චීන ඡ්‍යොතිෂයෙන් 2025 වසර ඔබට

ජනවාරි 3, 2025

නූතන මානවයා තාක්ෂණය සමඟ බැඳී සිටියත් තවමත් රාශි චක්‍රය ගැන තියෙන විශ්වාස අඩුවී නැත. ආදී පාරම්පරික විශ්වාසයන් සමග බැඳී සිටින ඔවුහු යම් යම් උත්සව කටයුතුවලදී සුබ අසුබ වේලාවන් බලා කටයුතු කිරීමට අමතක නොකරති. ගැඹුරු සංස්කෘතියකට හිමිකම් කියන චීන ජාතිකයන්ගේ රාශි වසර දොළහක චක්‍රයක් මත ක්‍රියාත්මක වේ. ඔවුන්ටද අපට මෙන් රාශි දොළහක් ඇති නමුත් එම සංකේතඔවුන් හඳුන්වාදෙන්නේ සත්ත්ව රූප මඟිනි. මේ අනුව එක් එක් වර්ෂයට ආවේණික සත්ත්ව සංකේතයන්ඔවුන් විසින් නම් කර තිබේ. පුද්ගලයන්ගේ උත්පත්තියට හිමි ගුණාංගයන් එම සත්ත්ව රාශිය සමඟ බැඳී පවතින බව චීන ජනප්‍රවාදවල දැක්වේ.

ඒ අනුව 2025 වර්ෂය සඳහා අයත් වන සත්ත්වයා සර්පයා ය. චීන රාශි චක්‍රය අනුව සර්පයාට හිමිවන්නේ හය වන ස්ථානයයි. ඒ අනුව සර්පයාගේ වසර 2025 ජනවාරි 29 ආරම්භ වී 2026 පෙබරවාරි 16වනදායින් අවසන් වේ. සර්පයාගේ වසර අනෙක් රාශිවලට අයත් පුද්ගලයන්ට බලපාන ආකාරය මෙසේ දැක්වේ.

 

මීයා

 

ඔබ 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් චීන රාශි චක්‍රය අනුව ඔබට හිමි සත්ත්ව සංකේතය වන්නේ මීයා ය.

වෘත්තිය

මේ වර්ෂයේදී රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවේ. සැලකිය යුතු ජයග්‍රහණ සහ තම වෘත්තියේ වර්ධනයක් පෙන්නුම් කරන වසරකි. නව ගවේෂණවලට යොමුවන්නන්ට සුබයි. රැකියා ස්ථානයේ නායකත්වය වර්ධනය වේ. ඉහළ නිළධාරින්ගේ ගෞවරයට පාත්‍ර වේ.

ධනය

මුදල් සම්බන්ධ කටයුතුවලින් යම් සහනයක් ලැබේ. අනවශ්‍ය වියදමවලින් වැළකී මුල්‍ය කළමනාකරණය සැලැසමක් අනුව කිරීමෙන් ශක්තිමන් ආර්ථිකයක් ළඟා කර ගත හැකිය. ව්‍යාපාර ගනුදෙනු සාර්ථක වේ.

ආදරය හා විවාහ ජීවිතය

2025 වර්ෂයේ සර්පයාගේ බලපෑම හේතුවෙන් ආදර සබඳතාවලදී අනාගත සහකරුවන්ට වඩාත් ආකර්ෂණයවේ. විවාහ ජීවිතය තුළ අන්‍යෝන්‍ය සබඳතාව වැඩිකර ගන්න හිතට ගන්න. පවුලට වඩාත් සමීප විය යුතු වසරකි. සහකරුවාට සහකාරියට ගෞරවයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු වසරකි.

සෞඛ්‍යය

මේ වසර තම මානසික සුවතාවයට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ප්‍රමාණවත් විවේකයක් හා භාවනා ක්‍රම යෝග අභ්‍යාස පුහුණු කිරීම වැදගත්ය. එතුළින් සමබර සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවක් උදා වේ.

