සතියේ පඤ්චාංගය

ජනවාරි 24, 2025

ශක වර්ෂ 1946ක් වූ මකර රවි 11 භාග දුරුතු අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 17 භාග නවම් පුර පෑළවිය ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - මකර

කුජ - මිථුන

බුධ - ධනු (24 දා සවස 05.40 මකර)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - කුම්භ (28 දා උදේ 07.03 මීන)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රසල ( 24දා අලුයම 04.45 සුවණ)

කුජ - පුනාවස

බුධ - උත්‍රසල

ගුරු - රෙහෙණ

ශුක්‍ර - පුවපුටුප

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

ජනවාරි 28 අඟහරුවාදා රාත්‍රි 07.33න් අමාවක ලබා 29 බදාදා සවස 06.04න් ගෙවේ. 29 බදාදා සිල්

චන්ද්‍ර චාරය

26දා උදේ 08.25 ධනු

28දා දහවල් 02.49 මකර

30දා සවස 06.34 කුම්භ

දිනූ තත්ත්වය

ජනවාරි 24 සිකුරාදා

මකර රවි 11 භාග දුරුතු අව දසවක තිථිය ලත් කිවිදින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.16. විසා නැකැත අලුයම 05.09න් ගෙවී අනුර නැකත ලබයි. දුරුතු අව දසවක තිථිය රාත්‍රී 07.22න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. ගණ්ඩ යෝගය අලුයම 05.07න් ගෙවී වෘද්ධි යෝගය ලබයි. වණිජකරණය උදේ 06.37න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 07.22න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - ගිනිකොන

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

 

ජනවාරි 25 සෙනසුරාදා

මකර රවි 12 භාග දුරුතු අව එකොළොස්වක ලත් ශනි දින. ඉර උදාව 06.29 ඉර බැසීම 06.17. අනුර නැකැත උදේ 07.08න් ගෙවී දෙට නැකැත ලබයි. දුරුතු අව එකොළොස්වක තිථිය රාත්‍රී 08.29න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. වෘද්ධි යෝගය අලුයම 05.09න් ගෙවී ධෘම යෝගය ලබයි. බවකරණය උදේ 08.04න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 08.29න් ගෙවී කෞලවරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග / යෝනි

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබදිසාව - උතුර

ජනවාරි 26 ඉරිදා

මකර රවි 13 භාග දුරුතු අව දොළොස්වක ලත් රවිදින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.17. දෙට නැකැත උදේ 08.25න් ගෙවී මුල නැකැත ලබයි. දුරුතු අව දොෆළාස්වක තිථිය රාත්‍රී 08.51න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. ධෘම යෝගය අලුයම 04.38න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.48න් ගෙවී තෛතිලකරණය රාත්‍රී 08.51න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - උතුර

යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

ජනවාරි 27 සඳුදා

මකර රවි 14 භාග දුරුතු අව තෙළෙස්වක ලත් සඳුදින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.17. මුල නැකැත උදේ 09.01න් ගෙවී පුවවසල නැකැත ලබයි. දුරුතු අව තෙළෙස්වක තිථිය රාත්‍රී 08.32න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය අලුයම 03.33න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. ගරජකරණය උදේ 08.49න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.32න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 28 අඟහරුවාදා

මකර රවි 15 භාග දුරුතු අව තුදුස්වක තිථිය ලත් කුජදින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.18. පුවසල නැකැත උදේ 08.58න් ගෙවී උත්‍රසල නැකැත ලබයි. දුරුතු අව තුදුස්වක තිථිය රාත්‍රී 07.33න් ගෙවී අමාවක තිථිය ලබයි. හර්ෂණ යෝගය අලුයම 01.56න් ගෙවී වජ්‍ර යෝගය ලබා එය රාත්‍රී 11.50න් ගෙවී සිද්ධි යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.10න් ගෙවී ශකුණකරණය ලබා එය රාත්‍රී 07.33න් ගෙවී චතුෂ්පාද කරණය ලබා පවතී.

විෂ කලාව - ලිංග/ යෝනි

අමෘත කලාව - පතුල

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 29 බදාදදා

මකර රවි 16 භාග දුරුතු අව අමාවක ලත් බුධ දින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.18. උත්‍රසල නැකැත උදේ 08.20න් ගෙවී සුවණ නැකැත ලබයි. දුරුතු අව අමාවක තිථිය සවස 06.04න් ගෙවී නවම් පුර පෑලවිය තිථිය ලබා පවතී. සිද්ධි යෝගය රාත්‍රී 09.20න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. චතුෂ්පාදකරණය උදේ 06.55න් ගෙවී නාගකරණය ලබා එය සවස 06.04න් ගෙවී කිංස්තුංගකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නිරිත

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

 

ජනවාරි 30 බ්‍රහස්පතින්දා

මකර රවි 17 භාග නවම් පුර පෑලවිය ලත් ගුරුදින. ඉර උදාව 06.29 ඉර බැසීම 06.18. සුවණ නැකැත උදේ 07.16න් ගෙවී දෙනට නැකැත ලබයි. නවම්පුර පෑලවිය තිථිය සවස 04.10න් ගෙවී පුර දියවක තිථිය ලබා පවතී. ව්‍යාතිපාත යෝගය සවස 06.32න් ගෙවී වාරියන් යෝගය ලබයි. කිංස්තුංග කරණය අලුයම 05.12න් ගෙවී බවකරණය ලබා එය සවස 04.10න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.