලෙන මනසකින් යුතු මොවුන් ජීවිතයේ සියලු අභියෝග ජයගෙන සාර්ථකත්වය කරා පියමන් කිරීමේ හැකියාවෙන් යුතු ය.

අනෙකුත් අකුරු පිළිබඳ පලාපල විස්තර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.