රවි-කුජ-බුධ-ශනි බලපෑමෙන් වටිනා මැණික් මතුවන කාලයක්

පෙබරවාරි 7, 2025

මූල්‍ය වංචා හෙළිවෙයි

කතුන්ට දරුවන්ට අපලයි

මේ වනවිට නැප්චූන් පරදා ජයගත් සිකුරු සමඟ රාහුගේ සංයෝගය මඟින් අදින් (පෙබරවාරි 07 න්) පසු ඉදිරි සති දෙක තුළ ඇස පිනවන ක්ෂේත්‍ර රැසක ඉදිරිගාමී ක්‍රියා රාශියක් දක්නට ලැබෙනු ඇත. රාහුගේ ව්‍යාප්ත කිරීමේ බලය සමඟ ලෞකිකත්වයට සුවිශේෂී තැනක් හිමිවන කාලයක් කලකට පසුව පැමිණ ඇත. විශේෂයෙන් මැණික් ක්ෂේත්‍රය සුවිශේෂ කොට දැක්විය හැකි අතර එකී කර්මාන්තයට යහපත් කලක් ඇතිවනු ඇත.

අප රට තුළ නවෝත්පාදන , කර්මාන්ත ක්ෂේත්‍ර ගැන අවධානය යෙදවීම ඉතාම වැදගත් වේ. ඒ සඳහා ප්‍රශස්ත ග්‍රහ රටාවක් ද ස්වාභාවිකවම සැකසුණු මේ කාලය තුළ රටේ ආදායම් ඉහළ නංවා ගැනීමට මේවා ඉවහල් වන බවද පැහැදිලි වෙයි.

වාහන ආනයනය සම්බන්ධව විශේෂ සිදුවීම් රැසක් දකින්නට ලැබෙනු ඇත. විවිධ අපහසුතා මැද ලෞකික දියුණුව උදෙසා ද තීරණ රැසක් ගැනීමට උච්ච සිකුරුගේ ගෝචරවීම වැදගත් වෙයි.

කෙසේ වෙතත් ජලය සම්බන්ධ විපත් ඇතිවීමේ අවදානම ඉදිරි සති කිහිපයක කාලයට ද වලංගු වන අතර සාගරයේ කැලඹීම් , සුළි කුණාටු , භූ චලන, නාවුක අනතුරු මෙන්ම වායුගෝලයේද අසාමාන්‍ය කැලඹිලි තත්ත්වයන් සහ වායු දූෂිත තත්ත්ව නිසා ලොව පුරා ගුවන් යානාවලට මෙන්ම ගුවන් ගමන් වලටද විවිධ බලපෑම් ඇතිවනු දැකිය හැකිය. නාය යෑම් සහ ගිනි කඳු සක්‍රීය වීම් ගැනත් අවධානය යෙදවීම සුදුසු බව ලෝකයත ඡ්‍යොතිෂය අනුව පෙනී යයි.

එමෙන්ම ලොව පුරා කාම අපරාධ පිළිබඳව ආන්දෝලනාත්මක පුවත් නිර්මාණය වන පසුබිමක් ඇති කරනු ඇත. විශේෂයෙන් තරුණ ස්ත්‍රීන් මෙන්ම කුඩා දරුවන්ව පරෙස්සම් කළ යුතු කාලයකි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේ ග්‍රහ ගෝචරය අනුව මහා පරිමාණ මූල්‍ය ඇතුළු වංචා රැසක් පිළිබඳව තොරතුරු හෙළිවීම සහ නීතිය ක්‍රියාත්මක වීමත් යන කාරණා මත රට පුරා විවිධ මතවාද සංවාද රැසක් ගොඩනැඟෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.