අංක 2,3 මෙන්ම 23, 32 ඇතුළත් ඕනෑම සංඛ්‍යාවක් මේ වසරේ ඔබට වාසනාව ගෙන දේ. ජයග්‍රාහී වර්ණ ලෙස නිල්, කොළ වර්ණ භාවිත කරන්න.

 

ගවයා

 

ඔබ 1925, 1937, 1949, 1973, 1985, 1997, 2009, 2021 වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශිය ගවයා වේ.

වෘත්තිය

ගව රාශිය හිමියන්ට රැකියා දියුණුව, කීර්තිය සහ ගෞරවය ලැබෙන වසරකි. සමාජයේ කැපී පෙනෙන වර්ෂයකි. විභාග ජය, වෘත්තීය උසස් වීම්, නව රැකියා ලැබෙන වසරකි. ස්ථාන මාරුවීම් ලැබීමට ද හැකිය. දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්ට යහපත් වසරකි. විදේශ රැකියාද හිමි විය හැකිය. මනා සිහියෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් ධනාත්මක වෙනසක් අත් වේ.

ධනය

ආදයම් මාර්ගවල වර්ධනයක් සිදු වේ. අපේක්ෂිත මූල්‍ය ලාභ හිමි වේ. නව ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමට සුදුසය. වාසි අත් වේ.

ආදරය හා විවාහ ජීවිතය

ආදර සම්බන්ධතාවලදී අභියෝගවලට මුහුණ දීමට සිදුවන වසරකි. පෙම්වතුන්ගේ හිත දිනා ගැනීමේදී ගැටලු මතු වේ. සහකරුවන්ගේ ආකර්ෂණය අවබෝධයෙන්, ප්‍රවේසමෙන් ලබාගත යුතුය. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වේ. පවුලේ සමඟියට එකිනෙකා අතර සුහදතාව වර්ධනය කරගත යුතුය.

සෞඛ්‍යය

සර්පයාගේ වර්ෂයේදී ඔබේ සෞඛ්‍ය තත්ත්ව හා යහපැවැත්ම පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතුය. යහපත් සමබර ජීවන රටාවකට හා ක්‍රීඩා කටයුතුවල නිරත වීම වඩාත් ගුණදායකය. වෙහෙසන තරමට විවේකය ගැනද සිතිය යුතුය.

ජයග්‍රාහී අංක ලෙස 1,4 ,14 ,41 භාවිත කරන්න. සුදු කහ සහ කොළ වර්ණයන් ඔබට වාසනාව උදා කරයි.

 

කොටියා

 

ඔබ 1926, 1938, 1950, 1962, 1974, 1986, 2010, 2022 යන වර්ෂවල ඔබ ජන්මය ලබා ඇත්නම් ඔබට හිමිවනුයේ, කොටියාගේ සංකේතයයි.

වෘත්තිය

රැකියාවේ වෙනස්වීම් මෙන්ම උසස්වීම්ද හිමිවන වසරකි. වෘත්තිමය ව්‍යාපාරිකයන් වෙනත් ව්‍යාපාර සඳහා හිත් යොමු කරන කාලයකි.

අභියෝගාත්මක වසරකි. නෛතික කටයුතුවලට ද මුහුණ දීමට විය හැකිය. සිත් පාලනයෙන් කටයුතු කිරීම යහපත්ය.

ධනය

නව ආදායම් මාර්ග ඇති වීමට ඉඩ ඇත. මුදල් ලාභ වැඩිවන වසරකි. රජයට සම්බන්ධ මූල්‍ය කටයුතුවලින් ජයග්‍රහණ අත්වේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නව කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් ආරම්භ කළ හැකිය. තාක්ෂණික අංශවලින් මුදල් ලාභ හිමිය.

ආදරය හා විවාහය

ප්‍රේම සබඳතාවලදී සහජ ආවේගශීලී බව සහ අනපේක්ෂිත බවක් ගෙනෙ. සබඳතාවලදී ගැටුම්වලට නොයන්න. තමන්ට සුදුසු සහකරුවකු සෙවිය යුතු වසරකි.

