වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
වක්‍ර කුජ සහ බුධ මාරුවෙන් සුබ - අසුබ පල රැසක්
නීතිය සම්බන්ධ නව අණපනත්...
දරුවන්, ස්ත්‍රීන් සහ කලාකරුවන් පරෙස්සම් විය යුතු කාලයක්
කාලගුණ විපර්යාස රැසක්...
ජනවාරි 21 දා උදේ 10.12 ට ග්‍රහලොව සෙන්පති කුජ හෙවත් අඟහරු වක්‍ර ගමනින් කටකයේ සිට මිථුනයට පැමිණි අතර කුජගේ මෙකී ග්‍රහ චලිතයත් යුරේනස් , නැප්චූන් චලිතයත් පසුගිය දිනවල ලොව පුරා වසංගත තත්ත්ව , භූ කම්පන, ලැව් ගිනි ඇතුළු පාරිසරික විපර්යාස රැසකට බලපානු ලැබීය. අප රට තුළද වරින් වර සිදුවන දේශගුණික විපර්යාස, ගොවිතැන් හානිවීම්, විවිධ රෝග නිසා සිදුවන වගා හානි මෙන්ම වැසි නිසා සිදුවන විපත්වල බහුලතාවයට ද ඉහත ග්‍රහ පිහිටීම් බලපෑම් කරනු ලැබූ අතර එකී තත්ත්වය ඉදිරියටත් වර්ධනය වන බව කුජගේ මෙකී චලිතය පෙන්නුම් කරයි. ගොඩනැඟිලි, ඉඩකඩම්, වෙළඳපොළවල්, පතල් ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්ව උද්ගත වන අතර භූ චලන තත්වයකටද ඉඩකඩ පෙන්වයි. මහජනයා රැස්වන ස්ථානවල ගිනි විපත් යනාදියට යම් පසුබිමක් පෙන්වන නිසා මේ පිළිබඳව විශේෂයෙන් කල්පනාකාරී විය යුතුය. ප්‍රසිද්ධ කලාකරුවකු සම්බන්ධ විපත්ති මෙන්ම ස්ත්‍රීන් සහ දරුවන්ද ප්‍රවේශම් විය යුතු කාලයක් බව විශේෂයෙන් මතක් කළ යුතුවේ. විශ්ව විද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපන ආයතන පිළිබඳවද යම් අවධානයක් දිය යුතු බවද විශේෂයෙන් මතක් කළ යුතුවේ.
ජනවාරි 24 දා සවස 05.40 වන විට බුධ ග්‍රහයාද මකර රාශිගත වන අතර මේ වනවිට රවි ග්‍රහයාද මකර රාශියේ ගමන් කරමින් සිටියි. විදෙස්ගත සබඳතා වර්ධනය වීම මෙන්ම අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම් කෙරෙහි එකී ග්‍රහ රටාව යහපත් ප්‍රතිඵල අත්කරදෙන බව පෙන්නුම් කරයි. විදේශවලින් විවිධ උපකාර ලැබෙන කාලයක් වන අතර වාහන ආනයන කටයුතු සම්බන්ධ සුබදායී තත්ත්වයන් ද ඉදිරි සතිය තුළ ඇති කරයි.
නීතිය සම්බන්ධ නව අණපනත් සැකසෙන අතර ආරෝග්‍යශාලා මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලද යම්කිසි ප්‍රගතියක් අත්වන බව පෙනෙයි. මහජන නියෝජිතයන් අතර මතභේදාත්මක කාරණාවලට වාතාවරණයක් සැකසෙන අතර රට තුළ සොරකම්, රැවටිලි සහ බාලාපරාධ තත්ත්වයන්හි වර්ධනයක් ද පෙන්වන බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් බලධාරීන් විසින් යොමු කළ යුතුවේ. දුබල නීති බැහැර කරමින් නව නීති සකස් කෙරෙන අතරම ලියකියවිලි සම්බන්ධව සහ ක්‍රියා පිළිවෙත් සම්බන්ධව අතපසුවීම් ගැනද විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත.
පාරම්පරික වෛද්‍ය, ප්‍රවීණ ජ්‍යෝතිෂ, වාස්තු හා ගුප්තවිද්‍යා උපදේශක
රවිශංඛ සේනානායක