වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
අද බුධ මකරයට එයි
සිඟිත්තන් පරෙස්සම් කරගන්න
බිහිසුණු අනතුරු වළක්වා ගන්න
ජනවාරි 24 වැනි සිකුරාදා පස්වරු 05.40ට සෙනසුරු හිමි මකර රාශියට ඥානකාරක බුධ සංක්‍රමණය සිදු වෙයි.
කෘෂිකාර්මික, කාර්මික, කම්කරු ආදී සමස්ත පොදු ජනතාවට සහන රැසක්ම උත්පාදනය කෙරෙයි.
සිඟිති දරු දැරියනට දැඩි ආරක්ෂා රැකවරණ අවශ්‍ය වන යුගයකි.
නවතම තාක්ෂණ ජාලා, මාධ්‍යය ජාල 2025 - 2050 සමය තුළ අතිශය බිහිසුණු බවක් ගනු ලබයි. පොත්පත් ලිපිලේඛන ආශ්රිත වූ මුද්‍රිත මාධ්‍යය ජාලය වඩාත්ම පි‍්‍රයමනාප වන යුගයකි.
මාධ්‍යය ආයතන සහ සන්නිවේදන ආයතන වෙත ජනතාව සමීප වෙයි.
එසේම මිනිස් වර්ගයා කෙරෙන් දැනුම, අවබෝධය දුරස්ථ වීමෙන් හිස් පුද්ගලයන් බිහිවීමත්, අබිරහස් ත්‍රස්ත ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් දැකිය හැකි වනු ඇත.
මේ කාලපරාසය තුළ ජනිත වන දරු දැරියන් කීර්තිමත් උගත් වියතුන් බවට අනාගතයේදී පාත්රවෙයි.
ගුවන්, නාවුක සහ මහාමාර්ග ආශි‍්‍රතව විශාල අනතුරු, මංකොල්ලකෑම් සිදුවන අතර වංචා හෙළිදරව් වීමෙහි ප්‍රවණතාවක් පවතී.
ගොවිතැන් කටයුතු හානි වීමෙහි අවදානමක් ඇත. වාණිජ්‍ය මෙන්ම බැංකු සේවාවන්හි ව්‍යාකූල බවක් බොහෝ දුරට ඇතිවිය හැකිය.
භූගත සම්පත් හානි සුළු හා මහා පරිමාණ ලෙස ක්‍රියාත්මක වීමක් දෘශ්‍යමාන වෙයි. විවිධ කර්මාන්තවල අඩපණ වීමක් ඇති විය හැකිය.
ළමා, තරුණ සහ වැඩිහිටි පිරිස් අරබයා ව්‍යාකූලතා මතු කෙරෙයි. නිර්මාණශීලී කටයුතුවලට බාධා මතු වනු ඇත. දෙස් විදෙස් අන්තර්ජාතික සේවා කෙරෙහි යම් යම් බාධක එල්ල කෙරෙයි.