ආදර හැඟීම් යටපත් වන සම්බන්ධතාවලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය. විවාහකයින් නම්‍යශීලී වීමෙන් පවුලේ සමඟිය ආරක්ෂා වේ.

සෞඛ්‍යය

ස්වාභාවයෙන්ම ජව සම්පන්නය. අධිෂ්ඨානශීලී හා විඳ දරා ගැනීමේ ශක්තියෙන් යුතුය. ආතතිය පාලනය කිරීමට භාවනා හා යෝගී ව්‍යායාමවල යෙදීම යහපත්ය. කායික හා මානසික යහපැවැත්මට සඳහා නව ගවේෂණයන් කිරීමට යොමු වේ.

1,3,4 13 සහ 43 වැනි සංඛ්‍යා භාවිතය ඔබට වාසනාව ගෙන දේ. නිල්, අළු, තැඹිලි ඔබේ ජයග්‍රාහී වර්ණයන්ය.

 

හාවා

 

ඔබ 1927, 1939,1951, 1963, 1975, 1987, 1999, 2011, 2023 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ රාශිය හාවාය.

වෘත්තිය

වෘත්තීය ගෞරවය, ජයග්‍රහණ හා සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමිවන වසරකි. දේශපාලන ක්ෂේත්‍රයේ නියුතු අයට ඉතා සුබය. වෙහෙසී වැඩ කිරීමෙන් සාර්ථකත්වය වර්ධනය වේ. නව ව්‍යාපාර කටයුතු හෝ රැකියා අවස්ථා හිමි වේ. ඉදිකිරීම් කේෂ්ත්‍රෙය් නව රැකියා ලැබේ.

ධනය

විකිණුම් කේෂ්ත්‍රෙයන්, ව්‍යාපාරවලින් ලාභ අත් වේ. හදිසි ධන ලාභ ලැබේ. ඉතිරි කිරීමට උනන්දුවක් ඇති වන වසරකි. තම කුසලතා මඟින් ද මුදල් උපයා ගත හැකිය.

ආදරය හා විවාහ ජීවිතය

ස්වාභාවයෙන්ම ඔරොත්තු දෙන මනසක් ඇත්තෙකි. සහකරු හෝ සහකාරියගේ කැමැත්තට අනුව ක්‍රියා කරයි. ප්‍රේමය, ආදරය මුහුකරා යන වසරකි. සහකරුවා සතුටු කිරීමට කැප වේ. සහකරුගේ ආදරයද වැඩියෙන් ලැබේ. දරුපලවලට සුදුසු, සනෙහසින් ගෙවෙන වසරකි.

සෞඛ්‍ය

සෞඛ්‍ය තත්ත්වය යහපත් වන කාලයකි. මානසික සුවතාව ද ඉතා යහපත්ය. බරපතළ සෞඛ්‍ය ගැටලු නොමැත. අතිශයින්ම ප්‍රීතිමත් විවේකයක් ලබා දෙන කාලයකි.

අංක 3, 4, 6, 34, 46 ජයග්‍රාහී අංක ලෙස භාවිත කරන්න. රතු, රෝස, දම් හා නිල් ඔබට වාසනාව ගෙන දෙන වර්ණයන්ය.

 

මකරා

 

ඔබ 1928, 1940, 1952, 1964, 1976, 1978, 2000,2012, 2024 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් නව වසර ඔබට මෙසේය.

වෘත්තිය

වෘත්තීය හා ව්‍යාපාර සාමාන්‍ය වේ. රැකියා ස්ථානයෙන් ලාභ පෙන්නුම් කරයි. රැකියා ස්ථානයේ සමීප මිතුරන් අතර ගැටුම් ඇතිවිය හැකිය. ව්‍යාපාරිකයන්ට වාසිදායක වේ. රැකියා වෙනස්වීම් නිසා යම් හිත් තැවුල් ඇති වේ.

