වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
රවි-බුධ කුම්භයට උසස් තනතුරුවලට බාධා
පංච මහා පුරුෂ යෝග අතරින් කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට සස යෝග බලය ද රවිචන්ද්‍ර සප්තකෝණ දෘෂ්ටිය, චන්ද්‍රගුරු චතුර්කෝණ දෘෂ්ටිය, චන්ද්‍ර, කුජ ෂඩ්කෝණ දෘෂ්ටිය චන්ද්‍ර සිකුරු සප්ත කෝණ දෘෂ්ටියෙන් ජව සම්පන්න වෙමින් ද 07 වැන්නේ නීචභංග රාජයෝගයෙන් ලග්න දොළසටම ආශිර්වාදයක් වෙමින් ද පෙබරවාරි 12 වැනි බුධ දින රාත්‍රී 9.56ට රවි කුම්භ රාශිගත වන්නේය.
ඒ වන විට පෙබරවාරි 11 වැනි කුජ දින දහවල් 12.54 ට ඥානකාරක බුධ ග්‍රහයා කුම්භ රාශියට සමව සංක්‍රමණය සිද්ධ වී පවතී.
පසුගිය ග්‍රහ යුද්ධයෙන් ඤාණකාරක බුධ චේෂ්ඨා අසීමිත බලයෙන් සහ පංචමහා පුරුෂ යෝග අතරින් ආත්ම සතරක පින්බලය විදහාපාන සසයෝග බලයෙන් අනූනව දැනුම අවබෝධය බුද්ධියට කාරක උදාරතම නව ගමන් මඟකට ප්‍රවේශ විය.
මේ ග්‍රහ සංක්‍රමණ දෙක අනුව ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි සටහනට අනුව වෙළෙඳ ව්‍යාපාර මහාපරිමාණ සංවර්ධන ක්‍රියාකාරකම් දෙස්විදෙස් ආශ්‍රිතව වේගවත් දියුණුවක් ගෙන දෙනු ඇත. අනපේක්ෂිත වූ ධනෝපායන ක්‍රමවේදයන් මතු කෙරෙයි. සමස්ත ජනතාව කෙරෙහි පාරිභෝගික භාණ්ඩ මිල සහනදායක තත්ත්වයකට පත්විය හැකිය. තැපැල්, පුවත්පත් ප්‍රචාරක මාධ්‍යය ආශ්‍රිතව විවිධ මූල්‍යමය ආකූල ව්‍යාකූල තත්ත්වයක් මතු වෙයි. කෘෂිකාර්මික මෙන්ම භූගත දේපළ සම්පත් වස්තුවලට හානි කර බවක් ඉදිරියෙහි බොහෝදුරට විද්‍යමාන කෙරෙයි. උසස් තනතුරු දරන්නන්ට බාධක මතු විය හැකිය.
විශේෂයෙන් අහිමිවූ රැකියා නැවත ලබාදීමක් ක්‍රියාත්මක වනු ඇත.
කලාකාමීත්වය දෙගුණ තෙගුණ වෙමින් සප්‍රාණික වෙයි. විදේශ ආධාර ගලා එනු ලබයි. මාර්තු 15 පමණ දක්වා කොටස් වෙළෙඳපොළ ආශි‍්‍රත සුවිශේෂී ලාභ අත්පත්කර ගනු ලබයි. කුඩා සහ මහා පාරිමාණ ගොඩනැඟිලි ආශ්‍රිත ජීවිත අවදානම් ඇති විය හැකිය. ආරක්ෂක අංශවල නිලධාරීන් ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කළ යුතු කාලයකි.
කෘෂිකාර්මාන්ත, සංවර්ධන ව්‍යාපෘති, විශේෂඥ ඥානය, නවබීජ, වාරිමාර්ග ඇලවේලි ආශ්‍රිතව නව දැක්මක් පහළ කරෙනුු ඇත. මුහුදු ආශි‍්‍රත කටයුතු අවම කිරීම නුවණට හුරුය. ගිනි ගැනීම්, ගිනිතැබීම් අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා හිස ඔසවන අභිරහස්, සතුරු, බලවේගයන් සක්‍රිය වෙන ග්‍රහචාරයන්ද පවතිනු ලබන බැව් දෘශ්‍යමාන වෙයි.