ධනය

පවුලේ ධනය වර්ධනයට ඉතා යහපත්ය. ව්‍යාපාරවල ප්‍රගතියක් ඇති වේ. කථිකයන්ට ආර්ථිකමය වාසි සැලසේ. විදේශ සමාගම් හා සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථා හිමිවේ. රජයේ රැකියා නියුතු අයට ආර්ථිකය යහපත්ය.

ආදරය හා විවාහ ජීවිතය

මිනිසුන්, ප්‍රේමවන්තයන් පහසුවෙන් ආකර්ෂණය වේ. සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ඉතා කැමතිය. ප්‍රේම සම්බන්ධතා සාර්ථක වනු ඇත. සහකරුවන් සහකාරියන් ලැබෙන වසරකි. විවාහක අයට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් හිමිවන වසරකි. දරු උපත්වලට සුබයි.‍

 

සෞඛ්‍ය

ශරීරික යෝග්‍යතාව වර්ධනය කරවන ක්‍රියාවලට යොමු වේ. සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් සෞඛ්‍ය යහපත් වේ. හොඳ සෞඛ්‍ය පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් වඩා ජවසම්පන්නව හා ප්‍රීතිමත්ව සිටීමට අවස්ථාව ලැබේ. දිනපතා ස්වභාවික ආහාර ගන්න.

1,6,7 යන සංඛ්‍යා භාවිතය වාසනාවන්ත වේ.රන්, රිදී, අළු, සුදු වර්ණ ඔබට ජයග්‍රහණ සලසා දේ.

 

සර්පයා

 

ඔබ 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013 යන වර්ෂවල ජන්ම ලාභියෙක් නම් හිමිවන සත්ත්වයා සර්පයාවේ.

වෘත්තිය

ව්‍යාපාර හා පෞද්ගලික අංශවල සේවයේ නියුතු අයට මධ්‍යස්ථ ප්‍රතිපල ලැබේ. රජයේ හා පෞද්ගලික අංශයේ සේවය කරන්නන්ට සේවා ස්ථානයේ ආතතිය ඇතිවිය හැකි අතර මිතුරු සබඳතා පළුදු විය හැකිය. තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවට බාධා ඇතිවේ. අභියෝවලට මුහුණ දීමට සිදුවේ. රැකියාවේ වෙනස්කම් ඇතිවිය හැකිය.

ධනය

වසරේ මුල සිටම මූල්‍ය කටයුතුවලට ප්‍රගතියක් ලබාගත හැකි අතර ඒ සඳහා අවස්ථාද ලැබේ. නව ව්‍යාපාරවලින් ලාභ ලැබේ. සන්නිවේදන අංශයේ අයට සුබයි. විදේශ සමාගම්වලට සම්බන්ධ වීමෙන් අමතර ආදායම් ලැබේ. ව්‍යාපාර වර්ධනය වේ. රජයේ රැකියාවල නියැළෙන්නන්ට නම් මුදල් ලාභ එමටය.

සෞඛ්‍ය

හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාම යහපත්ය. ශරීර සෞඛ්‍යයේ දී ශක්තිමත් හා බුද්ධිමත් අයුරින් කටයුතු කරයි. යහපත් සෞඛ්‍යය පුරුදුවල යෙදීම සුදුසුයි. විවේකයද ජීවිතයට එකතු කරගත යුතුවේ.

ආදරය හා විවාහ ජීවිතය

ප්‍රේමවන්තයන්ගේ ආදරය මුහුකුරා යන කාලයකි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ඉතා ඉහළින් ලැබෙන වසරකි. ආදරවන්තයන් අතර සබඳතා වර්ධනය වෙයි. බුද්ධිමත් බව සම්බන්ධතාව ශක්තිමත් කරයි. සාමකාමී විවාහ ජීවිතයක් ගත කරයි. පවුල වෙනුවෙන් කාලය කැප කරයි.

ජයග්‍රහී සංඛ්‍යා ලෙස 2,8,9,28,89 භාවිත කරන්න. කළු, රතු ඔබට සුබවාදී වර්ණයන්ය.

 

අශ්වයා

 

ඔබ 1930, 1942, 1954, 1966, 1978,1990, 2002, 2014 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශීය අශ්වයාවේ.

වෘත්තිය

තමා යෙදී සිටින වෘත්තිය පිළිබඳ කැපවීමක් තිබිය යුතුය. රැකියා ස්ථානයේ ශක්තිමත් සම්බන්ධතා වර්ධනය කරගත හැකිය. සහජයෙන්ම ඔබට හිමි සවන් දීමේ හැකියාව නිසා වෘත්තිය තුළ සුබවාදී පරිසරයක් නිර්මාණය කරගත හැකිය.

ධනය

අතිරේක ආදායම් මාර්ග ගලා එන කාලයකි. මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරගන්න. නීතිමය කටයුතුවලින් අනපේක්ෂිත ලාභ ලැබේ.

ආදරය හා විවාහ ජීවිතය

ආදරය හා විවාහය සමබරව පවත්වාගෙන යයි. ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට පෙර හොඳීන් සොයා බලන්න. තමාගේ අරමුණු හා අභිලාෂයන්වලට ප්‍රමුඛත්වයක් දිය යුතුයි. කටයුතු සැලසුම් සහගතව නම්‍යශීලීව ඉටු කිරීමටත්, පවුල් ජීවිතය සමගියෙන් ගත කිරීමටත් අන්‍යෝන්‍ය අවබෝධය වැදගත්ය.

සෞඛ්‍යය

සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වන්න.අශ්වයා ලකුණ හිමි ඔබ බොහෝවිට ඔබේ ආහාර පුරුදු හා ඔබේ ශරීර සෞඛ්‍ය නොසලකා හරියි. එනිසා මේ වසරේ හැකි තරම් පෝෂ්‍යදයි ආහාර ගැනීම, නිතිපතා ව්‍යායාම්වල නිරත වීම යහපත්ය.

ජයග්‍රාහී සංඛ්‍යා ලෙස 2,3,7 මෙන්ම 23,37 භාවිත කරන්න. කහ සහ කොළ ඔබට හිතකර වර්ණ වේ.

 

බැටළුවා

 

ඔබ 1931, 1943, 1955, 1967 1979,1991,2003, 2015යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශීය බැටළුවාවේ.

වෘත්තිය

රැකියා කටයුතුවලට සමස්තයක් ලෙස සුබය. මැයි, ජූනි මාසවලදී තම වෘත්තියේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකිවේ. නොපසුබට උත්සාහයෙන් කටයුතුවල නිරත වන්න. ඔබේ හැකියා, නව අදහස් රැකියාව තුළ වර්ධනය වේ.

ධනය

මූල්‍ය කටයුතු මැනවින් කළමනාකරණය කරගත හැකිවේ. ජූලි හා අගෝස්තු මාසවල මූල්‍ය ගනුදෙනුවලදී ප්‍රවේසම් වන්න. ලාභදායි ව්‍යාපාර උදෙසා යොමු වීම යෝග්‍ය වේ.

ආදරය හා විවාහ ජීවිතය

ආදරය පිළිබඳ ගැඹුරු බැඳීමක් ඇති බැටළු සත්ත්ව රාශිය හිමි ඔබට මේ වසරේ ඉවසීම මත සම්බන්ධතා පවත්වාගත හැකිය. දරුපල අපේක්ෂිතයන්ට සුබ කාලයකි. සහකරු හෝ සහකාරිය සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න.

සෞඛ්‍යය

ඕනෑම දේකට ඔරොත්තු දීමේ මානසික ශක්තියක් හිමි ඔබට ධනාත්මක චින්තනය වර්ධනය කරගත හැකිය. තම අභ්‍යන්තර සාමය පවත්වාගෙන යන්න. සංගීතය වැනි කලාත්මක කටයුතුවල නිරතවීමෙන් මානසික සංවර්ධනයක් ඇතිකරගත හැකිය.

2,7,27,72 සංඛ්‍යා ඔබට වාසනාව ගෙන දේ. දුඹුරු රතු සහ දම් ඔබේ ජයග්‍රාහී වර්ණයන්ය.

 

වඳුරා

 

ඔබ 1932, 1944 , 1956, 1968, 1980, 1992,2004, 2016 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශි චක්‍රය වඳුරාවේ. වෘත්තිය

ඔබේ වෘත්තීය ජීවිතයට මේ වසර තුළ යම් යම් බාධා මතු විය හැකිය. එහෙත් සහයෝගීතාවෙන් වැඩ කිරීම මත ඔබේ සැබෑ හැකියාවන් ඉස්මතු කරන රැකියා අවස්ථා හිමි වේ.

ධනය

ධනය සම්බන්ධ කටයුතුවලට යහපත් වේ. බුද්ධිමත්ව මුදල් කළමනාකරණය කර ගැනීම වැදගත්ය. අනාගතය සදහා මුදල් සුරක්ෂිත කිරීම සුදුසු වසරකි. මුදල් කළමනාකරණය කර ගැනීම තුළින් අනවශ්‍ය වියදම් මගහැරේ.

ආදරය හා විවාහ ජීවිතය

නොසන්සුන් මනසකින් හෙබි මොවුන් ප්‍රේම සබඳතාවලදී බොහෝ දුරට ගැටුම් ඇති කර ගනී. විවෘතව අදහස් බෙදා ගැනීමෙන් පෙම්වතුන් අතර ආදර සබඳතා වර්ධනය වේ. විශ්වාසය මත සමගිය පවුල් පරිසරය සාමකාමී වේ.

සෞඛ්‍යය

ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමට නිතිපතා ව්‍යායාම්වල නිරත වන්න. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගන්න. නිතර ජලය පානය කිරීමට අමතක නොකරන්න. 4,9 ජයග්‍රාහී සංඛ්‍යා ලෙස භාවිත කරන්න. සුදු නිල් හා රන්වන් පාට ඔබට වාසනාව ගෙනේ.

 

කුකුළා

 

ඔබ 1933, 1945, 1957 1969, 1981, 1993, 2005, 2017,2024 යන වර්ෂවල ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශී චක්‍රය කුකුළා වේ.

වෘත්තිය

ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට ඉතාමත් සුබ වසරකි. රැකියා වෙනස්වීම් සහ නව තනතුරු ලැබීම නිසා රැකියාවේ දියුණුව, ප්‍රීතිය නිර්මාණය වේ.

ධනය

ආර්ථික කටයුතුවලට ඉතා යහපත්ය. ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීමට අවස්ථාව සැලසේ. ගෙදරදොර කටයුතුවලට මුදල් වියදම් වේ. ඉදිකිරීම් කටයුතුවල නිරත වූවන්ගේ ආර්ථික කටයුතු ඉහළ යයි.

ආදරය හා විවාහ ජීවිතය

මේ වසරේ ආදර සබඳතාවලට අභියෝග ඇතිවිය හැකිය. ඒවාට ධනාත්මකව මුහුණ දීමෙන් බාධා මඟ හැරී යයි. අවංක භාවයෙන් තම සහකරුවන් සමඟ කටයුතු කරන්න. විවාහ අපේක්ෂිතයන්ට විවාහ යෝජනා ලැබෙන කාලයකි.

සෞඛ්‍යය

කායික සෞඛ්‍යය කෙරෙහි වැඩිපුර අවධානයක් යොමු කළ යුතු වසරකි. ක්‍රීඩාවල, යෝග අභ්‍යාසවල නිරත වන්න. සමබර ආහාර වේලක් ලබා ගන්න. කෘත්‍රීම ආහාර ගැනීමෙන් වළකින්න

5,7,8 ජයග්‍රාහී සංඛ්‍යා ලෙස භාවිත කරන්න. රන්වන් දුඹුරු කහ වර්ණයන් ඔබට වාසනාව ගෙන දේ.

සුනඛයා

ඔබ 1934, 1946, 1958, 1982, 1994, 2006, 2018 වර්ෂ තුළ ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශීය සුනඛයා වේ.

වෘත්තිය

මිශ්‍ර ප්‍රතිඵල අත්වේ. ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ලැබේ. වෙහෙස මහන්සි වී රැකියාවේ නිරත වන කාර්යබහුල බවක් ඇතිවේ. වෘත්තිය තුළ නව අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවේ.

ධනය

ආර්ථිකය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය වේ. ආදායම් මාර්ගය වැඩිකර ගැනීමේ අවස්ථා බහුල වේ. තව ව්‍යාපාරවලින් කිරීම වාසිදායක වේ. අමතර මූල්‍ය ලාභ හිමිවේ.

ආදරය සහ විවාහ ජීවිතය

පෙම් සබඳතාවලට යම් අභියෝගාත්මක කාලයකි. ගෘහ ජීවිතය තෘප්තිමත්ය. දරුඵල සරු වේ. විවාහ ජීවිතයේදී වචන භාවිතය පිළිබඳ සැලකිලිමත් වන්න.

සෞඛ්‍යය

මානසික සෞඛ්‍යයට යම් බලපෑමක් එල්ල විය හැකිය. ඇසුරු කරන්නන්ගේ සෘණාත්මක බලපෑම් මත ඔබේ මානසික සෞඛ්‍ය දුර්වල විය හැකිය. ධනාත්මක චින්තනය වර්ධනය වන ක්‍රම සහ භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න. විවේක කාලය තුළ විනෝදාංශවලට අවධානය යොමු කරන්න.

3,4,9, 34, 49 වාසිදායක අංක ලෙස භාවිත කරන්න. රතු,කොළ, දම් ඔබට සුදුසු වර්ණයන්ය.

 

ඌරා

 

ඔබ 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007 , 2019 යන වර්ෂ තුළ ජන්මය ලබා ඇත්නම් ඔබේ චීන රාශී චක්‍රය ඌරා වේ.

වෘත්තීය

වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන ප්‍රගතියක් සහ සාර්ථකත්වයක් හිමිවේ. ඒ සඳහා රැකියා ස්ථානයේ සුහදතාවය වර්ධනය කරගත යුතුය. බාහිර පුද්ගලයන් සමඟ ගැටුම්වලට නොයන්න. උසස් නිලධාරීන්ගේ ඇගැයීමට පත්වේ. ඔබේ වෘත්තීය අපේක්ෂාවන් තවදුරටත් ශක්තිමත් වෙයි. ව්‍යාපාරිකයන්ට යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.

ධනය

වසර පුරා ආර්ථිකමය වශයෙන් යම් පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ. ඒ නිසා වසර ආරම්භයේදී යම් මුදලක් ඉතිරි කර ගැනීමට යොමුවීම වැදගත්ය. විශාල ආයෝජනවලින් වැළකී සිටීම නුවණට හුරුය. හවුල් ව්‍යාපාරවලට නොයන්න. සුපරික්ෂාකාරී ලෙස මුදල් කළමනාකරණය කරගන්න.

ආදරය හා විවාහ ජීවිතය

හොඳ හිත පවත්වාගෙන යාම යහපත් ආදර සම්බන්ධතා වර්ධනයට හේතුවේ. සහකරු හෝ සහකාරිය අතර සම්බන්ධතා වර්ධනය කරගන්න. වෙනදාට වඩා පවුලේ සාමාජිකයන් අතර සුහදතාවය වැඩි කරගන්න.

සෞඛ්‍යය

තම අරමුණු හඹා යෑමේදී වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් යම් යම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකිය. ඒ නිසා සමබල ආහාර වේලක් නිතිපතා එකතු කරගන්න. ප්‍රමාණවත් පරිදි නින්දක් ලබා ගැනීම වැදගත්ය. නිතිපතා ව්‍යායාම් සහ ක්‍රීඩාවල නිරත වීමෙන් ඔබේ කායික යහ පැවැත්ම පවත්වා ගත හැකිය. අංක 2,5,8 ,25,58

ජයග්‍රාහී අංක ලෙස භාවිත කරන්න. කහ, අළු, දුඹුරු, රන්වන් වර්ණයන් නිතර භාවිත කරන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.